පෙර­හර අතරේ පත්තු වූ නුවර හොර අවි ගබ­ඩාව කාගේද? | සිළුමිණ

පෙර­හර අතරේ පත්තු වූ නුවර හොර අවි ගබ­ඩාව කාගේද?

මෙරට දෙවන අග නග­රය ලෙසින් කිය­වෙන මහ­නු­වර දව­සින් දවස වැඩි වන ජන­ග­හ­න­යක් ඇති නග­ර­යකි. එනි­සාම නග­රය බොහෝ ජාවා­ර­ම්වල ගොදු­රක් බවට මෑතක සිට පත්වෙ­මින් තිබේ. නග­රය තුළ ඉවක් බවක් නොමැ­තිව සිදු කරන මත්ද්‍රව්‍ය ජාවා­රම නග­ර­යම විනාශ මුඛ­යට ඇද දම­මින් සිටී.

මෙහි පෙනෙන ජාවා­ර­ම්ක­රු­වන් සිටින්නේ කිහිප දෙනෙකි. අනෙක් ජාවා­ර­ම්ක­රු­වන් සිය­ල්ලන්ම සුදු පිරු­වට හැඳ­ගත්, එහෙත් ඇතු­ළත කුණු ජරා­වෙන්ම පිරුණු මුද­ලා­ලි­ලාය. ඔවුන් හරි­යට සමා­ජ­යට හඳු­නා­ගැ­නී­මට බොහෝ කලක් ගත වේ. ඇතැම් විට ඔවුන් හඳුනා ගන්නා විට බොහෝ කලක් ගතවී හමාර ය. මහ­නු­වර බහි­රව කන්ද ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගිය රහ­සි­ගත අවි ගබ­ඩාව පොලි­සි­යට හසු වන්නේ එවැනි පසු­බි­මක ය.

ඇත්ත­ටම පොලි­සිය මෙම ස්ථාන­යට යන්නේ අවි ගබ­ඩා­වක් ගැන කිසි­වක් දැන නොවේ. එහෙත් කුමන හෝ මහා පරි­මාණ ජාවා­ර­මක් මෙම ස්ථානයේ සිදු වන බවට නම් ඔවුන්ට සිය­යට සිය­යක් නොව සිය­යට දෙසි­යක්ම තේරුම් ගොස් තිබිණි. මහ­නු­වර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එන්.එම්. සිසිර කුමාර මෙහි වැට­ලීම භාර කළේ මහ­නු­වර කොට්ඨාස දූෂණ මර්දන ඒක­ක­ටය. ඒ එය මත්ද්‍රව්‍ය වැට­ලී­මක් නිසාය. බුද්ධි අංශ ඇතුළු අංශ ගණ­නා­ව­කින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට මෙහි සිදු වන මත්ද්‍රව්‍ය ජාවා­රම් පිළි­බඳ තොර­තුරු රැසක් ඒ වන විට ලැබී තිබිණි.

වැට­ලීම

දිනය ජූලි 20 දා ය. ඇසළ පෙර­හර සමය නිසා මහ­නු­වර තර­මක් ජනා­කීර්ණ ය. අව­සන් කුඹල් පෙර­හර නිසා පෙර­හර මාර්ග වසා දැමි­මට තවත් ඉති­රිව තිබුණේ මිනිත්තු කිහි­ප­යකි. යොදා ගත් සැලැ­සුම අනුව මහ­නු­වර කොට්ඨාස දුෂණ මර්දන ඒක­කයේ නිල­ධා­රීහු මිනිත්තු දෙක තුනක් ඇතු­ළත බහි­රව කන්ද පිහිටි අදාළ නිවස අස­ලට ගමන් කළහ. ඒ සාමාන්‍ය පෙර­හර රාජ­කාරි කරන්නා වු පොලිස් නිල­ධා­රින් පරි­ද්දෙනි. ඔවුහු නිවස වට­කොට සීරු­වෙන් උන්හ.

නිවස තුළට මුලින් ම ඇතුළු වන්නේ මත්ද්‍රව්‍ය පිළි­බද විශේෂ පුහු­ණුව ලත් නිල සුනඛ "ලියෝ" (1296) ය. ඒත් සම­ඟම දහ­යක

පහ­ළො­වක පමණ පොලිස් නිල­ධා­රීන් පිරි­සක් එක් වරම නිව­සට කඩා පැන්නහ. නිවස තුළ කොණ්ඩා ,රැවුල් වවා­ගත් හැඩි දැඩි තරු­ණ­යන් හත් අට දෙනෙ­කුම එහි රැඳී සිටිනු පෙනිණි.

මහ­නු­වර ප්‍රදේ­ශයේ ප්‍රකට ව්‍යාපා­රි­ක­යකු ලෙසින් පෙනී සිටින පුද්ග­ල­ය­කුගේ නිව­සක් වන මෙය ඇතැම් පොලිස් නිල­ධා­රීන්ද හොඳින්ම දන්නා කියන තැනකි.

සමා­ජයේ ප්‍රකට ව්‍යාපා­රි­ක­යකු ලෙසින් පෙනී සිටින මොහු එය­ටත් වඩා ප්‍රකට වන්නේ පොලී මුද­ලාලි කෙනෙකු ලෙස ය. එනි­සාම කලක සිට ඉහළ පොලිස් නිල­ධා­රී­හුද පහළ මට්ටමේ බොහෝ නිල­ධා­රී­හුද තරා­ති­ර­මක් නැතිව නිර­න්ත­රව ඔහුගේ ඇසුරේ සිටි­යහ. එනි­සාම පොලි­සි­යට ද මෙම නිවස ආග­න්තුක තැනක් නොවිණි. පොලී මුද­ලා­ලිට ද පොලී­සිය ආග­න්තුක නැත. එබැ­වින් ඔහුගේ ගෝල බාල­යන්ට ද පොලි­සිය මිතු­රුම විය.

නිව­සට පොලි­සිය කඩා පනන විට ද ගෝලයෝ කිසිදු සැක­යක් නොසි­තූහ. ඔවුන් සිතුවේ පෙර­හර නිසා මුද­ලා­ලිගේ හිත­වත් පොලිස් නිල­ධා­රීන් පිරි­සක් එන්නට ඇතැයි කියාය. ඔවුන්ට එය වැරැදී තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති, නියොජ්‍ය පොලි­ස්පති කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා පම­ණක් නොව, කොට්ඨාස දූෂණ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු බොහෝ නිල­ධා­රීන් මහ­නු­ව­රට අලුත් මුහු­ණුය.

මෙහිදී ලියෝ අබ­මල් රේණු­වක හෝ අනු­ක­ම්පා­වක් නොමැ­තිව එහි සිටි තරුණ පිරිස් වෙත කඩා පනින විට ඔවුන්ට දෙලොව රත් වන්නට විය. ඒ අත­ර­තුර ගංජා පැකට් කිහි­ප­යක් සොයා­ගත් ලියෝ ගංජා මෙන්ම මත්ද්‍රව්‍ය හුළං පොදක හෝ දැවටී ඇත්නම් පොලී­සි­යට එය පෙන්විය. පොලී­සිය මෙයට වඩා තොර­තු­රක් අපේ­කෂා කළ ද එ් වන විටත් ලැබී තිබුණේ ගංජා පැකට් හත­රක් පමණි. එහෙත් ඔවුහු වැට­ලීම අත් නොහැ­රි­යහ. පොලී මුද­ලා­ලිගේ ඥාති පුත්‍ර­යකු ඒ මොහොතේ දී පලා යෑමට උත්සාහ කිරී­මත් සමඟ පොලි­සිය ඔහු ක්ෂණි­කව අත්අ­ඩං­ගු­වට ගත්තේය. එහිදී ඔහුගේ පිටු­පස ගසා­ගෙන සිටි පිස්තෝ­ල­යක් පොලි­සි­යට හසු­විය.

ඔහු ඇතුළු එහි සිටි අනෙක් තරු­ණ­යන් සියලු දෙනා අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් නිල­ධා­රීහු මහ­නු­වර කොට්ඨාස දූෂණ මර්දන ඒක­කයේ ඉහළ නිල­ධා­රීන් දැනු­වත් කැර පොලිස් විශේෂ කාර්ය බළ­කාය මෙන්ම මහ­නු­වර පොලිස් අප­රාධ විම­ර්ශන අංශය ඇතුළු අංශ කිහි­ප­ය­කම නිල­ධා­රීහු එහි කැඳ­වනු ලැබූහ.

ආයුධ ගබ­ඩාව

මේ වන විටත් තරු­ණ­යන් හත් දෙනෙකු පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. මහ­නු­වර, බහි­ර­ව­කන්ද, වැලි­කන්ද, මඩො­ල්කැලේ, වෑබඩ, පොල්ග­හ­මුල ආදී ප්‍රදේශ වල පදිංචි එම හැඩි දැඩි තරු­ණයෝ වයස අවු­රුදු 23-ත් 26ත් අතර පසු­වන්නෝ වූහ. විශේෂ කාර්ය බළ­කාය ඇතුළු අනෙ­කුත් පොලිස් නිල­ධා­රීන් මෙම වැට­ලී­මට එක්වී­මත් සමග අදාළ නිවස හා ඒ අවට ප්‍රදේ­ශය දැඩි පරී­ක්ෂා­වට ලක් විය. එහි දි නිල­ධා­රීන්ගේ දැඩි අව­ධා­න­යට ලක් වූයේ මෙම සුවි­සල් නිව­ස­ටම එක් කර තනා තිබූ ලැගුම් හල­කට සමාන කාමර කිහි­ප­යක් වෙත­ටය.

එහි වහල හා කාමර බෙදා තිබු ආකා­රය හරි අපුරු ය. එනිසා එහි බොහෝ දෑ පහ­සු­වෙන් මෙන්ම රහ­සි­ග­තව සඟවා තැබිය හැකි බැව් නිල­ධා­රීන්ට ද අව­බෝධ විය. ඔවුහු අස්සක් මුල්ලක නෑර පරීක්ෂා කළහ. පොලි­සි­යත් විම­ති­යට පත්ක­ර­මින් මතු­ව­න්නට වූයේ ආයුධ තොග­යකි.

එය හරි­ය­ටම ත්‍රස්ත­වාදී සම­යක ආයුධ ගබ­ඩා­වක් වැට­ලු­වක් මෙනි. මුලින් සොයා ගත්තේ පිස්තෝ­ල­යකි. ඊට යොදා ගන්නා ජීව උණ්ඩ 17 ක් අත්අ­ඩං­ගු­වට පත් විය . අන­තු­රව ඇම­රි­කාවේ නිෂ්පා­දිත ස්වයං­ක්‍රීය රිපී­ට­ර­යක්, එහි උණ්ඩ 10 ක්, රිවෝ­ල්ව­ර­යක් එහි උණ්ඩ 06 ක්, මැග­සින් 03 ක්, තවත් උණ්ඩ 08 ක් හිස් කොපු 06 ක් මෙන්ම කඩු 06 ක් , මුගුරු 03 ක්, අත් මාංචු­වක්, වාහන අංක තහඩු 06 ක්, මෙන්ම අධි ධාරිතා යතුර පැදි දෙකක්ද මෙහිදී සොයා ගැනිණි. ඒවාය් අංක තහඩු තිබුණේ නැත. සොයා ගැනුණු ආයුධ අතු­රින් තව­මත් පොලී­සියේ දැඩි අව­ධා­න­යට හා පරී­ක්ෂා­වට ලක්ව ඇත්තේ මුලින්ම සොයා ගැනුණු පිස්තෝ­ලය වෙත­ටය. එහි යොදා ඇත්තේ දමිල භාෂා­වට සමාන අකුරු කිහි­ප­යකි. එනිසා එය එල්.ටී.ටී.ඊ. ය භාවිතා කළ ගිනි අවි­යක් බව පොලි­සිය සැක කරයි.

පොලිස් විම­ර්ශ­න­ව­ලට අනුව එවනි පිස්තෝල එල්.ටි.ටී.ඊ.යේ පිස්තෝල කල්ලිය භාවිතා කළ ඒවාය. එමෙන්ම එල්.ටි.ටී.ඊයේ ඉහළ පෙළේ නාය­ක­යන් අතට පම­ණක් පත් කැර තිබූ ඒවාය.

මෙම වැට­ලී­මේදී තවත් සැක­ක­රු­වෙක් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. ඔහු යුද හමුදා සෙබ­ළෙකි. මෙය වට­ලන අව­ස්ථාවේ එහි හිමි­කරු බව කියන මෙහි ප්‍රධාන සැක­කරු හා ඔහුගේ පුත්‍රයා ඉන් පළා ගොස් ඇති බවට පොලි­සිය සැක කරයි. එම නිවස පිහිටා ඇති ආකා­රය අනූව එවනි පලා යෑමක් පහ­සු­වෙන් කළ හැකි බව පොලි­සියේ අද­හ­සය. අදාළ සැක­කරු පසු­ගිය ආණ්ඩු සම­යෙහි එහි සිටි බොහෝ දේශ­පා­ල­ඥ­යන් ඉතාම සමී­පව ඇසුරු කළ අයෙකි.

ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් යන එන බොහෝ තැන් වලට ඔහු නැති­වම බැරි අයෙක් විය. එවක කැල­ණිය ප්‍රදේ­ශ­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යකු මොහු ඉතාම සමී­පව ඇසුරු කළ බව ද නොර­හ­සකි. එමෙන්ම පොලි­සියේ ඉහ­ළම නිල­ධා­රීන් සේම පහළ මට්ටමේ අය ද ඔහුගේ සමී­ප­ත­ම­යෝය. ආග­මික කට­යුතු මෙන්ම දන්සල්, දන්දීම් වෙනු­වෙන් කැපී පෙනෙන මෙවැනි අය ඇතැම් විට සමා­ජ­යට හඳුනා ගැනි­මට බොහෝ කල් ගත වේ. ඇතැම් විට සමා­ජය හඳුනා ගත්ත ද පොලී­සි­යට හඳුනා ගැනී­මට කලක් ගතවේ. ඒ පොලී­සිය හා ඔවුන්ගේ තද ඇසුර නිසාය.

පොලි­සිය මෙම නිවස වට­ලන විට වාහන 10-15 ක් එහි තිබී ඇත. ඔවුන් අනා­ව­ර­ණය කරන පරිදි වී.අයි.පී පුවරු සවි කර­ගත් අධි මිල ඩි‍ෆෙන්ඩර් රථ දෙකක්ද ඒ අත­රය.

මෙම වාහන දුටු විට පොලි­සිය කිසි විටෙක ඒවා නව­ත්වන්නේ නැත. ගිනි අවි ප්‍රවා­හ­න­යට මේ ඩිෆෙ­න්ඩර් රථ භාවිත කරන බවට පොලි­සිය විශ්වාස කරයි.

අත්අ­ඩං­ගු­වට ගැනුණු සැක­ක­රු­වන් පස දෙනෙකු මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රැඳ­වුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා අධි­ක­ර­ණයේ නියෝග ලැබිණි. තවත් දෙදෙ­නෙ­කුට මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධ­යෙන් දඩ නියම කෙරිණි. අනෙක් සැක­කරු යුද හමුදා විශේෂ බළකා සෙබ­ළෙකි. ඔහු රක්ෂිත බන්ධ­නා­ගාර ගත කෙරිණි.

මධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති එස්.එම්. වික්‍ර­ම­සිංහ , නියෝජ්‍ය පොලි­ස්පති ඩී.ආර්.එල්.රණ­වීර ගේ උප­දෙස් මත මහ­නු­වර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එන්.එම්.සිසිර කුමා­රගේ මෙහෙ­ය­වී­මෙන් මහ­නු­වර කොට්ඨාස දුෂණ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජී.එම්.උප­තිස්ස , උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන එන්.අබේ­සු­රිය, ධනුෂ්ක මධු­ෂංක, සැර­ය­න්ව­රුන් වන විජේ­සු­න්දර(26683), ආනන්ද(32414), අබේ­සේ­කර(35711) කොස­තා­ප­ල්ව­රුන් වන රණ­වීර (35739), බණ­ඩාර (39151), ලක්මාල් (90059), විරංග(90016) කාන්තා පොලිස් කොස්තා­පල් වරි­යන් වන (සේනානි (3159), නෙරං­ජලා (6548) හා පොලිස කොස්තා­පල් රිය­දුරු උපාලි 93466) ඇතුළු කණ්ඩා­ය­මක් මෙම වැට­ලීම කළේය.

ප්‍රධාන සැක­කරු හා ඔහුගේ පුත්‍රයා මේ වන විට ප්‍රදේ­ශය හැර ගොස්ය. පත්‍රය මුද්‍ර­ණ­යට යන විට ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­න්නට පුළු­වන. අප­රා­ධ­ක­රු­ව­කුට සැමදා සැඟව සිටිය නොහැ­කිය. අප­රා­ධ­ව­ලට මෙන්ම අප­රාධ සඳහා ද වැඩි ආයු­ෂක් නැත. පොලි­සිය අප­රාධ මෙන්ම අප­රා­ධ­ක­රු­වන් සොයා ගන්නා පරි­ද්දෙන් ඇතැම් විට අප­රාධ මෙන්ම අප­රා­ධ­ක­රු­වන් ද සිටින්නේ පොලි­සිය වෙළා­ගෙ­නය.

මෙ නිසා ඇතැම් විට සාමාන්‍ය ජන­තාව බොහෝ දේ දැන දැනත් දැක දැකත් සිටින්නේ නෑසූ කන්වය. එය වෙනස් නොවු­ණ­හොත් අප­රාධ මඩි­න්නට පොලී­සිය ඇතුළු වග­ක­ව­යුතු අංශ කුමන උත්සාහ ගත්ත ද ඒවා ගඟට කැපු ඉනි­මෙන් වනු ඇත.

 

Comments