පාසල් සිසුනුත් බිලි­ගන්නා මාතර බස්නැ­ව­තුමේ සල්ලාල සැණ­කෙ­ළිය | සිළුමිණ

පාසල් සිසුනුත් බිලි­ගන්නා මාතර බස්නැ­ව­තුමේ සල්ලාල සැණ­කෙ­ළිය

මාතර නගර මධ්‍ය­යෙන් ගලා බසින නිල්වලා ග‍ඟේ සිටින කිඹු­ලි­යගේ පැටියා මිනී නොකන අහිං­ස­ක­යකු බව එදා ජන­ක­වියා පෙන්වා දුන්නේ මිනි­සුන් ගොදුරු කර ගන්නා කිඹු­ලන් පවා මාතර දී මිනී නොකන බව හුවා දැක්වී­මට ය. සම­හර විට මාතර වෙසෙන ජන­තාව ද ඒ තර­ම­ටම අහිං­සක බව කියා­පෑ­මට කවියා උත්සාහ කළා විය යුතුය. එහි ඇත්ත නැත්ත කෙසේ වුවද මිනි­සුන් ගොදු­රට නොගන්නා කිඹුල් පැට­වුන් සිටින මාතර නග­රයේ මිනි­සුන් ගොදුරු කර ගන්නා පිරි­සක් මෑතක පටන් හැසි­රෙන බව දැන­ග­න්නට ලැබිණි.

ඔවුහු ලියෝ පිරි­සක් වෙති. එහෙත් කිඹු­ලියෝ නම් නොවෙති. එම ලියෝ අබි­ස­රු­ලියෝ වෙති. අට දෙනෙ­කු­ගෙන් පමණ සම­න්විත කණ්ඩා­ය­මකි. ඉතා සුරූපි තරු­ණි­යන් වූ ඔවුන් ‍දිවා කාලයේ වෙළෙඳ සහා­ය­ක­ව­රි­යන් ලෙස සේවය කරන අතර ගණිකා වෘත්තියේ යෙදෙන්නේ රාත්‍රී කාල­ය­ටය.

මෙම ගණිකා ව්‍යාපා­රය ජංගම ව්‍යාපා­ර­යක් ලෙසින් පවත්වා ගෙන යන බැවින් ඔවුන් නීත‍ියේ රැහැ­නට හසු කර ගැනී­මට පහසු නැත. මාතර නග­ර­යට නුදු­රුව පව­ත්වා­ගෙන යන භෝජන ශාලා­වක හිමි­ක­රුගේ මූලි­ක­ත්ව­යෙන් කෙරෙන එම ජාවා­රම ඉතාම සුක්ෂම ආකා­ර­යට සිදු වේ. මාතර නග­රය ආව­ර­ණය වන පරිදි පව­ත්වා­ගෙන යන ව්‍යාපා­රික ස්ථාන­වල සේවයේ යෙදී සිටින තරු­ණි­යන් එම භෝජන ශාලා හිමි­ක­රුගේ ජංගම ගණිකා ව්‍යාපා­ර­යට සම්බන්ධ කර ගන්නා අතර එම තරු­ණි­යන් සිය සේවා ආය­ත­නයේ කීර්ති නාමය උප­යෝගි කර­ගෙන පිරි­මින් වස­ඟ­යට ගන්නා බව ප්‍රසිද්ධ රහ­සකි. එහෙත් මෙම ගණි­කා­වන්ගේ ප්‍රධාන ඉල­ක්කය බස් රථ රියැ­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රුන්ය. මෙම ගණි­කා­වන් මාතර බස් නැව­තු­ම්පොළ ආස­න්නයේ රැදී සිටින්නේ එම නිසාය.

රාත්‍රි දහය පසු වී ළඟා වන බස් රථ වෙනු­වෙන් සැදී පැහැදී සිටින එම අබි­ස­රු­ලි­යන් විසින් පුද්ග­ල­යන්ගේ ස්වාභා­වය අනුව මිල ගණන් තීර­ණය කරනු ලැබේ. දුර ගමන් බස් රථ නැව­තු­ම්පොළේ නවතා තැබෙන්නේ පැය භාග­යක් වැනි කාල­යක් පමණි.

එබැ­වින් එවැනි බස් රථ රියැ­දු­රන්ගේ සහ කොන්දො­ස්ත­ර­ව­රුන්ට සේවය ලබා ගැනී­මට හැකි වන්නේ කෙටි කාල­යකි. එවැනි සේවා­දා­ය­ක­යන්ට “බජට් පැක්” ක්‍රම­ය­කට සිය සේවාව සැප­යී­මට මෙම ගණි­කාවෝ සූදා­නම් වී සිටිති.

ඉන් අද­හස් වන්නේ එවැනි අඩු කාල­ය­කට රුපි­යල් පන්සී­යක් පමණ අය කරන බවය. ඒ හැරුණු විට ඔවුන්ගේ අය කිරීම් රු.2000 .00 සිට රු.5000.00 දක්වා පරා­ස­යක් තුළ ක්‍රියා­ත්මක වේ. ඒ මිල නියම වන්නේ එක් එක් ක්‍රියා­කා­ර­කම් අනු­වය. වල­ස්මුල්ල, දික්වැල්ල, තංගල්ල වැනි දුර බැහැර ප්‍රදේ­ශ­වල මෙන්ම අග­නු­වර සිට මාත­රට පැමිණි තරු­ණි­යන් මෙම ගණිකා ව්‍යාපා­රයේ නිරත වී සිටින්නේ අම­තර ආදා­ය­මක් උපයා ගැනීමේ අර­මු­ණෙනි.

එහෙත් ඔවුන්ගේ ආදා­යම සරු වන විට පිරි­මින්ගේ ආදා­යම නිසරු වීම කන­ගා­ටු­දා­ය­කය. එමෙන්ම පසු­ගිය දින­වල උසස් පෙළ සිසු­වකු ද ගණි­කා­වන්ගේ ගොදු­රක් බවට පත් වී තිබේ. ඉන් අන­තු­රුව මාතර නග­රයේ සැරි සරන වීදි ළඳුන් සහ එම ව්‍යාපා­රය පිටු­පස සිටින ව්‍යාපා­රි­කයා පිළි­බ­ඳව ද සමාජ ජාල­වල පැති­රිණි.

මාතර නග­රයේ අරක් ගත් ගණිකා ව්‍යාපා­රය මැඬ­ලී­මට නොහැකි වී තිබෙන්නේ මෙකී ව්‍යාපා­රි­කයා සමා­ජයේ ඉහළ තලයේ ප්‍රබල පුද්ග­යන් ඇසුරු කිරී­මයි. ගණිකා ව්‍යාපා­රය මෙහෙ­ය­වන ව්‍යාපා­රි­ක­යාට අයිති ලැගු­ම්හල් කීප­යක් ද තිබේ.

වෙනත් පාරි­භෝ­ගි­ක­යන්ට ලැගු­ම්හ­ල්වල කාමර කුලි­යට දුන් නමුදු ව්‍යාපා­රි­කයා යටතේ සේවය කරන ගණි­කා­වන්ට මෙම ලැගු­ම්හ­ල්වල කාමර කුලි­යට ලැබෙන්නේ නැත.

මීට වසර දහ­ය­කට පමණ පෙර ඉතා සුළු­වෙන් ඇරඹි මෙම ගණිකා ව්‍යාපා­රය අද මාතර නග­රය වසා ගත් පිළි­ල­යක් වී හමා­රය. එහෙත් බල­ධා­රින් නිහ­ඬය. මෙම කාන්තා ගණිකා ව්‍යාපා­ර­යට අම­ත­රව රාත්‍රී කාලයේ මාතර වෙරළ තීරය තවත් එවැ­නිම කට­යු­ත්ත­කට තෝතැ­න්නක් වී තිබේ. ඒ සඳහා යොමු වී සිටින්නේ කාන්තා­වන් නොව පිරි­මින් කීප දෙනෙකි.

කුඩා බෑග­යක් අතට ගත් ඔවුන් රාත්‍රියේ වෙරළ උද්‍යා­නයේ බංකු මතට වී සුසුම් හෙළ­මින් බලා සිටින්නේ ගනු­දෙනු කරු­වකු පැමි­ණෙන තුරු ය.

ඇතැම් රියැ­දුරෝ සහ කොන්දො­ස්ත­ර­වරු මොවුන්ගේ පාරි­භෝ­ගි­කයෝ වී සිටිති. නැත හොත් ජංගම වෙළ­ඳුන් ඔවුන්ගේ පාරි­භෝ­ගි­කයෝ ය.

මෙම සම ලිංගික සේවය රාත්‍රී කාලයේ පම­ණක් නොව දිවා කා‍ලයේද ලබා ගත හැකිය. ඔවුහු පැය 24 පුරා ඊට සූදා­න­මින් සිටිති.

මාතර වෙරළ තීරයේ එක් කොනක සිට අනෙක් කෙළ­වර දක්වා පා ගම­නින් යන මොවුන් කෙසේ හෝ බඩ වියත රැක ගැනී­ම­ටත් ගංජා වැනි මත්ද්‍රව්‍ය පාවි­ච්චි­ය­ටත් කීයක් හෝ සොයා ගැනී­මට සම ලිංගික සේවයේ යෙදීම සැබැ­වින්ම ඛේද­ජ­න­කය. මොවු­න්ගෙන් ඇතැම් අය දිවා කා‍ලයේ පෞද්ග­ලික බස් රථ­ව­ලට මගීන් නැංවීම සඳහා කෑග­සන අය බවට වාර්තා වී තිබේ. මෑත­කදී එවැනි පුද්ග­ල­යන් දෙදෙ­නකු රාත්‍රී 12.00 ට පමණ මාතර වෙරළ තීරයේ අඩ­ද­බර කර ගත්තේ උපයා ගත් මුදල් බෙදා ගැනී­මේදී අර්බු­ද­යක් මතු වූ නිසාය. ඒ නිසාම ඔවුන් එකි­නෙ­කාට චෝදනා කර­ගන්නා තත්ත්ව­යක් ඇති විය. මාතර නග­රයේ ව්‍යාප්ත වී තිබෙන ගණිකා සහ සම ලිංගික ව්‍යාපා­රය නිසා දකුණු ප්‍රදේ­ශයේ පැති­රෙන්නේ අය­හ­පත් කල දසා­වකි.

එක් අත­කින් සංස්කෘ­තික සෝදා­පා­ළු­වයි. තවත් පැත්ත­කින් ඒඩ්ස් වැනි මාරා­න්තික රෝග ඇතුළු විවිධ සමාජ රෝග බෝවී­මෙන් රටට සිදු වන අන­ර්ථ­යයි. ඒ සම­ඟම විවා­හ­ක­යන්ගේ පවුල් ජීවිත බිඳ වැටේ.

උප­යන ආදා­යම අබි­ස­රු­ලි­යන්ට විය­දම් කිරී­මෙන් පසුව අග හිඟ­කම් පවුල් ජීවිත වසා ගනී. ඉන්ප­සුව ඇති වන්නේ ගැටුම්ය.

මෙම ජාවා­රම් මැඬ­ලී­මට අදාළ බල­ධා­රින් පිය­වර නොගැ­නී­මෙන් රට තුළ ඇති වී තිබෙන ඛේද­වා­ච­කය සුළු පටු නැත.

Comments