කොරහේ කිඹු­ලන් දකින සිංග­ප්පූරු ගිවි­සුමේ ඇත්ත-නැත්ත මෙන්න | සිළුමිණ

කොරහේ කිඹු­ලන් දකින සිංග­ප්පූරු ගිවි­සුමේ ඇත්ත-නැත්ත මෙන්න

 

සිංග­ප්පූ­රුව සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර­ගත් වෙළෙඳ ගිවි­සුම මේ වන විට රටේ දැඩි කතා­බ­හට ලක්වී ඇත්තේ එය මෙරට ආර්ථි­ක­යට අය­හ­පත් බල­පෑම් එල්ල කරන බවට නොයෙක් පාර්ශ්ව චෝදනා නගනා පසු­බි­ම­කයි. වෙළෙඳ ගිවි­සුම් ඇති­කර ගැනීම අලු‍ත් ප්‍රති­ප­ත්ති­යක් නො වූවද මෙම සිංග­ප්පූරු වෙ‍ෙළද ගිවි­සුම ඇති කර­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය විනි­වි­ද­භා­ව­ය­කින් තොර වීම නිසා එය වඩාත් අවා­සි­දා­යක සහ අය­හ­පත් ප්‍රති­ඵල ගෙන දෙන ගිවි­සු­මක් බවට ඇතැම්හු මත පළ­ක­ර­මින් සිටිති. එවැනි කතා­බ­හක් ඇතිවී තිබෙනා පසු­බිමක සිංග­ප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවි­සුමේ සැබෑ තතු පැහැ­දිලි කර­ගැ­නීම පුර­වැ­සි­යන් ලෙස දැනු­ම්වත් බවට සේම වත්මන් රජයේ ආර්ථික ප්‍රති­පත්ති වටහා ගැනී­මට ද ඉව­හල් වනු ඇත.

ශ්‍රී ලංකාව අයත් වන දකුණු ආසි­යා­තික කලා­ප­යට අයත් අනෙ­කුත් ඌන සංව­ර්ධිත රට­වල් හා සසදා බලන කළ වෙනත් රට­ව­ල්ව­ලට සාපෙ­ක්ෂව වෙළෙඳ ගිවි­සුම් සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව සිටින්නේ පසු­ප­සිනි. සැබැ­වින්ම, සාර්ක් කලා­ප­යට අයත් ඌන සංව­ර්ධිත රට­වල අප­න­ය­න­ව­ලින් 84% කට ආසන්න ප්‍රමා­ණ­ය­කට විශාල වශ­යෙන් ලෝක­යට බදු රහි­තව ප්‍රවේ­ශ­වීමේ හැකි­යාව ඇත. පසු­ගිය දශ­කය තුළ ඉන්දි­යාව, විවි­ධා­කාර ප්‍රඥප්ති සහ විස්තීර්ණ වෙළෙඳ ගිවි­සුම් මගින් ආසි­යාන්, ජපා­නය, හා දකුණු කොරි­යාව සඳහා වර­ණීය වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශ­යක් ලබා ඇත. පාකි­ස්තා­නය ද චීනය, මැලේ­සි­යාව සහ ශ්‍රී ලංකාව සමඟ නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම්ව­ලට අව­තීර්ණ වී ඇති අතර යුරෝපා සංග­මයේ වෙළෙ­ඳ­පොළ තුළ gsp+ ප්‍රති­ලා­භය ද ලබයි. අස­ල්වැ­සි­යන් සමඟ සැස­ඳීමේදී පසු­ප­සින් සිටින අප සාම්ප්‍ර­දා­යික ප්‍රධාන වෙළෙඳ පොළ­වල් දෙක වන එක්සත් ජන­ප­දය හා යුරෝපා සංග­මය සමඟ වන වෙළෙ­ඳා­මෙහි වේග­වත් වර්ධ­න­යක් සහ­තික කරන අත­ර­තුර ගෝලීය නිෂ්පා­දන ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා නැගී එන දකුණු ආසි­යානු හා ඈත පෙර­දිග රට­වල් හා අග්නි­දිග ආසි­යානු කලා­පයේ වෙළෙඳ හවු­ල්ක­රු­වන් සමඟ නිද­හස් වෙ‍ළෙඳ ගිවි­සුම් වලට එළැ­ඹීම බව වත්මන් රජයේ වෙළෙඳ ප්‍රති­පත්ති සම්පා­ද­ක­යින් විසින් හදුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ඉන්දි­යාව, චීනය, සිංග­ප්පූ­රුව සහ තායි­ල­න්තය සමඟ නිද­හස් වෙළෙඳ ගිවි­සුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලද අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස සිංග­ප්පූරු වෙළෙඳ ගිවි­සුම සදහා පසු­බිම සකස් වී ඇත.

සිංග­ප්පූරු වෙළෙඳ ගිවි­සුම සම්බ­න්ධ­යෙන් එල්ල­වන් ප්‍රධා­න­තම චෝද­නා­වක් වන්නේ එය ‘හොර රහසේ ‘ඇති කර­ගත් ගිවි­සු­මක් බවයි. එවැනි චෝද­නා­වක් එල්ල වුව ද සංව­ර්ධන උපාය මාර්ග සහ ජාත්‍යා­න්තර වෙළෙඳ අමාත්‍යාං ශ තොර­තුරු වලට අනුව මෙම ගිවි­සුම සාකච්ජා වට ගණ­නා­වක ප්‍රති­ඵ­ල­යකි. මෙම ගිවි­සුම සම්බ­න්ධ­යෙන් වූ පළමු සාක­ච්ජාව 2016 වසරේ ජූලි මස 7 වැනිදා ඇරඹී ඇති අතර මාස 18ක පමණ කාල­යක් පුරා සාකච්ජා වට අටක් පවත්වා අව­සාන සාක­ච්ජාව 2017 වසරේ නොවැ­ම්බර් 13 සහ 14 යන දින­ය­න්හිදී පවත්වා ඇත.

මෙම සාකච්ඡා අමාත්‍ය මණ්ඩ­ලය විසින් අනු­මත ජාතික කමි­ටුව විසින් සහ අදාල සිය­ලුම ක්ෂත්‍ර­යන් හි ප්‍රධා­න­ත්ව­යෙන් යුතු එම සිය­ලුම රාජ්‍ය ආය­ත­න­යන්හි නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත උප කමිටු 12 විසින් මෙ‍ෙහ­යවා තිබේ.

මාස 18 ක් පමණ වූ සාකච්ඡා කාල­ප­රි­ච්ඡේ­දය තුළ වාණිිජ මණ්ඩල, කර්මාන්ත, සංගම්, වෘත්තීය සංගම් යනාදී පුළුල් පරා­ස­යක පාර්ශ්ව­ක­රු­වන් සමඟ උප­දේ­ශන මත­වි­ම­සීම් සාකච්ඡා 20 කට අධි­කව ප්‍රමා­ණ­යක් පවත්වා ඇත. එම සාකච්ඡා සම­හ­රක් දැනට පවත්නා නිද­හස් වෙළෙඳ ගිවි­සුම් පිළි­බඳ පොදු වශ­යෙන් සිදුවී ඇති අතර සම­හ­රක් අදාළ භාණ්ඩ සේවා හෝ ආයෝ­ජන ක්ෂේත්‍ර­වල නිද­හස් කිරීම් පරි­මාණ තීර­ණය කිරී­මට අදාළ ව විවිධ සංගම් සහ වාණිජ මණ්ඩල සමඟ අදාළ අනු­ක­මිටු විසින් වෙන් වෙන් වශ­යෙන් ද පැවැත්වූ සාකච්ඡා ය.

ගිවි­සු­මෙහි තත්ත්වය පිළි­බ­දව වරි­න්වර වාර්තා කර ඉදි­රි­පත් කිරීම මඟින් සාකච්ඡා ක්‍රියා­ව­ලි­යේදී ගන්නා ලද ස්ථාව­ර­යන් පිළි­බඳ කැබි­නට් මණ්ඩ­ලය නිර­න්ත­රව දැනු­වත් කර අව­සා­න­යේදී, ශ්‍රී ලංකා - සිංග­ප්පූරු වෙළෙඳ ගිවි­සුමේ පළමු කෙටු­ම්පත 2017.12.22 වන දින අමාත්‍ය මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ අතර එය 2018.01.02 හා 2018.01.09 වන දින­ය­න්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී ජනා­ධි­ප­ති­තුමා ඇතුළු කැබි­නට් අමාත්‍ය වරුන් 14 දෙන­කුගේ නිරී­ක්ෂ­ණ­යන් සමග සාක­ච්ඡා­වට බඳුන් කර ඇත. එසේම නීති­පති තුමාගේ අනු­මැ­තිය සමග 2018.01.16 කැබි­නට් රැස්වී­මට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය හිමි­වන ඇති අතර ආර­ක්ෂණ විධි ක්‍රම සම්මත වීමෙන් අන­තු­රුව ගිවි­සුම 2018.05.01 දින සිට බලා­ත්මක වී තිබේ. මෙම ගිවි­සුම සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා මතු කරන ඇතැ­ම­කුගේ චෝද­නා­වක් වන්නේ මෙම ගිවි­සුම අත්සන් කළ වහාම සිංග­ප්පූ­රු­වෙන් එන සිය­ලුම භාණ්ඩ සඳහා තිරු­බදු අහෝසි වන්නේද යන්නය. එහෙත් එය එසේ වන්නේ නැත.

ශ්‍රී ලංකාව මෙතෙක් එළැඹ ඇති වෙළෙඳ ගිවි­සුම වලට අනුව සිංග­ප්පූ­රු­වට පම­ණක් නොව සියලු‍ම රට­ව­ලට බල­පාන ලෙස භාණ්ඩ 3719ක් තීරු බදු­ව­ලින් නිද­හස්ය. මෙම නව ගිවි­සුම යටතේ ශ්‍රී ලංකාව විසින් වසර 12 සිට 15 දක්වා කාල­යක් තුළදී සිය තීරු­බදු ගාස්තු රේඛා වලින් සිය­යට 80ක් ලිහිල් කිරීම සඳහා කට­යුතු යොදා ඇත. සිංග­ප්පූ­රුව අනෙක් රට­වල් හා එක­ඟවී ඇති ගිවි­සුම් අනුව ඔවුන් බලා­පො­රොත්තු වන තීරු බදු නිද­හස් මට්ටම සිය­යට 90 හෝ ඊට වැඩි නමුත් දේශීය කර්මාන්ත රැක ගැනීමේ අර­මු­ණින් ශ්‍රී ලංකාව එක­ඟවී ඇත්තේ සිය­යට 80වේ සීමා­වක් සඳහා පමණි.

දේශීය වශ­යෙන් අධි සංවේදී නිෂ්පා­දන ලෙස ගැනෙන පාව­හන්, රස­කැ­විලි වැනි නිෂ්පා­දන ක්ෂේත්‍ර­යන්ට ඇති­වන බල­පෑම අවම කිරීම සඳහා වන එක­ඟ­තා­වන් මෙම ගිවි­සුමේ ඇතු­ළත්ය. එයට අම­ත­රව, තීරු­බදු අඩු­කළ පම­ණ­ටම මෙර­ටට ඒ ඔස්සේ භාණ්ඩ ආන­ය­නය කළ නොහැකි අතර අදාල වර­ප්‍ර­සාද ලබා ගැනීම සඳහා ප්‍රභ­වය පිළි­බඳ රීති සම්පුර්ණ කළ යුතුය. එසේම ආන­යන බල­පත්‍ර ලබා­ගත යුතු භාණ්ඩ ආන­ය­න­යට අදාළ ආන­යන බල­පත්‍ර ලබා­ගත යුතු අතර මානව,සත්ව හා ශාක ආර­ක්ෂ­ණය සඳහා අදාළ වන රෙගු­ලාසි ද එලෙ­සින්ම බල­පානු ඇත.

යම් භාණ්ඩ­යක් ශ්‍රී ලංකා­වට අප­න­යන කිරී­මට නම් එයට සිංග­ප්පූ­රුවේ සැල­කිය යුතු අගය එකතු කිරී­මක් හෝ සැක­සී­මක් සිදු වන බව සහ­තික කිරීම සඳහා අවම වශ­යෙන් 35% අගය එකතු කිරීමේ සීමා­වක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදු­විය යුතු බවට ගිවි­සුම අනුව නියම කොට ඇත. ආසි­යාන් රට­වල් හි සමු­ච්චි­තය (cumulative) මත පද­නම්ව භාණ්ඩ ප්‍රභ­වය පිළි­බඳ රීති ගණ­නය කිරීමේ සිංග­ප්පූරු යෝජ­නා­වට ශ්‍රී ලංකාව එක­ඟ­තා­වය පල නොක­රන ලදී.

එමෙන්ම දේශීය කර්මා­න්ත­ක­රු­වන් ආරක්ෂා කර ගැනී­මට සහ ආදා­යම් පිළි­බඳ අහි­ත­කර තත්ත්ව නිර්මා­ණය වීම වළක්වා ගැනීම සඳහා තීරු­බදු රේඛාවේ සිය­යට 20ක් තරම් වන අයි­ත­ම­යන් 1487ක් නිශේධ ලයි­ස්තුවේ තබා ගැනී­ම­ටද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එයින් සෘජු­වම ඉලක්ක කෙරන්නේ දේශීය කර්මා­න්ත­ක­රු­වන් මෙම ගිවි­සුමේ බල­පෑ­ම්ව­ලින් රැක ගැනී­මය.

ලාභ­දායී භාණ්ඩ දේශීය වෙළෙඳ පොළ ආක්‍ර­ම­ණය හරහා දේශීය නිෂ්පා­ද­ක­යින්ට අහි­ත­කර බල­පෑම් තත්ත්ව­ය­කට ඇති ඉඩ­කඩ මෑත­කදී පාර්ලි­මේ­න්තු­වේදී සම්මත කර­ගන්නා ලද නව අණ පනත් (ප්‍රපා­තන විරෝධී, ප්‍රති­තෝ­ලන පනත හා ආර­ක්ෂණ පනත) නිසා වැළකී යයි. නීත්‍යා­නු­කූල නොවන ආකා­ර­යට ලබා­දෙන සහ­නා­ධාර මත පැන­විය හැකි ප්‍රපා­තන විරෝධි හා ප්‍රති­ගෝ­ලන බදු, ගෝලීය හා ද්විපා­ර්ශ්වීය ආර­ක්ෂණ විධි විධි­වි­ධාන ක්‍රියා­ත්මක කිරිම සඳහා අදාළ වන වෙළෙඳ පිළි­යම් මෙම ගිවි­සු­මට ඇතු­ළත් වේ. එම වෙළෙඳ පිළි­ය­ම්ව­ලට අදාළ අණ­ප­නත් 2018 මාර්තු මාස­යේදී ශ්‍රී ලංකාව විසින් සම්මත කර­ගත් බැවින් යම් හෙය­කින් සිංග­ප්පූ­රුව එවැනි නීත්‍යනුකූල නොවන ආකා­රයේ සහ­නා­ධාර ලබා දීම නිසා අදාළ භාණ්ඩය අප රට තුළ අන­වශ්‍ය ආකා­ර­යට ගොඩ­ගැ­සී­මක් සිදු වුව­හොත් ඊට අවශ්‍ය නීති­මය පිය­වර ගැනී­මට ශ්‍රී ලංකා­වට දැන් හැකිය.

එයට අම­ත­රව, ගිවි­සුම ක්‍රියා­ත්මක කරන කාල­යේදී තීරු­බදු අඩු­කි­රීම නිසා දේශීය කර්මාන්ත වලට බල­පෑම් ඇති කර­මින් සිංග­ප්පූ­රු­වෙන් සිදු­ක­රන ආන­යන ඉහළ ගිය­හොත් ද්විපා­ර්ශ්වීය ආර­ක්ෂණ ක්‍රියා විධි යොදා ගත හැකි. සිංග­ප්පූරු නිද­හස් වෙළෙඳ ගිවි­සුම ක්‍රියා­වට නැංවී­මේදී අව­ශ්‍ය­තා­වක් ඇති වුව­හොත් ශ්‍රි ලංකා­වට මෙම ප්‍රති­පා­දන යොදා එවැනි තත්ත්ව වැළැ­ක්විය හැකිය.

තීරු­බදු නිද­හ­ස්ක­රණ වැඩ­ස­ට­හන යටතේ අප­ද්‍රව්‍ය ද ඇතු­ළත් කර ඇති බැවින්, ඒවා ගිවි­සුම හරහා මෙරට තුළ ගොඩ­ගැ­සී­මට කට­යුතු යොදා ඇති බවට මත­වාද පවතී. තීරු­බදු අඩු­කළ පම­ණින් ම භාණ්ඩ මෙර­ටට ආන­ය­නය කළ නොහැකි බව අව­ධා­ර­ණය කළ යුතුය. මෙර­ටට ආන­ය­නය කරන සිය­ලු‍ ­භාණ්ඩ, අදාළ ආන­යන බල­පත්‍ර ලබා ගැනී­මට, ප්‍රමි­තීන් සපු­රා­ලී­මට හා මානව, සත්ව හා ශාක ආර­ක්ෂ­ණය සඳහා අදාල වන රෙගු­ලාසිවලට යටත්ය. මෙම ගිවි­සුම හරහා ශ්‍රී ලංකාව අත්සන් කර ඇති පාරි­ස­රික ආරක්ෂා පිළි­බඳ ජාත්‍ය­න්තර ගිවි­සුම් මඟින් ඇති අයි­ති­වා­සි­කම් සහ දේශීය නීති­රීති හා යාන්ත්‍ර­ණය සම්බ­න්ධ­යෙන් කිසිඳු නිද­හස් කිරී­මක් හෝ බල­පෑ­මක් සිදු නොවේ. එම­නිසා, අදාල නීති­රීති ඒ ආකා­ර­යෙන්ම ක්‍රියා­ත්මක වනු ඇත

වඳ­වී­යාමේ තර්ජ­න­යට ලක්වී ඇති අලි ඇතුන්, උර­ග­යින් ආදී සතුන් සිංග­ප්පූ­රු­වට අප­න­ය­නය කිරී­ම­ටත්, එවැනි සතුන් සිංග­ප්පූ­රු­වෙන් මෙර­ටට ආන­ය­නය කිරී­ම­ටත් හැකි­යා­වක් ඇති බැවින් වන සත්ත්ව හා වෘක්ෂ­ල­තා­දි­යට අහි­ත­කර බල­පෑ­මක් සිදු­විය හැකි බවට චෝදනා එල්ලවී ඇත. ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මේදී වන ජීවි හා වෘක්ෂ­ලතා සඳහා වන සම්මු­ති­යට සහ ජෛව විවි­ධ­ත්වය සඳහා වන සම්මු­තියේ පාර්ශ්ව­ක­රු­වකු වන බව සඳ­හන් කළ යුතු අතර මෙම සම්මු­තීන් හරහා හෝ වෙනත් අදාළ සම්මු­තීන් හරහා අයත් කොට ගෙන ඇති අපේ අයි­තීන් කිසි­සේත්ම සිංග­ප්පූරු ගිවි­සුම මගින් අහෝසි නොවේ. ඉහත සඳ­හන් ආන­යන බල­ප­ත්‍ර ලබා ගැනීම හා අදාළ නම්කළ ආය­තන වල අනු­මැ­තිය ලබා ගැනීම යන කරුණු ඇතුළු අදාළ සම්මු­තීන් ක්‍රියා­ත්මක කිරීමේ යාන්ත්‍රණ වලට මෙන්ම දේශීය නීති රෙගු­ලාසි වල­ටද යටත් වේ.

එවැනි හානි­දා­යක ද්‍රව්‍ය තීරු­බදු නිද­හස් ලැයි­ස්තුව යටතේ අන්ත­ර්ගත කොට ඇත්තේ

ජාතික වෙළඳ ගිවි­සු­මක් තුළ 7,438ක් වූ සියලු‍ම තීරු­බදු රේඛා නිෂේධ ලැයි­ස්තුව, වහාම නිද­හ­ස්ක­ර­ණ­යට ලක්වන ලැයි­ස්තුව හෝ විශේ­ෂිත කාල­සී­මා­වක් තුළ නිද­හ­ස්ක­ර­ණය වන ලැයි­ස්තුව යන කුමන හෝ ලැයි­ස්තු­වක අන්ත­ර්ගත කළ යුතු අතර කිසිඳු තීරු­බදු රේඛා­වක් ලැයි­ස්තු­ගත කිරී­මෙන් මඟ හැරිය නොහැක.

මෙම භාණ්ඩ දේශීය නීතින්ට අනු­ගත නොවෙ­මින් කිසි­ලෙ­ස­කින් ශ්‍රී ලංකා­වට ආන­ය­නය කළ නොහැකි බැවින් ඒවා 80% නිද­හ­ස්ක­රණ ලැයි­ස්තු­වට අන්තර් ගත කළ අතර ඒ හරහා දේශීය වශ­යෙන් සංවේදී භාණ්ඩ වැඩි ප්‍රමා­ණ­යක් නිශේධ ලැයි­ස්තුව තුළ රඳවා ගැනී­මට හැකි­යාව ලැබුණි. තවද භාණ්ඩ නිද­හ­ස්ක­ර­ණ­යට ලක් කළ පළමු අව­ස්ථාව මෙය නොවේ. මීට පෙර මෙම භාණ්ඩ බොහො­ම­යක් ඉන්දි­යාව හා පකි­ස්තා­නය සමඟ වන නිද­හස් වෙළෙඳ ගිවි­සුම් වල­දීද නිද­හ­ස්ක­ර­ණ­යට ලක්කර ඇති අතර එහිදී හානි­දා­යක වන ලෙස මෙර­ටට එම භාණ්ඩ ආන­ය­නය කළ බවට කිසිදු සාක්ෂි­යක් නොමැත. එම­නිසා මෙය සිංග­ප්පු­රු­වට පම­ණක් ලබා­දු­න්නක් නොවන අතර අදාළ පාරි­ස­රික නීති හා ආන­යන බල­පත්‍ර ලබා ගත යුතු බැවින් මෙර­ටට ගිවි­සුම හරහා ඇතු­ළු­වී­මට අව­ස්ථා­වක් නොමැත. වෘත්තීය සේවා නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ බැඳී­මක් පව­තින්නේ සේවා දාය­කයා හෝ සේවා ලාභියා දේශ­සීමා අතර යාම් ඊම් සිදු නොකර සේවා සප­යන වෘත්තීන්, විදේශ වලදී සිදු­වන සේවා වලට අදාළ වෘත්තීන් සඳහා පමණි. වාණි­ජ­මය වශ­යෙන් ස්ථානගත වී ආයෝ­ජන සිදු­ක­රීම, යාම ඊම් සිදු කර­මින් කට­යුතු කරන ක්ෂේත්‍ර­යන් යටතේ මෙම වෘත්තීය සේවා තව­දු­ර­ටත් නිද­හස් කිරී­මක් සිදු­කර නොමැති සේම සිංග­ප්පූරු වෘත්ති­ක­යන් ශ්‍රී ලංකා­වෙහි සේව­යෙහි යෙදීම සම්බ­න්ධව කිසිදු ප්‍රති­පා­ද­න­යක් සිංග­ප්පූරු -ශ්‍රි ලංකා වෙළෙඳ ගිවි­සුම යටතේ සලසා නැත.

වාස්තු විද්‍යා­ත්මක සේවා සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව බැඳීම් ඇති කර­ගෙන ඇත්තේ “මුලික සැල­සුම් උප­දේ­ශන හා උප­දේ­ශක” යන අනු­කා­ණ්ඩය යටතේ 1 වන මාදි­ලිය හා 2 වන මාදි­ලිය යටතේ වන අතර, එයින් වාස්තු විද්‍යා­ත්මක ශිල්ප­යෙහි ශ්‍රී ලංකාව තුළ යෙදී­මට ඉඩක් ලබාදී නොමැත. “මුලික සැල­සුම් උප­දේ­ශන හා උප­දේ­ශක” සේවාද සැප­යිය හැක්කේ සේවා දාය­ක­යාගේ හෝ සේවා සප­ය­න්නාගේ සංච­ර­න­ය­කින් තොරව වන අතර මාදිලි 3 හා මාදිලි 4 සඳහා කිසිඳු බැඳී­මක් ශ්‍රී ලංකා­වට නොමැත. එනම් කිසිදු නිද­හස් කර­ණ­යක් මුලික සැල­සුම් උප­දේ­ශන හා උප­දේ­ශක සේවා සම්බ­න්ධ­යෙන්ද සිදු කර නැත.

ශ්‍රී ලංකා සිංග­ප්පූරු නිද­හස් ගිවි­සු­මෙහි “පුර­වැ­සියා” යන්න සිංග­ප්පූරු පුර­වැ­සි­භා­වය සහිත හෝ සිංග­ප්පූ­රුවේ ස්ථිර පදිං­චි­ක­රුවා ලෙස අර්ථ­ක­නය කරනු ලබයි. නිද­හස් වෙළඳ ගිවි­සුම මඟින් මෙම සිංග­ප්පූරු පුර­වැ­සි­භා­වය ලෙස ගැනෙන සමූ­හ­යට පම­ණක් එම වාසිය අත්වන අතර අනෙ­කුත් සිය­ලු‍ ­පු­ර­වැ­සි­යන් වෙළෙඳ ගිවි­සු­මෙන් බැහැර කරනු ලබයි. සිංග­ප්පූරු වැටුප් ලබ­මින් සිටි­යද සිංග­ප්පූ­රු­වෙහි ස්ථිර පදිං­චිය ලබා­ගැ­නී­මට අප­හසු වූ යම් පුද්ග­ල­යෙකු නිද­හස් වෙළෙඳ ගිවි­සුම අාධා­ර­ක­යක් / හස්ත­යක් ලෙස යොදා­ගෙන ශ්‍රී ලංකා­වට ඇතුළු වී රැකි­යා­වක් ලබා­ගැ­නී­මට උත්සාහ කළද එය කෙසේ­වත් කළ නොහැ­කිය. සිංග­ප්පූරු පුර­වැ­සි­යෙ­කුට සමා­ගම් අතර හුව­මාරු වන්නෙකු ලෙස මෙර­ටට පැමි­ණී­මට අව­ස්ථාව ලබා දී තිබුණ ද, ඔවුන්ට අවම වශ­යෙන් වසර 05 ක අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ පළ­පු­රු­ද්දක් තිබිය යුතුය. එසේම එවැනි පුද්ග­ල­යින්ට ශ්‍රී ලංකාව තුළ ප්‍රථ­ම­යෙන් වසර 2 ක කාල­යක් සේවය කළ හැකි අතර එම කාලය ආග­මන පාල­ක­ව­ර­යාගේ අනු­මැ­තිය යටතේ වසර 05 ක උප­රි­ම­යක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමා­ගම් අතර හුව­මාරු වන්නන් ඉහළ කළ­ම­නා­කා­රීත්ව තන­තුරු වලට අනු­යුක්ත කළ­යුතු අතර එම සමා­ග­මේම සේවය කළ යුතුය. වෙනත් සමා­ග­ම­කට මාරු­වී­මට හෝ සේවය කිරී­මට ඔවුන්ට නොහැ­කිය.

 

Comments