රාජ්‍ය ඡායා­රූප සම්මාන උලෙ­ළේදී යාව­ජීව සම්මා­නය හෙන්රි රාජ­ක­රු­ණාට | සිළුමිණ

රාජ්‍ය ඡායා­රූප සම්මාන උලෙ­ළේදී යාව­ජීව සම්මා­නය හෙන්රි රාජ­ක­රු­ණාට

ලෝක ඡායාරූප දිනය නිමිති කරගෙන තෙවැනි වරටත් සංවිධානය කරනලද රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) නෙළුම් පොකුණු රඟහලේදි පැවැත්වුණි. උසස් ප්‍රමිතියෙන් යුතු නිර්මාණශීලි ඡායාරූප කලාවක් ප්‍රචලිත කිරීමට මෙන්ම උසස් රසඥතාවක් ඇතිකිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමේ අරමුණෙන් මෙය සංවිධානය කෙරුණි.

ඡායරූප ශිල්පීය කලාවක් ලෙස අනගිභවනීය තලයකට පත්කිරීම සඳහා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, උසස් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයද මේ සඳහා දායකත්වය ලබාදුනි.

ඡායාරූප ශිල්පියකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිකර ගතහැකි ඡායාරූප අභිමානි යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේ හෙන්රි රාජකරුණා මහතාය.

මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික බලපෑම් ප්‍රථම ස්ථානය පී. ප්‍රදීපන්, ජීවන රටා අංශයෙන් ගගන් කරුණාචන්ද්‍ර, සොබාදහම අංශයෙන් එම්. හේෂාන් දුලංජය, ජනමාධ්‍ය ක්‍රිඩා හා ප්‍රවෘත්ති අංශයෙන් අනුර ප්‍රදීප් දඹරගේ යන අය ප්‍රථම තැන ලබමින් ජය ලැබූහ.

ඉදිරිපත් කරන ලද ඡායාරූප 3600අතුරින් 150ක් ප්‍රදර්ශනය කර නිර්මාණ 50කට කුසලතා සම්මාන පිරිනැමුණි.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ, රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල, රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර, අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවුහ. 

Comments