යල වී මිල දී ගැනීමට රුපියල් කෝටි 490ක් | සිළුමිණ

යල වී මිල දී ගැනීමට රුපියල් කෝටි 490ක්

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම පිණිස රුපියල් දස ලක්ෂ 4,900ක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් දස ලක්ෂ 1.4කි. ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් පමණ මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, මෙහිදී නාඩු වී කිලෝවක් රුපියල් 38කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41කටත් වී මිල දී ගනු ලැබේ.

මේ වන විට යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා වී ගබඩා සියල්ල විවෘතව පවතින අතර, ගොවීන් අපහසුතාවට පත් නොකර වී මිල දී ගන්නා ලෙස ඇමැතිවරයා වී අලෙවි මණ්ඩල සභාපති උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී තිබේ.

Comments