මහින්දගෙන් සීඅයිඩියට පැය දෙකක ප්‍රකාශයක් | සිළුමිණ

මහින්දගෙන් සීඅයිඩියට පැය දෙකක ප්‍රකාශයක්

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහර දීම සම්බන්ධව සිදු කරනු ලබන පරීක්ෂණවල ඉදිරි කටයුතු වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පසුගිය සිකුරාදා (17) දහවල් 11.30 සිට සවස 1.45 දක්වා එලෙස ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

‘ද නේෂන්’ පුවත්පතේ හිටපු ආරක්ෂක මාධ්‍යවේදි කීත් නොයාර් මහතා 2008 මැයි මස 22 වැනිදා රාත්‍රී 10ට පමණ දෙහිවල වෛද්‍ය පාරේදී පැහැරගෙන ගොස් පහර දී, පසුව මල්වාන ප්‍රදේශයේ දමා ගොස් සිටියදී හමු විය.

Comments