පරෙ­ස්ස­මෙන්! අරුල්ට වූ දේ හෙට අප­ටද විය හැකියි | සිළුමිණ

පරෙ­ස්ස­මෙන්! අරුල්ට වූ දේ හෙට අප­ටද විය හැකියි

අරුල් සත්‍ය­නා­දන් පත්තර මහ­ගෙ­දර සහෝ­දර පත්තර සග­යෙකි. අරුල් සේවය කරන්නේ තින­ක­රන් පුව­ත්ප­තේය. ඔහු එහි නියෝජ්‍ය කතු­ව­ර­යාය. පසු­ගිය දිනෙක අරුල් අප සොයා පැමි­ණි­යේය.

“මට පොඩි කර­ද­ර­යක් වුණා.”

ඔහු සෙමෙන් කීවේය. අපි ඔහු හඬට සවන් දුන්නෙමු. වසර ගණ­නා­වක් තිස්සේ අපත් සමඟ සේවය කරන අයෙකු සිළු­මි­ණට මෙවැනි කතා­වක් කියන්න පැමිණි පළමු වතාව මෙය­යැයි සිතේ.

පත්තර මහ­ගෙ­දර සේවය කරන කවු­රුත් ආය­ත­යට ආ­ද­රය කරති. ඒ නිසාම විසි­පස් වස­රක සේවා ඇග­යීම වෙනු­වෙන් ලබා­දෙන රන්ප­වු­මට කවු­රුත් ආද­රය කරති. එය ඉතා ඕනෑ­ක­මින් රැක ගනිති. අරුල් හා රන් පවුම අතර ඇති සම්බ­න්ධ­තා­වය කුම­ක්දැයි ඔබට සිතෙනු ඇත.

අරුල් විසි­පස් වස­රක සේවා ඇග­යීම වෙනු­වෙන් රන්ප­වුම තෑගි ලැබුවේ මේ වසරේ මුල් භාග­යේ­දීය. නමුත් අද ඔහුට ඒ රන්ප­වුම අහිමි ව ඇත. කොහොම ද ඒක වුණේ? රන් පවුම අහිමි වීමේ කතාව පිටු­පස ඇත්තේ ලොකු කතා­වකි. අද එය අරුල්ට වුව හෙට අපට සිදු­විය හැකි නිසාය. ‍

“අපි පදිං­චි­වෙලා ඉන්නේ අවි­ස්සා­වෙල්ලේ පුව­ක්පි­ටිය මොර­ගොල්ල කියන ගමේ පසු­ගිය දව­ස්වල මගෙ නෝනයි දුවයි ගමේ ගියා. හය වෙනිදා රෑ නව­යයි හත­ළිස් පහට විතර ඇති මේ සිද්ධිය වෙන­කොට. මම වරක් දෙව­රක් එළි­යට ගියා. එක වරම අපේ නිවෙ­සට දෙදෙ­නෙක් ආවා. ඔවුන් කිව්වේ මිරි­හාන පොලි­සි­යෙන් කියලා. මට කිව්වා කුඩු හංගපු තැන් කියන්න කියලා. මම කිව්වා මම කුඩු ගැන දන්නේ නැහැ කියලා. ඔවුන් මුහුණු ආව­ර­ණය කර­ගෙන හිටියෙ නැහැ. ටික­කින් මේ අය මාව පුටු­වක තියලා මගෙ අත්දෙක පිටි­ප­ස්සට කරලා බැන්දා. ඇස් දෙකත් බැන්දා. කට‍ත් බැන්දා. ඉන් පස්සේ කකුල් දෙක පුටුවේ කකු­ලක ගැට ගැහුවා. උන් දෙන්නා මගෙන් ඇහුවා රත්ත­රන් කෝ කියලා. කට වහලා නිසා හරි­යට කතා කරන්න බැහැ. මම ගොර ගොර හඬින් කිව්වා රත්ත­රන් නැහැ කියලා. පැයක් විතර උන් අපේ ගේ ඇතුළේ ඉන්න ඇති. එක පාර­ටම සාලේ රූප­වා­හි­නියේ සද්දේ වැඩි වුණා. මට දැනුණා උන් ගිය බව. මම අත්දෙක ගලව ගන්න දැග­ළුවා. එ්ත් බැරි වුණා. කට ගැට ගහලා තිබුණ රෙදි පටිය දත්ව­ලට අහු වුණා. මම එ්ක හැපුවා. යාන්තම් ශබ්දය පිට­වන බව දැනුණා. මම කෑගැ­හුවා. හුඟ වෙලා­ව­කට පස්සේ එහා ගෙදර එක්කෙනා ආවා. වයර් එකට අත්දෙක හිර­වෙලා තුවාල වෙලා තිබුණා. 119 කතා කරලා කිව්වා. පාන්දර තමයි පොලි­සි­යෙන් ආවේ. මම අවි­ස්සා­වෙල්ල පොලි­සියේ පැමි­ණි­ල්ලක් කළා. මුළු ගේම ඇදලා දාලා තිබුණේ. කුස්සියේ කර­වල දාලා තිබුණ භාජ­නය පවා ඇදලා. අල්මා­රියේ තිබුණු ඩොලර් හත­ළිස් පහයි, රුපි­යල් දාහ­දා­හයි අර­ගෙන ගිහිල්ලා. මට ඒවා ගැන දුකක් නැහැ. මගේ ජීවි­තය බේරුණු එක වාස­නා­වක්. ඒත් ලේක්හ­වුස් එකෙන් මට ලැබුණ රන් පවු­මත් උන් අරන් ගිහිල්ලා. මම අහලා තියෙ­නවා හොරු රත්ත­රන් උණු­ක­ර­නවා කියලා. ඒක එහෙම නම්..?

අරුල් පව­සන්නේ බොහො කන­ගා­ටු­වෙනි. අරුල්ගේ රන් පවුම ඔහුට සිහි­න­යක් වනු ඇද්ද?

අරුල්ගේ රන්ප­වුමේ කතාව අව­සා­නයේ ඔබ මේ ගැනත් අව­ධා­නය යොමු කළ යුතුය. ඒ රාත්‍රි­යේදී පම­ණක් නොව ඕනෑම වෙලා­වක තම නිවෙ­ස්ව­ලට පැමි­ණෙන නාඳු­නන පුද්ග­ල­යන් පිළි­බඳ විම­සි­ලි­මත් වීමය...

ඉසවි.

Comments