ලංකාවේ පළමුවරට රක්ෂණ සේවා සැසඳීමට අවස්ථාව ලබාදෙන ඩිජිටල් අවකාශයක් ඩයලොග් හා එක්ව නිර්මාණය කළ InsureMe.lk සමග Mastercard පසුගියදා අත්වැල් බැඳගත්තේය.මේ සඳහා InsureMe.lk සවිබලගන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සමාගමක් වන ඩයලොග් විසිනි.මේ සමගම දියත් කළ ප්‍රවර්ධන පියවර සමග සියලු Mastercard කාඩ්පත් හිමියන්ට ඉතා පහසු මූල්‍යමය වැය කිරීමකින් රක්ෂණාවරණ ලබාගැනීමට අවස්ථාව ලැබේ.
මෙම සබඳතාව සහ දීමනාව 2018 වසර පුරා බලපැවැත්වේ. මෙම කාලය තුළ Insureme.lk ඔස්සේ ලංකාවේ ඕනෑම රක්ෂණ සමාගමකින් ලබා ගන්නා World Mastercard කාඩ්පත් හිමියන්ට නව රක්ෂණාවරණයේ පළමු වාරිකය සඳහා 20%ක වට්ටමක් හිමි වේ. Platinum සහ වෙනත් Mastercard කාඩ්පත් හිමියන්ට පිළිවෙළින් 15% සහ 10% බැගින් වන වට්ටම් හිමිවේ. Mastercard සමග ඒකාබද්ධව නිකුත් කර ඇති අනෙකුත් සියලුම ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත් මගින්ද මෙම දීමනාව අත් විඳිය හැක.
www.insureme.lk වෙත පිවිසීමෙන් Mastercard පත් හිමියන්ට මෙම දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මෙහිදී ලංකාවේ ඕනෑම රක්ෂණ සමාගමක් විසින් ලබා එමෙන්ම තම අවශ්‍යතාව සඳහා මනාව ගැලපෙන රක්ෂණාවරණයක් ලබා ගැනීමට අවශ්‍ය සහය ලබා දීමට InsureMe.lk හි විශේෂඥ කාර්යමණ්ඩය නිරන්තරයෙන් සූදානම්ව සිටී.