InsureMe හා Mastercard අත්වැල් බැඳ­ගනී | සිළුමිණ

InsureMe හා Mastercard අත්වැල් බැඳ­ගනී

ලංකාවේ පළ­මු­ව­රට රක්ෂණ සේවා සැස­ඳී­මට අව­ස්ථාව ලබා­දෙන ඩිජි­ටල් අව­කා­ශ­යක් ඩය­ලොග් හා එක්ව­ නි­ර්මා­ණය කළ InsureMe.lk සමග Mastercard පසු­ගි­යදා අත්වැල් බැඳ­ග­ත්තේය.මේ සඳහා InsureMe.lk සවි­බ­ල­ග­න්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම සන්නි­වේ­දන සේවා සමා­ග­මක් වන ඩය­ලොග් විසිනි.මේ සම­ගම දියත් කළ ප්‍රව­ර්ධන පිය­වර සමග සියලු Mastercard කාඩ්පත් හිමි­යන්ට ඉතා පහසු මූල්‍ය­මය වැය කිරී­ම­කින් රක්ෂ­ණා­ව­රණ ලබා­ගැ­නී­මට අව­ස්ථාව ලැබේ.

මෙම සබ­ඳ­තාව සහ දීම­නාව 2018 වසර පුරා බල­පැ­වැත්වේ. මෙම කාලය තුළ Insureme.lk ඔස්සේ ලංකාවේ ඕනෑම රක්ෂණ සමා­ග­ම­කින් ලබා ගන්නා World Mastercard කාඩ්පත් හිමි­යන්ට නව රක්ෂ­ණා­ව­ර­ණයේ පළමු වාරි­කය සඳහා 20%ක වට්ට­මක් හිමි වේ. Platinum සහ වෙනත් Mastercard කාඩ්පත් හිමි­යන්ට පිළි­වෙ­ළින් 15% සහ 10% බැගින් වන වට්ටම් හිමිවේ. Mastercard සමග ඒකා­බ­ද්ධව නිකුත් කර ඇති අනෙ­කුත් සිය­ලුම ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත් මගින්ද මෙම දීම­නාව අත් විඳිය හැක.

www.insureme.lk වෙත පිවි­සී­මෙන් Mastercard පත් හිමි­යන්ට මෙම දීමනා පිළි­බඳ වැඩි­දුර තොර­තුරු ලබා­ගත හැකිය. මෙහිදී ලංකාවේ ඕනෑම රක්ෂණ සමා­ග­මක් විසින් ලබා එමෙන්ම තම අව­ශ්‍ය­තාව සඳහා මනාව ගැල­පෙන රක්ෂ­ණා­ව­ර­ණ­යක් ලබා ගැනී­මට අවශ්‍ය සහය ලබා දීමට InsureMe.lk හි විශේ­ෂඥ කාර්ය­ම­ණ්ඩය නිර­න්ත­ර­යෙන් සූදා­නම්ව සිටී.

Comments