Dialog - Ookla සම්මා­න­යෙ­න් පි­දුම් ලබයි | සිළුමිණ

Dialog - Ookla සම්මා­න­යෙ­න් පි­දුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම සන්නි­වේ­ද­න­සේවා සම්පා­දක වන ඩය­ලොග් ආසි­ආටා සමා­ගම, ශ්‍රී ලංකාවේ වේග­වත් ම ජංගම දුර­ක­ථන ජාලය ලෙස, ජංගම දුර­ක­ථන, අන්ත­ර්ජාල වේග පරීක්ෂා කිරීම සඳහා ලොව ප්‍රමු­ඛ­තම Dialog සමා­ගම මගින් දෙනු ලබන 2018 Speed Test ම්මාන­යෙන් පිදුම් ලබා ඇත. රට­පුරා විසිරී සිටින ශ්‍රී ලාංකි­ක­යන් විසින් සිදු­කල speed tests වල ප්‍රති­ප­ල­යක් ලෙස ලැබී ඇති මෙම සම්මා­නය, Dialog සමා­ගම, අඛ­ණ්ඩව 6 වන­ව­ර­ටත් ජනතා මනා­ප­යෙන් ශ්‍රී ලංකාවේ ජන­ප්‍රි­ය­තම ඉන්ට­ර්නෙට් සේවා­ස­ම්පා­දක ලෙස තෝරා පත්කර ගැනීම, තව­දු­ර­ටත් අව­ධා­ර­ණය කර­න්නකි.

2018 වර්ෂයේ පළමු මාස6 තුල Ookla Speed Test Intelligence දත්ත වල­ට­අ­නුව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඩවු­න්ලෝඩ් වේගය 16.80 Mbps වන­අ­තර Dialog පාරි­භෝ­ගි­ක­යන්ගේ ඩවු­න්ලෝඩ් වේගය 21.73 Mbps ලෙස සට­හ­න්වීම, පුළු­ල්තම සහ වේග­වත්ම ජාලය ලෙස Dialog ලබා ඇති ප්‍රමු­ඛ­ත්ව­යට මනා­ නි­ද­සු­නකි.

Ooklaහි විධා­යක උප­ස­භා­පති ජේමීස්ටී­වන් මහතා අද­හස් දක්ව­මින් මෙසේ පැව­සීය. ශ්‍රී ලංකාවේ වේග­වත්ම ජංගම දුර­ක­ථන ජාලය ලෙස Dialogවෙත මෙම සම්මා­නය පිරි­නැ­මීම ගැන අපි සතුටු වන අතර මෙම ඇග­යීම 2018 වසරේ පළමු හා දෙවන කාර්තු වල Dialogහි විශ්ලේ­ෂ­ණ­යට ලක්වූ, පාරි­භෝ­ගි­ක­යන් විසින් සිදු­කල speed tests වලින් ඔවුන් ලබා ඇති විශිෂ්ට ප්‍රති­ඵලවලට හොඳම සාක්ෂි­යක් ලෙස අපි දකි­නවා.

Comments