ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය CNCI රන් සම්මාන දිනයි | සිළුමිණ

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය CNCI රන් සම්මාන දිනයි

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ කළ­ම­නා­කාර අධ්‍යක්‍ෂ මංජුල ආරි­ය­කු­මාර මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය CNCI සංවි­ධා­නය කළ කර්මාන්ත විශි­ෂ්ටතා 2018 සම්මාන උළෙ­ලේදී ජාතික මට්ටමේ, මහා පරි­මාණ කාණ්ඩයේ, නිෂ්පා­දන අංශයේ රන් සම්මා­න­යෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා කොළඹ ගල­දාරී හෝට­ල­යේදී උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්විණි. කුඩා පරි­මා­ණ­යෙන් අරඹා වර්ත­මා­න­යේදී ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම සමා­ග­මක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය සම්මාන රැස­කින් පිදුම් ලබා ඇත. 2015දී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය පිරි­නැමූ කර්මාන්ත විශි­ෂ්ටතා රන් සම්මා­න­යත්, 2016දී හා 2017දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේ­ල­නය පිරි­නැමූ විශි­ෂ්ට­තම ව්‍යව­සා­ය­කයා රන් හා රිදී සම්මා­නත්, ශ්‍රි ලංකා වාස්තු විද්‍යා­ඥ­යන්ගේ ආය­ත­නය පිරි­නැමූ නිෂ්පා­දන විශි­ෂ්ටතා සම්මා­න­ව­ලින් දස වතා­වක් පිදුම් ලැබී­මත් ඒ අත­රින් ප්‍රධා­නය.

ඉදි­කි­රීම් ක්‍ෂේත්‍ර­යට අදාළ නිෂ්පා­දන රැසක් වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දුන් ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ නව­තම හඳු­න්වා­දීම වන්නේ පරි­සර හිත­කාමී ලෙස විදුලි බලය නිප­ද­වන සූර්ය පැනල පද්ධ­ති­යයි. රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂ­නල් ඕව­ර්හෙඩ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසි­ස්ටන්ට් ඩෝ, ඇලු­මි­නි­යම් ෆැබ්රි­කේ­ෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයා­වේස්, පොලි­කා­බ­නේට් කැන­පීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ටි්‍ර කබඞ්ස්, රැක් සිස්ටම්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ අනෙ­කුත් නිෂ්පා­දන අතර වේ.

Comments