ජෝන් කීල්ස් වෙතින් මඩ­ක­ල­පුව ශික්ෂණ රෝහලට හදිසි ප්‍රති­කාර ඒක­කයක් | සිළුමිණ

ජෝන් කීල්ස් වෙතින් මඩ­ක­ල­පුව ශික්ෂණ රෝහලට හදිසි ප්‍රති­කාර ඒක­කයක්

2015 වස­රේදී ජෝන් කීල්ස් සමූ­හය විසින් Foundation Supporting a National Trauma Service in Sri Lanka පද­නමේ “ ශ්‍රී ලංකා BEAP ව්‍යාපෘ­තිය” (මඩ­ක­ල­පුව ශික්ෂණ රෝහලේ හදිසි අන­තුරු ව්‍යාපෘ­තිය) සහ ශ්‍රී ලංකා සෞඛ්‍යය අමා­ත්‍යාං­ශයේ ජාතික කම්පන ප්‍රති­කාර සේවා­වට සහාය දක්ව­මින් රාජ්‍යය පෞද්ග­ලික හවුල් ව්‍යාපා­රි­ත්වය හරහා මඩ­ක­ල­පුව ශික්ෂණ රෝහලේ, මහල් තුන­කින් සම­න්විත වර්ග­මී­ටර් 6202 ක අති නවීන අන­තුරු හා හදිසි ප්‍රති­කාර ඒක­ක­යක් සඳහා අර­මු­දල් සප­යා­දෙන ලදී.

2018 ජූනි­මස 17 වන දින මෙම නව­ප­හ­සු­කම විවෘත කර­න­ලද අතර, එහි ශල්‍යා­ගා­රය ජෝන් කීල්ස් නමින් නම් කරන ලදී. ජෝන් කීල්ස් සමූ­හයේ ආය­ත­නික සමාජ වග­කීම් අංශයේ ප්‍රධානී නදීජා තම්බ­යියා පැව­සුවේ Òනව­හ­දිසි අන­තුරු හා හදිසි ප්‍රති­කාර ඒක­ක­යක අව­ශ්‍ය­තා­වය සියලු ප්‍රධාන පාර්ශ්ව­ක­රු­වන් විසින් හඳු­නා­ග­නු­ලැ­බුවේ රෝහලේ දැනට ඇති තුවාල සඳහා ප්‍රති­කා­ර­ක­රන කාම­රයේ ඇති සීමිත ඉඩ­කඩ හා සම්පත් හිඟ­කම නිසා පම­ණක් නොව, අනි­කුත් හදිසි ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­ව­ලින් එය දුර­ස්ථව පිහි­ටිම, සිවිල් යුද්ධය අත­ර­තුර එහි තිබූ කල­බල සහ එම ප්‍රදේ­ශ­වා­සීන්ගේ වැඩි­වන අව­ශ්‍ය­තා­ව­යන් හේතු­වෙන්”බවයි. සංචා­රක ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­යෙකු ලෙස කට­යුතු කරන ආය­ත­න­යක් ලෙස, සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා ආස­න්නව පිහිටා ඇති සහ අති නවීන වෛද්‍ය පහ­සු­කම් වල වැද­ග­ත්කම ජෝන් කීල්ස් සමූ­හය විසින් හඳු­නා­ගෙන ඇත.

Comments