යුරෝ­පය පෙන්වා සල්ලි ගැරූ සුදු කර­පටි හොරා මෙන්න | සිළුමිණ

යුරෝ­පය පෙන්වා සල්ලි ගැරූ සුදු කර­පටි හොරා මෙන්න

අසී­මිත ආසා­වන් පසු­පස හඹා යෑම වෙනු­වෙන් මිනි­සුන් මුළාවේ දම­මින් මුදල් කොල්ල කෑමට ඇතැම් පුද්ග­ලයෝ විවි­ධා­කා­රයේ වෙස් ගනිති. සිවුරු පොර­වා­ගෙන මිනි­සුන් මුළාවේ දම­මින් කෝටි ගණ­නක මුදල් වංචා කළ අය­කුගේ කතා පුව­තක් පසු­ගි­යදා 11 වැනිදා වාර්තා වූයේ අහු­න්ගල්ල පොලී­සි­යෙනි.

අහු­න්ගල්ලේ ගල්වෙ­හෙර මළු­ව­වත්ත පුරාණ විහා­ර­ස්ථා­නයේ ගල්කු­ලමේ සෝරත නමින් වැඩ සිටි ඔහු එම විහා­ර­ස්ථා­න­යට ‘වැඩම කොට‘ තිබුණේ තමා විසින්ම බෞද්ධ පුව­ත්ප­තක පළ කළ “කැන­ඩාවේ සිට පැමිණි මහා­චාර්ය හිමි­න­ම­කට නිද­හසේ වැඩ­සි­ටී­මට විහා­ර­ස්ථා­න­යක ඉඩ පහ­සු­කම් සලසා දෙන්න” යන දැන්වී­මට ලැබුණු ප්‍රති­චා­ර­යක් මතයි.

එම විහා­ර­ස්ථා­නය බාර කොස්ගොඩ මහින්ද හිමි­ය­න්ටය. මහින්ද හිමි­යන් පුව­ත්පත් දැන්වී­මට දැක්වූ ප්‍රති­චා­රය මත ඔහු මළු­ව­වත්ත විහා­ර­ස්ථා­නයක් පැමි­ණියේ මීට මාස පහ­කට පමණ පෙර­දීයි.

විහා­ර­ස්ථා­න­යට වැඩම කර ගල්කු­ලමේ සෝරත නමින් පෙනී සිටි­මින් ප්‍රදේ­ශයේ දායක කාර­කා­දී­න්ගේද සිත් දිනා­ගෙන විහා­ර­ස්ථා­නයේ දියු­ණු­වට කැප වී සිටි­යේය. දාය­ක­යන්ගේ ආධාර උප­කාර ඇතිව රුපි­යල් කෝටි ගණ­නක මුදල් වැය­කොට විහා­ර­ස්ථා­නයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කර ඇති අතර ඊට එක් දායක මහ­තෙක් රුපි­යල් කෝටි­ය­කට අධික මුද­ලක් විය­දම් කර ඇති බව­ටද සැල වේ.

ඒ අතරේ තමා මහා­චා­ර්ය­ව­ර­යෙකු ලෙස හඳුන්වා දෙමින් කැන­ඩාවේ විශ්ව­වි­ද්‍යා­ල­යක සේවය කළ බවක් ද දාය­ක­යන්ට ඒත්තු ගැන්වීය. එසේ විහා­ර­ස්ථා­නයේ සිටින අතරේ තම කැනඩා මහා­චාර්ය පට්ටම හරහා ජන­තා­වට සේව­යක් කරන බව හඟ­ව­මින් කැන­ඩා­වට යවන බවට ප්‍රචා­රය කොට තිබුණේ අන්ත­ර්ජා­ලයේ දැන්වීම් පළ කර­මිනි.

ඊට ප්‍රති­චාර දැක්වූ රටේ විවිධ පෙදෙ­ස්වල බොහෝ දෙනෙකු පසු­ගිය කාල සමය තුළදී විහා­ර­ස්ථා­න­යට ඇදී ආවේ තම සිහින මුදුන් පමු­ණුවා ගැනීමේ අපේ­ක්ෂා­වෙනි. එසේ පැමිණි අහිං­සක ජනයා තම දහ­ඩිය මහ­න්සි­යෙන් උප­යා­ගත් මුදල් පම­ණක් ‍‍නොව කන­කර අභ­රණ උක­සට තබා ගිනි පොලී­ක­රු­ව­න්ගෙන් ගත් ලක්ෂ ගණ­නින් මුදල් සෝරත චීව­ර­ධා­රි­යාට පිරි­නමා තිබුණේ කැන­ඩා­වට පය තැබීමේ බලා­පො­රො­ත්තුව මුදුන් පමු­ණුවා ගැනීමේ අටි­යෙනි.

එහෙත් පසු­ගිය 30 වැනිදා සිට ඔහු අහු­න්ගල්ල මළු­ව­වත්ත විහා­ර­ස්ථා­න­යෙන් නික්ම ගොස් ඇති බවට දායක කාර­කා­දීන්ට පම­ණක් නොව එසේ මුදල් ලබා දුන් ජන­තා­ව­ටද දැන­ගැ­නී­මට ලැබි තිබේ.

ඔහුගේ ‘ගැටය’ට හසුවූ යුද හමු­දාවේ සිවිල් රියැ­දු­රකු ලෙස සේවය කරන අනු­රා­ධ­පුරේ වෙසෙන 35 හැවි­රිදි චන්දන තිල­ක­රත්න සමඟ කතා­බහ කිරී­මට අපට හැකි විය.

“වෙන්න තියෙන හැම දෙයක්ම වුණා මහ­ත්තයෝ... අපි හතර දෙනෙක්ම අහු­වුණා මේ හොර වැඩේට... අපි කට්ටි­යම සල්ලි දුන්නෙ පොලි­යට අරන්. මගේ යාළු­වෙක් ගිය අවු­රු­ද්දට කලින් දිනෙක අහු­න්ගල්ලෙ පන්ස­ලක උත්ස­වේ­කට ගියා. හාමු­දුරු වෙස් ගත් හොරාත් ඒ උත්ස­වේට ඇවිල්ලා තිබුණා. ඔහුගේ රියැ­දුරා වූ ඉන්දික කියන කෙනා තමයි මේ ගැන මගේ යාළු­වට කියලා තිබුණේ. පස්සෙ අපි හතර දෙනෙක්ම ගියා අහු­න්ගල්ලෙ පන්සල හොයා­ගෙන. එදා සිහින ලෝකෙ­කට තමයි අපව අරන් ගියේ. ඉක්ම­නට පොත හදා­ගන්න කිව්වා. මුළු ගම­න­ටම ලක්ෂ 20ක් යනවා, ලක්ෂ කීයක් හරි දෙන්න කිව්වා. ඉතිරි මුදල් ගියාම පඩි­යෙන් කැපෙන්න ගන්නවා කිව්වා.”

ඒ අනුව ඉන්දික ඇතුළු පිරිස නැව­තත් අහු­න්ගල්ල මළු­ව­වත්ත විහා­ර­යට ගොස් ලක්ෂ දෙක, තුන ආදි ලෙස සිවු­දෙ­නාම මුදල් පිරි­නමා පැමිණ ඇත්තෙ ලක්ෂ ගණ­නක් මුද­ලක් දුන් බවට ලියුම් කඩ­දා­සි­යක් පම­ණක් රැගෙ­නය.

“සල්ලි දීලා මාස දෙකක් විතර ගියා. මුලින් කිව්වා තිහක් ගෙනි­ය­නවා. පස්සෙ කිව්වා පහ­ළො­වක් ගෙනි­ය­නවා. ඔහොම කිය කියා ඉන්න­කොට අපිට පුංචි සැකෙ­කුත් ආවා.”

චීව­ර­ධා­රියා අතු­රු­දන් වූ බවට සැලවූ පසු­ගිය 30 වැනිදා වූයේ කුම­ක්දැයි මා විම­සීය.

“අපිට මෙඩි­කල් යන්න 30 වැනිදා උදේ පාන්දර කොළ­ඹට එන්න කිව්වා. අපි ඇවිල්ලා කොළඹ ‍පිටකො­ටුවේ බස් නැව­තුම ළඟ බේරේ වැව ගාවට වෙලා හිටියා. එතැන ඔක්කොම එදා 25ක් විතර හිටියා. අපි උදේ 8.30ට විතර කෝල් එකක් ගත්තා. එත­කොට කිව්වා එන ගමන් කියලා. නැව­තත් 9.30ට විතර ගත්තා. එත­කොට නම් ෆෝන් එක වැඩ කළේ නෑ. මගේ යාළු­වෙක් ගත්තා ඉන්දික කියන රියැ­දු­රාට කෝල් එකක්. ඔහු කිව්වා හාමු­දු­රුවෝ වීල් එකක නැඟලා ගියා කියලා. පස්සෙ අපි සෝදිසි කරලා බලන කොට තමයි දැන­ගන්න ලැබුණේ සල්ලිත් අරන් පැනලා කියලා.”

එදා ඔහුගේ ‘ගැටය’ට හසුවූ අවි­ස්සා­වේල්ල, අනු­රා­ධ­පුර, මාතර, හලා­වත, ආණ­ම­ඩුව, මතු­ගම, අග­ල­වත්ත, නුව­ර­එ­ළිය, හල්දු­ම්මුල්ල, අහු­න්ගල්ල ආදි රටේ නන්විධ පෙදෙ­ස්වල පිරිස අහු­න්ගල්ල පොලී­සි­යට පැමි­ණි­යහ. ඒ සමඟ ඇල්පි­ටිය කොට්ඨාස බාර පොලිස් අධි­කාරී නිහාල් තල්දූව සහ අම්බ­ල­න්ගොඩ සහ­කාර පොලිස් අධි­කාරි සිසිර පෙත්ත­ත­න්ත්‍රිගේ ප්‍රධා­න­ත්ව­යෙන් අහුං­ගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම්පත් පත්ම­ලාල්ගේ මෙහෙ­ය­වීම මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති හේමන්ත ජය­සූ­රිය, පො.සැ. (11478) පෙරේරා, පො.කො. (86252) සුරංග ප්‍රමුඛ පිරිස සිවුරු පොර­වා­ගෙන මිනි­සුන්ගේ මුදල් කොල්ල කෑ ඔහු සොයා සූක්ෂ්ම මෙහෙ­යු­මක් දියත් කළේය.

ඒ අනුව ඔහු සතුව තිබූ දුර­ක­ථන අංක කීප­ය­ටම පොලී­සිය ඇමැ­තුම් ගත්තේය. එම ඇමැ­තු­ම්ව­ලට පෙරළා ප්‍රති­චාර දැක්වූ ඔහු පොලී­සි­යට ඇමැ­තු­මක් ගෙන තිබිණි. එම අංකය පොලිස් නිල­ධා­රින්ට සොයා ගැනී­මට හැකි විණි. එම අංක­යට පොලී­සිය විසින් ඇමැ­තුම් දුන් පසුව එක්ව­රම කතා­කොට ඇමැ­තුම විසන්ධි කළ බව පරී­ක්ෂණ නිල­ධා­රි­යෙක් කීවේය.

ඒ අනුව ඔහු සිටින ඉසව්ව සොයා­ගත් පොලී­සිය හලා­වත ප්‍රදේ­ශයේ පිහිටි නවා­තැන් පහ­සු­කම් සහිත හෝට­ල්ව­ලට ඇමැ­තී­මෙන් චීව­ර­ධාරි වෙස් ඉව­ත්­කොට සිටි පුද්ග­ල­යෙකු ගැන තොර­තු­රක් ලැබිණි. පුද්ග­ල­යන්ගේ වෙස් ඉවත් කිරීම් පිළි­බඳ හොඳ ‘ඉව’කින් සිටි අහු­න්ගල්ල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරිස නිශ්චිත ලෙස තීන්දු කළේ ඔහු චීව­ර­ධා­රි­යාම බවයි.

ඒ අනුව හලා­වත මාර­විල ප්‍රදේ­ශයේ හෝට­ල­යක සිටි­යදී අත්අ­ඩං­ගු­වට පත්වූ ඔහු කුරු­ණෑ­ගල, යන්ත­ම්ප­ලාවේ පදිංචි 55 හැවි­රිදි වන්නි­නා­යක හේරත් මුදි­ය­න්සේ­ලාගේ ගාමිණි වන්නි­නා­යක නමැත්තා බවට හඳු­නා­ග­ත්තේය.

එලෙස භික්ෂූ වෙස්ගත් ඔහු අත්අ­ඩං­ගු­වට පත්වන විටත් මිනි­සු­න්ගෙන් කොල්ලකෑ රුපි­යල් එක්කෝටි අට­ලක්ෂ විසි­ද­හ­සක්ද මුද­ලක්ද දෙලක්ෂ හැට­ද­හ­සක් වටිනා රන්භා­ණ්ඩද රුපි­යල් ලක්ෂ හැත්තෑ­වක් පමණ වටිනා හයි­බ්‍රිඩ් ජීප් රථ­යක් සහ රුපි­යල් පහ­ළොස් දහ­සක් වටිනා ඔර­ලෝ­සු­වක්, ජංගම දුර­ක­ථන කීප­යක් සහ ටැබ් පරි­ග­ණ­ක­යක්ද විය. ඔහු විසින් රටින් පැන යාමට ගුවන් ගමන් බල­පත්‍ර රැසක්ම සකස් කර­ග­නි­මින් එම හෝට­ලයේ රැඳී සිටි බවට පොලී­සිය ඉදි­රියේ පාපෝ­ච්චා­ර­ණය කෙට ඇත.

අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසුව බළ­පි­ටිය වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් ඉසෙඩ්. ඊ. ලියා­කාත් මහතා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට නියෝග කෙරිණි. මොහු පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් සොයා බැලු පරී­ක්ෂණ නිල­ධා­රීන්ට සොයා ගැනී­මට හැකි වී තිබුණේ අහිං­සක මිනි­සුන් රවටා ලබා­ගත් මුද­ල්ව­ලින් තවත් මෝටර් රථ කීප­යක්ම මේ ලබා­ගෙන විකුණා ඇති බවයි. එම මෝටර් රථ දෙක වූ ලක්ෂ දහ­ස­යක මුද­ල­කට විකිණු කැබ් රථය මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශ­යෙන්ද ලක්ෂ නව­ය­හ­මා­ර­කට මාර­වි­ලට විකිණු ලොරි රථ­යද අහු­න්ගන්න පොලී­සිය පොලි­සිය සොයා­ගෙන තිබේ.

එසේම ඔහුගේ කල්ක්‍රියා නිසාම 1996 වසරේ සිටම අයි­ආර්සී කාර­යෙකු ලෙස පොලිස් පොත්වල නම සට­හන් කර­ගෙන ඇත. මොහුට විරු­ද්ධව මංකොල්ල කෑම් සහ මිනි­සුන් රවටා මුදල් කොල්ල කෑම හේතු­වෙන් වත්තල පොලී­සි­යට දහ­සය වතා­වක් පැමි­ණිලි ලැබී තිබෙද්දී පොලො­න්න­රුව පොලී­සි­ය­ටද කොල්ල­කෑම් පිළි­බ­ඳව පැමි­ණිලි රාශි­යක්ම ලැබී තිබේ. අහු­න්ග­ල්ලේදී මොහුගේ රැව­ටී­මට හසුවූ පැමි­ණිලි 35ක් මේ වන විට ලැබී තිබෙන අතර තවත් අය සිටී නම් ඒ පිළි­බ­ඳව පොලී­සි­යට පැමි­ණිලි කරන ලෙස ඉල්ලා සිටී.

සේයාරූ - බළ­පි­ටිය සමූහ  දිලීප් නිශ්ශංක

Comments