පාවෙන්න ඉඩ දෙන්න... | සිළුමිණ

පාවෙන්න ඉඩ දෙන්න...

දැනෙන විඩාව මඟ හරින්න නම් ගිමන් හැරිය යුතු­මයි. වීදිය කෙළ­වර බංකුව මත වාඩි වුණු මට ඒ අවට හැම ඉස­ව්වට ම මගේ නෙත් දිව යන බව නොතේ­රු­ණාම නොවෙයි. එහෙම දිව ගිය ඇස් ඒ පුංචි සහෝ­ද­රයා අසල රැඳුණේ අන­ව­ස­ර­යෙන්.

ඈත අහස දිහා නෙත් යොමා­ගෙන ඔහු අපූරු රංග­න­යක යෙදෙ­නවා. ඔහු දකින්න හදන දසුන හොයා­ගෙන මගේ දෙනෙත් වෙහෙ­සෙ­නවා. සුළ­ඟත් එක්ක එකතු වුණු වර්ණ­වත් සරුං­ග­ල­යක් තාල­ය­කට අහසේ රඟ දෙනවා. ඒ සරුං­ග­ලයේ හිමි­කරු ඔහුයි. එහි වර්ණ නිසා අහ­සත් හැඩ වෙලා. වරෙක එක් අන්ත­ය­කට පාවෙලා යන සරුං­ග­ලය තවත් වරෙක හුන් තැනම රටා මව­නවා. එක් අතක දිගු යොතක්. ඒ යොතෙන් සරුං­ග­ල­යට රිසි තරම් දුර පාවෙන්න ඉඩ හැරලා ඒ දිහා බලාන ඉන්නවා. ආපසු හෙමින් හෙමින් යොත තමන්ගේ සමී­ප­යට ගනිද්දී නිද­හසේ පාවී ගිය සරුං­ග­ල­යට දැනෙන්ට ඇති තමන් නිද­හස් නැහැ කියන වග. එක් අත­කට ඔහු එය අඟ­ව­නවා වෙන්නත් පුළු­වන්; “ ඔබට පාවී යන්න වුවත් හැක්කේ මා දෙන දුර­කට විත­රක් කියා.”

අපට නොදැ­නු­ණත් මේ පවන වේග­යෙන් හමා යනවා. හැම මොහො­තක ම දාහය නිවන නිසා මඳ­නල කියා අපි හිත් රවටා ගන්නවා නොවෙයි ද...? ඒ සිති­විල්ල සත්‍යක් ම කියන දේ පසක් කර­මින් දෝ සුළඟ වේග­යෙන් හමා යන්න වෙලා. හෙමින් හෙමින් පා වුණු සරුං­ග­ලය දැන් වේග­යෙන් හමා යන සුළ­ඟට එකතු වෙලා. ඒ දිහා­ව­ටම ඇදී යද්දී මගේ අසල උන්නු ඔහු ඒ පාවෙන සරුං­ග­ලය පිටු­පස දිව යනවා. මොන තරම් වෙහෙ­සක් ද...? ඔහු මඳ වෙලා­ව­කට පෙර වින්ඳ ඒ නිද­හසේ සතුට ඒත් එක්කම ඈතට පලා ගිහින්. ආපහු ඔහු මා අස­ලින් වාඩි වෙලා; ඔහුත් ගිමන් හරි­නවා.

“ අප­රාදේ මගේ මහ­න්සිය... ” ඒ පසු­තැ­වි­ල්ල­කින් බිඳුණූ හඬක්.

“ සුළඟ නිසා සරුං­ග­ලය ඈතට ගියා නේද...?”

“ ඔව්. ඈතට ම ගියා. මම හරි පරි­ස්ස­මට උණ කූරු සුද්ද කළා; ඒවා සීරු­වට එකට එක් කළා; ඒ විත­රක් නෙවෙයි ලස්සන පාට තෝරලා සව් කොළ ගෙනත් ඇළෙව්වේ; ගැට ගහපු නූල හොඳම එකක්. ” ඒ ඇස් බර වෙලා. “ ඒ තරම් නූල ශක්ති­මත් නම් ඇයි සරුං­ග­ලය කඩා­ගෙන ගියේ...?” ඔබ රිද­වන අද­හ­ස­කින් නොවු­ණත් ඇත්තට ම එය නොවෙයි ද ඇසිය යුත්තේ... ඔහු සුසුම් හෙළන්නේ තමන්ගේ මහ­න්සිය අපතේ ගිය නිසා ද...? නැත්නම් ආද­ර­යෙන්, සීරු­වට හැදූ සරුං­ග­ලය ඈතට ගසා­ගෙන ගිය නිසා ද...?

“ කමක් නැහැ. ආපහු ලස්සන එකක් හදන්න පුළු­වන් නේද...? ඇත්තට ම මට ඔබේ හිත සැහැ­ල්ලු­වෙන් පිරෙ­න්නවා දකි­න්නයි උව­මනා කළේ. මම ආපසු අහස දිහා නෙත් යොමද්දී ඔබේ ඒ සරුං­ග­ලය සෙමින් පහ­තට පියා­ඹ­නවා. “ අන්න ඒක කඩා­ගෙන වැටෙ­නවා; අහුලා ගන්න ආපසු...” ඔබ හැල්මේ ආපහු දුව­නවා, ඒ පසු පස්සේ. ඒ බව නොදන්න සරුං­ග­ලය තවත් ඈතට පාවී යනවා; යොත නිසා පෙර සීමා වූ නිද­හසේ මායි­මට ඉහ­ළින් ම. මොහො­ත­කින් ආපසු මා අසල; එක් අතක පාවී ගිය සරුං­ග­ලය.

“ මොන­වත් වෙලා නැහැ. එක රැල්ලක් විත­රයි ගැල­විලා තියෙන්නේ. ඒක ආපහු අලවා ගන්න පුළු­වන්...” ඔබේ දෙනෙත් හිස් අහසේ අපූරු රටා මව­නවා. ඒ සතුට සුළ­ඟට ඈතට ගෙන යන්න නොහැ­කිව ඔබ අසළ ම රඳවා සුළඟ යන්න ගිහින්.

පාවෙන්න දෙන්න; සුළ­ඟත් ඔබ අසළ ම රැඳේවි...

Comments