දළදා පෙර­හර පෙර­ටුව යන කස­කා­රයෝ සහ ගිනි­බෝ­ල­කා­රයෝ | සිළුමිණ

දළදා පෙර­හර පෙර­ටුව යන කස­කා­රයෝ සහ ගිනි­බෝ­ල­කා­රයෝ

 

හ­නු­වර නග­රය කළ එළි වී තිබේ. දළදා තේවා­වද, හේවිසි නාද­යද සාමාන්‍ය දින­ව­ලට වඩා වැඩි ජනතා අව­ධා­න­ය­කට පාත්‍ර වෙමින් වන්ද­නීය තල­ය­කට පැමිණ ඇත. පංච තූර්ය වාදන සහිත සිවු දේවාල වල “ඇතුළේ පෙර­හර”ද අව­සන්ය. දළදා කර­ඬුව රැගත් කුඹල් පෙර­හර ඇරඹී තිබේ. කුඹල් පෙර­හරේ සිවු වැනි දිනය අදය. තව දෙද­ව­ස­කින් ඇර­ඹෙන්නේ රන්දෝලි පෙර­හ­රය. දළඳා පූජෝ­ප­හා­ර­යට සම­වැ­දෙ­මින්, කුඹල් පෙර­හ­රේද, රන්දෝලි පෙර­හ­රේද ශිල්ප දක්වන දහස් ගණ­නක ශිල්පීන් අත­රින් පෙර­මු­ණේම යන ශිල්පීන් සොයා “සිළු­මිණේ” අප ද මහ­නු­ව­රට ගියෙමු.

අර්ථ දැක්වීම් අනුව සම්පූර්ණ දළදා පෙර­හර යනු මහ වැස්සක සංකේ­ත­යකි. වැසි ඵල ඇර­ඹීම ආශ්‍රිත පාරි­ස­රික සිදු­වීම් වන මේඝ ඝර්ජ­නා­වත්, විදුලි එළි­යත් සංකේ­ත­වත් කිරීම පිණිස කස කරු­ව­නුත්, ගිනි­බෝ­ල­ක­රු­ව­නුත් දළදා පෙර­හරේ සංස්කෘ­ති­කාංග අත­රට පෙර­මු­ණේම එකතු වී තිබේ. තැනින් තැන යන අලි ඇතු­න්ගෙන් මේඝ වලා­වන්ද, එක පෙළට ඇදෙන සෙසු සංස්කෘ­ති­කාංග වලින් මහා වර්ෂා­වද නිරූ­ප­ණය වේ.

කස­ක­රු­ව­නුත්, ගිනි­බෝ­ල­ක­රු­ව­නුත් දළදා පෙර­හ­රට එක්වූයේ කෙදි­නක දැයි පැහැ­දිලි නැතත් ඒ 1828 න් පසු යළි ඇර­ඹුණු දළදා පෙර­හ­රේදි වන්නට ඇතැයි සිතිය හැකිය. මන්ද දෙවන රජ­සිංහ රජ සමයේ සිර­ක­රු­වෙකු වූ රොබට් නොක්ස්ද, 1817 ඉංග්‍රිසී රජය විසින් තහ­න­මට පෙර පැවැත්වූ අව­සාන පෙර­හර දුටු ජෝන් ඩේවිඩ්ද පෙර­හරේ අංග ලෙස කස හෝ ගිනි­බෝල තිබූ බවක් සට­හන් කොට නැත.

ඒ කෙසේ වුවද අද දවස වන විට පෙර­හරේ මුලින්ම ගමන් කරන්නේ කස කණ්ඩා­ය­මත්, ගිනි බෝල කණ්ඩා­යම් දෙකත්ය. පැය ගණ­නක් පෙර­හර එන තුරු මඟ දෙපස නොඉ­ව­සි­ල්ලෙන් බලා සිටි පිරිස සන්සුන් වන්නේත්, සාදු නාද දෙන්නේත් ඔවුන් දකින විටය. කොඩි­ක­රු­වන් පෙරටු කර­ගත් සෙසු ශිල්පීන් එන්නේ අන­තු­රු­වය. ඒ නිසා අපි මුලින්ම හමු­වූයේ කස කණ්ඩා­යමේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරන උපාලි ජය­රත්න මහ­තාය. ඔහු අපට හමු­වූයේ දළදා මැදුර ආසන්න විෂ්ණු දේවාල බිමේ­දීය.

“අපේ මුල් ගම ගම්පොළ කොස්හින්නේ… දැනට පදිං­චිය මුරු­ත­ලාවේ. දන්න තර­මින් සීය­ලගේ කාලෙ ඉද­ලම කස ගහ­නවා… සීයා කියල තියෙන විදි­යට ඊට කලි­නුත් අපි දළදා පෙර­හ­රට ඇවිත් තියෙ­නවා... ඒ කාලේ ඉඳ­ලම අපේ ගමේ අපේ නෑදෑ පර­ම්ප­රාවේ අය තමයි කස ගහන්නේ…. දැන් නම් හැම දෙනාම කොස්හින්න ගමේ පදිංචි නෑ… ඒත් දළදා පෙර­හ­රට කොහේ හිටි­යත් අපි එකතු වෙනවා….”

ඔහු පව­සන පරිදි කණ්ඩා­යමේ ප්‍රසා­ර­ණ­යක් කිසි දව­සක සිදු නොවේ. අතී­තයේ සිටි සාමා­ජි­ක­යන් ගණන ඉදි­රි­ය­ටත් ඒ හා සමා­න­වම පවතී. පියා­ගෙන් පසුව කණ්ඩා­ය­මට එක් වන්නේ පුතා හෝ බෑනාය. කිසිදු විටෙක එකම පවු­ල­කින් දෙදෙ­නෙ­කුට එක්වී­මට අව­ස්ථාව නැත. කස ගැහීම ගැන දැන සිටිය ද, බොහෝ දෙනා එහි සම්ප්‍ර­දා­ය­යන් දන්නේ නැත. උපාලි ගේ පැහැ­දිලි කිරීම කස සම්ප්‍ර­දාය පිළි­බ­ඳ­වය.

“කස පිපි­ර­වීමේ සම්ප්‍ර­දා­යන් දෙකක් තියෙ­නවා… උඩ­රට සහ පහ­ත­රට කියලා… අපි උඩ­රට.. අපි ගහන්නේ රති­ඤ්ඤාව. පහ­ත­රට ගහන්නේ අත්පො­ඩිය. රති­ඤ්ඤාව එකක් පස්සේ එකක් වැදී­ගෙන යනවා… අත්පො­ඩි­යෙදි සේරම එකට.”

කස ගස­න්නට අවශ්‍ය කසය සක­සා­ගැ­නිම ද ඔවුන්ගේ වැඩකි. එය සක­සන්නේ කොහු ලණු සහ නිය­ඳ­ව­ලිනි. කස­යක අඩුම දිග අඩි අටකි. උප­රිම දිග අඩි දොළ­හකි. නමුත් පුහු­ණුව සඳහා යොදා­ගන්නේ අඩි හයක කස­යක්. “මුලින්ම ලණු පදම් කර­නවා… එක කස වර්ග­යක් ලණු එක­කට එකක් අඹ­රලා තමයි හදන්නේ…ලණු ගොතල හදන එක­කුත් තියෙ­නවා… කොහොම හැදු­වත් කස­යක් කිලෝ දහ­ය­කට කිට්ටුව බරයි…ඊට පස්සේ රෙදි පටි ඔතලා කසය ලස්සන කර­නවා…දළදා පෙර­හ­රට රතු සහ කහ රෙදි වලින් කසය ඔත­නවා...කසය කෙළ­වර හදන්නේ නියඳ කෙදි වලින්… හැබැයි වැස්සට නියඳ කස­ව­ලින් ගහන්න බෑ… ඒනිසා තංගුස් සහ ප්ලාස්ටික් පටි­ව­ලින් කෙළ­වර හදා­ග­න්නවා…”

කිලෝ දහ­යක කස­යක් හරඹ පාමින් කිලෝ­මී­ටර් දෙකක පමණ දුරක් යෑම අසීරු කට­යු­ත්තකි. එහෙත් නර­ඹ­න්නන් මොහො­ත­ක්වත් ශිල්ප නොද­ක්ව­මින් යන­වාට අකැ­මැති නිසාම වෙහෙස දරා­ගෙන වුවද රාජ­කා­රිය ඉටු කළ යුතු­මය. කස ගැසීම පහසු කට­යු­ත්තක් නොවේ.. සැල­සුම වැර­දු­ණ­හොත් කසය කෙළ­වර කැරකී විත් වදින්නේ ශිල්පි­යාගේ ඇස කෙළ­ව­ර­ටය. ඒනි­සාම ඇසට සැත්කම පවා සිදු කළ කස කරුවෝ බොහෝය.

“හරි ආඩ­ම්බ­ර­යක් දැනෙ­නවා… පෙර­හරේ ඉස්සෙ­ල්ලාම යන්නේ අපි නිසා... මිනිස්සු ගරු සරු කරන්නේ දළදා පෙර­හර ට කියල දන්නවා… ඒත් ඒ ගෞර­වය පුදන්නේ අපි ඉස්ස­රහ දී නිසා දැනෙන සතු­ටට ඇස්ව­ලට කඳුළු උන­නවා.” යනු­වෙන් කළ අද­හස් දැක්වීම අව­සා­නයේ උපාලි ජය­ර­ත්නගේ ඇස් කෙවෙනි තෙත් වෙනු අප පැහැ­දි­ලි­වම දුටු­වේය.

අප ඊළ­ඟට ගියේ කඩු­ග­න්නාව හේනා­ව­ල­ටය. දළදා පෙර­හ­රට නූතන ගිනි­බෝල කලාව හඳුන්වා දී ඇත්තේ කඩු­ග­න්නාවේ පදිං­චිව සිටි දෙණි­යේ­ගෙ­දර කරු­ණා­දා­සය. ඒ 1957 දී පම­ණය. වෙනත් පෙර­හ­ර­වල් වල ගිනි­බෝල කර­ක­වනු දුටු කරු­ණා­දාස තරු­ණයා තනි­යම එය ප්‍රගුණ කළේ “ගින්ද­රත් එක්ක සෙල්ලම් කර­න්නට” සිතුණ නිසාය. අව­සා­නයේ එතෙක් පන්දම් පම­ණක් ගෙන­ගිය දළදා පෙර­හ­රට ගිනි­බෝල එකතු කර­න්නට ඉටා­ගත් ඔහු එව­කට දිය­ව­ඩන නිල­මේ­ව­ර­යාව සිටි කුඩා බන්ඩාර නුග­වෙල නිලමේ තුමාව හමු විය. අව­ස­රය ලැබිණි. දින­කට රුපි­යල් දෙකක ගෙවී­මක්ද අනු­මත විය. කඩු­ග­න්නාවේ සිට බස­යක නැඟ නුව­රට ගොස් දළදා පෙර­හ­රට සහ­භාගි වූ කරු­ණා­දාස කන්ඩා­ය­මක් ලෙස දළදා පෙර­හරේ ගිනි­බෝල කර­ක­ව­න්නට වූයේ 1980න් පසු­වය. වයෝ­වෘද්ධ කරු­ණා­දාස මහ­තාට දැන් ගිනි­බෝල කර­ක­ව­න්නට බැරි නිසා දැන් ඒ කට­යුත්ත කරන්නේ ඔහුගේ පුත්‍ර­යාය. ඔහු ප්‍රසන්න දෙණි­යේ­ගෙ­ද­රය. වයස අවු­රුදු 33කි. පදිං­චිය හන්තානේ බෝවල වත්තේය.

“මම අවු­රුදු පහේදී තමයි පෙර­හ­රට ගියේ… දැන් මගේ පුතා­ලත් පෙර­හරේ යනවා… අපි ගින්ද­රට බය නෑ… මගේ කණ්ඩා­ය­මත් එහෙ­මයි… තාත්තාට වයස නිසා 2010න් විතර පස්සේ මම කණ්ඩා­යම බාර­ගත්තා… මුලින් පහ­ළො­වක් විතර හිටපු කණ්ඩා­යම දැන් තිස් පහක් විතර ඉන්නවා...දළදා පෙර­හ­රට අපි යන්නේ මුදල් බලා­ගෙන නොවෙයි… ඒකට ආරා­ධනා කරන එකම ගෞර­ව­යක් විදි­ය­ටයි අපි හිතන්නේ… ඒත් අනෙක් පෙර­හ­ර­ව­ල්ව­ලදි කොන්ත්‍රාත් ක්‍රම­යට භාර අර­ගෙන තමයි යන්නේ…”

ප්‍රස­න්නගේ කණ්ඩා­යම පිරී ඇත්තේ තරු­ණ­ය­න්ගෙනි. ඔවුන්ගේ කණ්ඩා­යමේ විශේ­ෂ­ත්වය වන්නේ ගිනි­බෝ­ලය සහිත ලණුව හිස­කෙස් වල බැඳ කැර­ක­වීම නිසාය.

“අපේ තාත්තා ප්‍රසිද්ධ වුණේ ඒ නිසා...ජනා­ධි­ප­ති­ව­රුන් පවා තාත්තාගේ දක්ෂ­තාව අග­යලා තියෙ­නවා...සුද්දෝ එහෙම පුදුම වෙලා බලා­ගෙන ඉන්නවා…”

ප්‍රස­න්නලා ගිනි­බෝල සක­සා­ගැ­නීම සිදු කරන්නේ බට ගස් වලිනි. ඒවා නිසි මිම්මට කපා, කම්බි­ව­ලින් බැඳ වෘත්තා­කා­රව සක­සා­ගැ­නී­මම අපූරු කලා­වකි. ඊළ­ඟට රෙදි පොට්ටනි සකසා කම්බි දැල්ව­ලින් බැඳ ගිනි බෝල සකසා ගනී. ප්‍රස­න්නගේ කණ්ඩා­යමේ පුරු­දු­ක­රු­වන්ට මේ වැඩ හුරුය. පුරු­දුය. දැන් දැන් ප්‍රස­න්නගේ උද­ව්වට එන්නේ ඔහුගේ පාසල් යන වයසේ පුත්තුය. ඒ මේ දස්කම් ද සමඟ ඉදිරි පර­ම්ප­රා­වද පෙර­හරේ ගිනි­බෝල කර­ක­වන බවට ලැබෙන නිහඩ

 

සාක්ෂි­යකි.“මිනිස්සු පුදු­ම­යෙන් අපි දිහා බලා­ගෙන ඉන්නවා… පෙර­හරේ යද්දි ලොකු අභි­මා­නෙ­කින් යන්නේ… දස දහස් ගණ­නක් බලන පෙර­හ­රක මුලින්ම යන ගිනි­බෝල කණ්ඩා­යම තමයි අපි. අපේ ගිනි බෝල­වල එළි­යට මිනි­ස්සුන්ගේ මුහුණු කල එළි වෙන කොට අපේ මහ­න්සි­යත් ඉබේම නැතිව යනවා…”

දළදා පෙර­හරේ කුඹල් පෙර­හර අලං­කාර වන්නේ එක් ගිනි­බෝල කණ්ඩා­ය­ම­කින් වුවද, රන්දෝලි පෙර­හ­රේදි ගිනි­බෝල කණ්ඩා­යම් දෙකක් දළදා පෙර­හ­රට එකතු වේ. ලංකාවේ සුප්‍ර­සිද්ධ ගිනි­බෝල කණ්ඩා­ය­මක් වන “වල්පොළ ගිනි­බෝල කණ්ඩා­යම” දළදා පෙර­හ­රට එක්වන අනෙක් ගිනි­බෝල කණ්ඩා­ය­මයි.

එහි නිය­මුවා වන්නේ වල්පොළ පදිංචි ඊ.ඩී.තිල­ක­රත්න මහ­තාය. ඔහුගේ කණ්ඩා­යම රජයේ ලියා­ප­දිංචි කර ඇත්තේ 1968 දී ය. වස­ර­කට වරක් සිසුන් බඳ­වා­ගෙන කලා­ය­ත­න­යක් ලෙස පව­ත්වා­ගෙන යන වල්පොළ ගිනි­බෝල කණ්ඩා­යම සංවි­ධා­නා­ත්ම­කව පව­ත්වා­ගෙන යන එකකි.

“මේක අංග­ම්පොර සහ චීනඩි කලාවේ දිගු­වක්.. සුද්දා අංග­ම්පොර තහ­නම් කළාට පස්සේ ඒකේ ලක්ෂණ එක්ක තමයි ගිනි­බෝල බිහි වුණේ… මම ඉගෙන ගත්තේ පෑලි­ය­ගොඩ සීමන් ගුරු­න්නා­න්සෙ­ගෙන්. ඉප­දුණේ 1953දි. අවු­රුදු දහය වෙන කොටත් මම සීමන් ගුරු­න්නාන්සේ ගාව ඉගෙන ගත්තා… රස්සාව හැටි­යට මුලින්ම කළේ වෙළ­ඳාම. පස්සේ මුලින්ම වල්පොළ පෙර­හ­රට තමයි ගිනි­බෝල කැර­කෙව්වේ…”

කලා­වක් පම­ණක් නොව ඕනෑම ශිල්ප­යක් පරි­ණා­මය විය යුතුව ඇතැයි තිල­ක­රත්න මහ­තාගේ අද­හ­සයි. ගිනි­බෝල කළ­ව­ටද එය අදාළ බවත්, තමන්ගේ හැට වස­රක ගිනි­බෝල හුරුව අනුව, පර්යේ­ෂණ කර­මින් ගිනි­බෝල කලාව ශිල්පීය ක්‍රම විසි­ප­හක් දක්වා වර්ධ­නය කළ බවත් ඔහු පව­සයි.

“අපි අවු­රු­ද්ද­කට පෙර­හර පන­හ­කට විතර යනවා… කණ්ඩා­යමේ ශිල්පීන් පන­හ­කට කිට්ටුව ඉන්නවා.. ඒ නිසා අපේ ගිනි­බෝල රාමු ගොඩක් වෙලා­වට හැදෙන්නේ යක­ඩෙන්… රාමු­වක් කිලෝ අට­කට වඩා බරයි… හැමෝ­ටම හොඳ වැටු­පක් දීලා වින­යක් ඇතිව පව­ත්වා­ගෙන යනවා.. දැන් මටත් වඩා මේ ගැන බලන්නේ මගේ පුතාල දෙන්නා තමයි ”

වල්පොළ ගිනි­බෝල කණ්ඩා­යම පළ­මුව දළදා පෙර­හ­රට එක්වන්නේ 1986 දීය. 1989 දී තිල­ක­රත්න මහ­තාගේ ලොකු පුතා මුල් වරට දළදා පෙර­හ­රට ගිනි­බෝල කැර­කවු අව­ස්ථාව ජන­මා­ධ්‍ය­වල පවා අව­ධා­න­යට ලක්වූ බවත්, එවර සහ­භා­ගීවූ ළාබා­ල­තම ශිල්පියා ලෙස තම පුත්‍රයා ආර්. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා අතින් සහ­ති­ක­පත් ලබා­ගත් බවත් තිල­ක­රත්න මහතා කියන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

“දැන­ටත් මගේ කණ්ඩා­යමේ මගේ මුනු­පුරා ඉන්නවා… මෙවර දළදා පෙර­හ­රෙත් ඔහු ඉන්නවා… අපේ කණ්ඩා­යමේ තිස් දෙනෙක් මේ පෙර­හ­රට සම්බන්ධ වෙනවා… අපි දළදා පෙර­හ­රට යන්නේ මුදල් බලා­ගෙන නොවෙයි… හැබැයි අපේ කණ්ඩා­ය­මට හොඳ ගෙවී­මක් පෙර­හර කමි­ටු­වෙන් ලැබෙ­නවා…” “අපි පෙර­හරේ යද්දි අලං­කා­රය මතු වෙන විදි­යට තමයි කණ්ඩා­යම පෙළ ගස්වන්නේ...ඒ නිසාම පෙර­හ­රට හොඳ පෙනු­මක් එනවා…මිනිස්සු අපේ කණ්ඩා­යම් දකි­ද්දිම හිත් පහන් කර­ගෙන ඉව­රයි… ඒ මුහුණූ දකිද්දි, දළදා වහ­න්සේට දක්වන ගරු­ත්ව­යෙන්ම අපි දිහා බලද්දි ඇති වෙන හැඟීම කියන්න නම් බෑ…”

දළදා පෙර­හ­රට සහ­භාගි වන ඕනෑම කණ්ඩා­ය­මක් පෙර­හ­රට සහ­භාගි වන්නට පෙර දළඳා වැඳ, සිවු දේවා­ල­ව­ලට ගොස් ආශි­ර්වාද ලබා­ගනී. අන­තු­රුව පෙර­හ­රට සහ­භාගී වන ඔවුහු මහ දේවා­ලයේ පව­ත්වන “වලි­යක් මංග­ල්‍ය­යට”ද සහ­භාගි වී වස්දොස් දුරු­ක­ර­ග­නිති. කස­ක­රු­ව­න්ටත්, ගිනි­බෝල කරු­ව­න්ටත් ඒ කරුණු එක සේ පොදුය.

පෙර­හර පෙර­ටුව එන කස­කා­ර­යන්, ගිනි­බෝ­ල­ක­රු­වන් පෙර­හර ළඟ එන සල­කුණු හැඟ­වූව ද පෙර­හර නර­ඹන බොහෝ දෙනා විම­සි­ලි­මත් වන්නේ කර­ඬුව ගෙන යන ඇතුන්ද, සෙසු ඇතුන්ද, නැටුම් කණ්ඩා­යම්ද දකි­න්න­ටය ඔවුන්ගේ හැඩ­රුව සහ දක්ෂතා ගැන කතා­ක­ර­න්න­ටය එහෙත් අභි­මා­න­යෙන් යුතුව පෙර­හර පෙර­මඟ එන කස කාර­ය­න්ටත්, ගිනි­බෝල කරු­ව­න්ටත් කිය­න්නට කතා­වක් තිබිණි. ඒ කතාව කියවූ ඔබට හෙට දින­යේදී පෙර­හැර පෙර­මඟ එන ඔවුන් වඩාත් හොඳින් දකි­න්නට අව­කාශ ලැබෙනු ඇත.

 

 

ඡාය­රූප - ශාන් රඹු­ක්වැල්ල/

චාමින්ද නිරෝ­ෂණ/ සුදම් ගුණ­සිංහ

Comments