ක්‍රිකට් පිට්ටනි සුද්ධ කර රටට ආද­ර්ශ­යක් දුන් සර­සවි සිසු කැල | සිළුමිණ

ක්‍රිකට් පිට්ටනි සුද්ධ කර රටට ආද­ර්ශ­යක් දුන් සර­සවි සිසු කැල

සියලු දෙනාගේ අව­ධා­නය දිනා ගත් හරි අපූරු සිදු­වීම් දෙකක් පසු­ගි­යදා අව­සන් වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රි­කාව ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී දැක ගැනී­මට හැකි විය. ඒ පසු­ගිය 5 වැනිදා හා 12 වැනිදා පැවති තරග අත­ර­තුර ය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රි­කාව අතර මහ­නු­වර පල්ලෙ­කැළේ ක්‍රීඩාං­ග­ණ­යේදී ඉකුත් පස්වැ­නිදා පැවැති එක්දින තර­ග­යේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ ලකුණු 78 ක අමි­හිරි පරා­ජ­යකි. එහෙ­යින් මේ තර­ඟය අව­සන් වන තෙක් නැර­ඹී­මට තරම් සතු­ටු­දා­යක තත්ත්ව­යක නොවුණි. මේ නිසා තර­ගය නර­ඹ­මින් සිටි ප්‍රේක්ෂ­ක­යන් බොහෝ දෙනා තර­ගය අව­සන් වීම­ටත් ප්‍රථම ක්‍රීඩාං­ග­ණ­යෙන් ඉවත්ව යනු පෙනුණි. ඒ අතර ක්‍රීඩා පිටියේ රැඳී සිටි ක්‍රීඩා­ලෝ­ලීන් පිරිස ශ්‍රී ලංකා කණ්ඩා­යම අව­සන් පන්දුව දක්වාම සටන තුළ රඳවා තැබී­මට මහත් වෑය­මක් දර­මින් ඔල්ව­ර­සන් දෙමින් උනන්දු කරන ආකා­ර­යක් ද දක්නට ලැබිණි. නමුත් ඉතාම අවා­ස­නා­වන්ත ලෙස එ් තර­ගයේ පරා­ජය බාර ගැනී­මට අපට සිදු විය. තත්ත්වය එසේ තිබි­යදී දෑසට සතු­ටක් එක් කළ දර්ශ­න­යක් දිස්වූයේ මේ අතර ය.

මේ තර­ගයේ අව­සන් පන්දුව තෙක් ක්‍රීඩාං­ග­ණයේ රැඳී සිටි අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් පිරි­සක් තමන් සිටි තැනි­න්ව­ලින් නැඟිට අවට තැන තැන දමා ගිය කැළි කසළ එකතු කර­මින් ඒ සියල්ල එක තැන­කට ගෙනැ­විත් පිරි­සිදු කිරී­මට පටන් ගත්තේ ය. මේ ක්‍රියාව දුටු, තරගය අව­සා­නය දක්වා රැඳී සිටි සෙසු ප්‍රේක්ෂ­කයෝ ද ඒ අනුව යමින් තම අවට තිබූ කැළි කසළ, හිස් වතුර බෝතල්, රිජි­ෆොම් කෑම බහ­ලුම්, ප්ලාස්ටික්, පොලි­තින් බෑග් එක තැන­කට එකතු කර­න්නට පටන් ගත්තෝ ය. කෙටි­කා­ල­ය­කින් ක්‍රීඩාං­ග­ණය අවට කැළි කස­ළ­ව­ලින් තොර කලා­ප­යක් බවට පත් විය. තර­ඟය පරා­ජය වීම නිසා සිත කම්පා වුව ද කිසි­යම් යහ­පත් පැවැ­ත්ම­කින් අපි ජය­ග්‍ර­හ­ණය කරන ආකා­රය දුටු විට සිත අම­න්දා­න­න්ද­යට පත් විය. අන­තු­රුව පසු­ගි­යදා (12වැනිදා) කොළඹ ආර් ප්‍රේම­දාස පිටියේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රි­කාව අතර පැවති පස්වැනි එක්දින තර­ග­යේදී ද මේ ආකා­ර­යට ම තර­ඟය නිමා වී ප්‍රේක්ෂ­කා­ගා­රයේ රැඳී සිටි ක්‍රීඩා ලෝලීන් පිරි­සක් පෙර සත් ක්‍රියාවේ නිරත වන ආකා­රය දක්නට ලැබුණි. ඔවුන් ක්‍රීඩාං­ග­ණය, ප්‍රේක්ෂ­කා­ගා­රය පම­ණක් නොව ඒ අවට තිබූ සියලු කැළි කසළ එකතු කර­මින් පිරි­සිදු කරන ආකා­රය කාගේත් කතා­බ­හට ලක් විය.

පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යෙන් ඇරඹි මේ යහ­පත් ක්‍රියාව අපට පෙන්වන්නේ විනය ගරුක සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට මිල්ටරි පාල­න­යක් අවැසි නොවන බව ය. මිල්ටරි පාල­න­යක් අවැසි යැයි නන්දො­ඩ­වන ඇතැ­මුන්ට ප්‍රේක්ෂ­ක­යන් දුන් මේ ආද­ර්ශය පම­ණක් වුව ප්‍රමා­ණ­වත් ය. කළ යුත්තේ තමන් අක්‍ර­ම­වත් ව හා අවි­ධි­මත් ව බැහැර කරන කැළි කසළ නිවැ­ර­දිව බැහැර කිරී­මට කට­යුතු කිරීම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආක­ල්ප­මය වෙන­සක් පමණි.

මීට කල­කට ඉහත මීතො­ට­මුල්ල කුණු කන්ද පුපුරා ‍ගොස් සිදු වූ මහා විනා­සය අද ‍අපට අම­ත­කය. එහිදී ජීවිත විනාස වී ගෙවල් දොර­වල් හත­ළි­හ­කට වැඩි ප්‍රමා­ණ­යක් විනාශ වූ බව ද අද අපට අම­තක ය.

මේ අම­තක ව ගිය අතී­තය නැවත වතා­වක් මතක් කර ගැනී­මට කාලය එළැඹ තිබේ. මේ කාගෙ­වත් කුණු නොව අප විසින් හිතා­මතා බැහැර කරන දෑ ය. එසේ­නම් එය හිතා­මතා නිවැ­ර­දිව බැහැර කිරීම අප කාගේ යුතු­ක­මකි. එම­ඟින් අවට පරි­ස­රය ලස්සන වනවා පම­ණක් නොව ඩෙංගු වැනි මාරා­න්තික රෝග පැති­රීම වළ­ක්වා‍ ­ග­නි­මට ද හැකි වේ.

පාරි­ස­රික සනී­පා­ර­ක්ෂාව තහ­වුරු වූ වට පිටා­වක් නිර්මා­ණය කර ගැනී­මට මෙනිසා අපට හැකි වේ.

එනිසා මේ ආද­ර්ශය රටට කියා­දුන් අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා­ර්ථීන්ට මෙරට පුර­වැසි සැමගේ ගෞර­වය හිමි වන අතර මේ සත් ක්‍රියා­වට දායක වූ අනෙ­කුත් ජන­තා­වට ද එ් ගෞර­වය එලෙ­සින් ම හිමි වේ. මෙය මෙතැ­නින් නොනැ­වති රට පුරා ව්‍යාප්ත කර කැළි කස­ළ­ව­ලින් තොර රටක් බවට මේ රට පත් කිරී­මට කට­යුතු කිරීම සැමගේ අර­මුණ විය යුතුය.

මේ ක්‍රියාව සම්බ­න්ධ­යෙන් සමාජ ජාල­වල පළ වූ අද­හස් කිහි­ප­යක් පහ­තින් දක්වමු.

• හිස් බෝතල් වලට වඩා කුණු වෙච්ච පුස් ඔළු­ගෙ­ඩි­ව­ලින් සමා­ජ­යට විශාල හානි­යක් සිදු වෙනවා. හිස් ප්ලාස්ටික් බෝත­ල්ව­ලින් සිදු­වෙන පරි­සර දුෂ­ණ­යට කෙටි කාලීන විස­ඳුම් තිබු­ණත්, කුණු­වෙලා තියන ඔළු­ගෙ­ඩි­ව­ලින් කරන සමාජ දුෂ­ණ­යට දීර්ඝ කාලීන විස­ඳුම් අව­ශ්‍යයි.

• හොඳ දරු­වන් පිරි­සක්. පරි­ස­රය යනු අපේ ජීවි­ත­යයි. පරි­ස­රය නැසු­ණොත් ජීව­යට පැව­තිය නොහැ­කිය. නමුත් බොහෝ පිරි­සක් වන්ද­නාවේ යන විට ගස් හෙවණේ සිට විවේක ගෙන පොලි­තීන් එ් සෙවණ යට අත­හැර යයි. එවන් බහු­ත­රක් අතර මේ දරු­වන් අගය කළ යුතුයි. දීර්ඝා­යුෂ ලැබේවා; දිවි­මඟ සරු වේවා.

• මේක හොඳ ආර­ම්භ­යක් ඇත්තට ම. ඉස්ස­රට වඩා දැන් මිනිස්සු පාරේ කුණු දානවා අඩුයි. කාලෙ­කට පස්සේ ලංකා­වට යන කෙන­කුට ඒ වෙනස හොඳට තේරෙ­නවා. ඉස්ස­රට වඩා කුරු­ණෑ­ගල ටවුමේ පාර­වල් අයිනේ කුණු දාලා තිය­නවා. ගොඩක් දුරට අඩුයි දැන්. එ්කට සමාජ මාධ්‍ය ගොඩක් රුකු­ලක් වුණා කියල‍ා තමයි මට හිතෙන්නේ. මෙවන් දේවල් තමයි අපි විශ්ව­වි­ද්‍යාල ළම­යි­න්ගෙන් බලා­පො­රොත්තු වෙන්නේ ඔබ­ලාට ගොඩක් ස්තුතියි.. මෙය අරම්භ කළාට මෙයින් පසු මිනි­සුන් පුරුදු වෙයි; ක්‍රීඩා තර­ග­යක් උස්ස­ව­යක් වගේ ඉව­ර­වු­ණාම අවට පිරි­සිදු කරලා යන්න.

• ගෙද­රත් අම්මා හරි කවුරු හරි අතු­ගා­නවා කියලා කුණු දාන­වද තැන තැන? නොදා ඉන්නව නම් තමයි හොඳ. ඒත් මේ කරපු හොඳ දේට හොඳයි කියන්න බැරි නම් ඒක කුහ­ක­ක­මක්. නග­ර­ස­භා­වට වෙන දෙයක් කරන්න පුළු­වන් ඒ වෙලා­වට. මේක දැක්කම අඩුම ගානේ 10ක් වත් කුණු නොදා ඉඳි­යිනේ. ඒක ම ලොකු ජය­ග්‍ර­හ­ණ­යක්.

ඡායා­රූප - සමීර පීරිස්

Comments