අගෝස්තු19 සිට 25 තෙක්ඔ බට කොහොමද? | සිළුමිණ

අගෝස්තු19 සිට 25 තෙක්ඔ බට කොහොමද?

මේෂ

යහපත්ය

ලග්නාධිපති කුජ කේතු සමග දසවැන්නේ සිටී. ගුරු හත්වැන්නේය. යම් යම් බාධා ඇතත් සිතට කයට සැප පහසුකම් සියලූ දේ ලැබෙන කාලයකි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ගෙන දේ. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලබාගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ඥානය වැඩිදියුණු වන කටයුතුවලට හිත යොමු වේ.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා

කටක

මිශ්‍රපලයි

ගුරු 4 ද කුජ 7 ද ශනි දහයේ ද සිටියදී සතිය ආරම්භ වේ. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනී. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. වැටීම්, තැලීම්වලට ඉඩ ඇත.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

තුලා

මිශ්‍රපලයි

ලග්නාධිපති දොළහේ ද ගුරු ලග්නයේ ද රාහු 10 ද කේතු 04 ගමන් කරයි. මෙම සතිය එතරම්ම ශුභදායක නොවේ. සිත් නරක් කරගෙන කටයුතු කිරීමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවද ඔබේ මුදල් වියදම පරිපාලනය කර ගැනීම අසීරු වේ. වංචා ප්‍රයෝගවලට අසුවීමේ ඉඩක් ද පවතී. ඥාති මිත්‍රාදීන් තමා සමග අමනාප වීමට ද දුරස්වීමට ද ඉඩ මතු කළ හැක. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මකර

බාධා සහිතයි

ලග්නාධිපති ශනි 12 ද කේතු, කුජ ලග්නයේ ද රාහු හතේ ද ගමන් ගනී. ගුරු දහයේ ගෝචරය වේ. තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්වයන්ට ඉඩ පවතී. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධාත ඇති වේ. ඉගෙනීම් කරන අයට අලූත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. රුධිර පීඩනය, මලබද්ධය, උදරාශ්‍රිත රෝග තුවාල පීඩාදියට ඉඩ පවතී.

ශුභ වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

වෘෂභ

මිශ්‍රපලයි

සිකුරු ලක්නාධිපතියා ද වී පූර්ව පුණ්‍යස්ථානයේය. සෙනසුරු, රාහු,කේතු ගමන් සැලකීමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී එතරම් යහපත් නොවේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතුවල යහපත් ප්‍රතිඵල ගෙන දේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලූත් විෂයයන් ඉගෙනීම කරයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

සිංහ

දියුණුවක් ලබයි

ලග්නාධිපති රවි ලග්නයේ ස්වක්ෂේත්‍රයි. රාහු 12 ද කේතු 6 ද ශනි 5 සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. දියුණුවක් ලබා ගනියි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ ඉස්මතු කළ හැක. සමාජීය සහ ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කරයි.

ශුභ වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

වෘශ්චික

බලාපොරොත්තු රහිත කරදර

ලග්නාධිපති අඟහරු තුන්වැන්නේ උච්චයි. කේතු සම ගයි. සෙනසුරු දෙවැන්නේ ගෝචරය වේ. තම කටයුතු කරගෙන යාමේදී බලාපොරොත්තු රහිත අන්දමට අවුල් වියවුල් ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා කටයුතු ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල ලැබීම තරමක් අසීරුවේ. අපේක්ෂා ඉෂ්ට සිද්ධ වීම ප්‍රමාද වේ. වියදම් පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. හිත මිතුරන් සමග කටයුතු කිරීමේදී ඈත්වීමක් වේ.

ශුභ වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා

කුම්භ

සාර්ථකත්වයක්

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ද ගුරු නවවැන්නේ ද ගෝචරය වේ. ක්‍රම ක්‍රමයෙන් දියුණුවට කටයුතු සලසා ගනී. මිල මුදල් ලැබීම අතින් මධ්‍යස්ථි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවලදී සාමය සමගියට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්න.

ශුභ වර්ණය- නිල්, අංකය- 08, දිනය- බදාදා

මිථුන

ශුභඵල දේ

ලග්නාධිපති බුධ දෙවැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. රැකියාවේදී කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ලැබීමෙන් තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකය. දරුවන්ගේ කටයුතු යහපත්ය. ආගමික අංශයට නැඹුරුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කන්‍යා

යහපත් වේ

ලග්නාධිපති බුධ අයස්ථානයේය. මෙම පිහිටීම තුළ අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. අලංකාරයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගනී. මිල මුදල් ලැබීම අතින් ද දියුණුවක් ගෙන දේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා වේ. පවුලේ දියුණුවට කටයුතු සැලසේ. දැන හඳුනන පිරිස වැඩි වේ. සමාජයෙහි යහපත් තත්ත්වයක් උදා වේ. ආගමික සහ සමාජීය වැඩවලට වැඩි නැඹුරුවක් ගෙන දේ.

ශුභ වරණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

ධනු

සැලකිලි ලැබේ

ලග්නාධිපති ගුරු අයස්ථානයේය. සෙනසුරු ලග්නයේ ගමන් ගනී. අලංකාරයෙන් සහ උසස් ලෙස ජීවත්වීමට අවශ්‍ය බඩුමුට්ටු ලැබීමට ඉඩ සැලසේ. යම් යම් බාධා අවහිරතා ප්‍රමාදවීම් පෙන්නුව ද සැප පහසුවට හේතු වන සෑම දෙයක්ම ලැබේ. වියදම් ඉහළ යයි.අධ්‍යාපනයේ නියුක්ත අයට ස්වකීය උත්සාහයෙන් හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ශරීර සෞඛ්‍යය ගැන තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි.

ශුභ වර්ණය රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මීන

මධ්‍යස්ථ ප්‍රතිඵල

ලග්නාධිපති ගුරු අටේ ද කුජ, කේතු අයස්ථානයේ ද සෙනසුරු 10 ද ගමන් කරමින් සිටියදී සතිය ආරම්භ වේ. තම කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. බුද්ධිමත් වන්න. බලාපොරොත්තු රහිත අවුල් මතු වේ. සමගිය සාමයට බාධා එල්ල නොවනු ඇත. දරවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉගෙනීමට පරිබාහි දේවලට හිත ඇදී යයි. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

Comments