හුස්ම ගත්ත වසර තුනක් | Page 2 | සිළුමිණ

හුස්ම ගත්ත වසර තුනක්

වත්මන් ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය වෙනුවෙන් ‘හුස්ම ගත්ත වසර තුනක්’ යන තේමාව යටතේ මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.

2015 වසරේ බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් ජනතාව වෙනුවෙන් සමාජ, ආර්ථික, සංස්කෘතිකමය වශයෙන් වැඩසටහන් රැසක් දියත් කරමින් මේ වනවිට එහි ප්‍රතිලාභ ජනතාවට හිමිකර දෙමින් සිටී.

මෙම වැඩපිළිවෙලේ තවත් එරක් පියවරක් ලෙස නිවාස හිමිකම නොමැති දුගී ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය ලබා‍දීමේ වැඩසටහන යටතේ නුවරඑළිය, ප‍ුඩලුඔය, ඩන්සිනන් වතු‍යායේ දී 12 වැනි දින නිවාස 404 ක් සහ 17 වැනි දින මොණරාගල, දෙව්පුදගම ගම්මානයේ දී නිවාස 52 ක් ජනතා අයිතියට පැවරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.

රුපියල් මිලියන 15,500 ක් වැය කරමින් කුරුණෑගල නගරයේ ඉදිකරන ලද ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති විවෘත කිරීම 13 වැනි දින පස්වරුවේ සිදු කරනු ලබන අතර 14 වැනි දින අනුරාධපුර මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීමත් සිදු කෙරේ.

ඉඩම් හිමිකම නොමැති ජනතාව වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මෙම 16 වැනි දින රත්නපුර නගර සභා පිටියේදී ඉඩම් ඔප්පු 2000 ක් ද, 18 වැනි දින දෙනියාය, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඉඩම් ඔප්පු 1000 ක් ද, 19 වැනි දින කෑගල්ල නිදහස් මාවතේදී ඉඩම් ඔප්පු 2500 ක් ද, 21 වැනි දින බද්දේගම මහජන ක්‍රීඩාංගණයේදී ඉඩම් ඔප්පු 4000 ක් ද ලබාදීමට නියමිතය.

උපාධිධාරීන් 4130 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය 20 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Comments