පූර්ණ යොදය සහිත කැල්සියම් අනූන NESTLE a+ | සිළුමිණ

පූර්ණ යොදය සහිත කැල්සියම් අනූන NESTLE a+

නෙස්ලේ සමාගම, විසිදහසක පමණ ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගෙන් ලබාගත් උසස්ම තත්ත්වයේ දේශීය නැවුම් කිරිවලින් නිෂ්පාදනය කළ පූර්ණ යොදය සහිත හා රසයෙන් අනූන NESTLE a+ කිරි නිෂ්පාදනය පසුගියදා මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දුන්නේය. වසර 150කට වැඩි කාලයක් කිරි නිෂ්පාදනයෙහිලා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නෙස්ලේ සමාගම ඉදිරිපත් කරන මෙම නවතම නිෂ්පාදනය පෝෂ්‍ය ගුණයෙන් ද පූර්ණ යොදය නිසා ඉහළ රසයකින් ද භාවිතා කිරීමේ පහසුවෙන් ද යුතුව වෙළෙඳපොළට නිකුත් කර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම NESTLE a+ මිලදී ගැනීමෙන් මෙරට දියර කිරි භාවිතය වර්ධනය කිරීමටත්, දේශීය කිරි ගොවීන්ගේ ජීවිකාව සඳහා දායකත්වය දැක්වීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.

නෙස්ලේ උප සභාපති (කිරි ආහාර) රුවන් වැලිකල මහතා මෙසේ පැවසීය. “නෙස්ලේ සමාගම කිරි ආහාර නිෂ්පාදනය ආරම්භ කළේ මීට වසර 150කට පෙරාතුවයි. අද දවසේ එම කිරි ආහාර සැකසීමේ නෙස්ලේ ප්‍රවීණත්වයේ ප්‍රතිලාභ අපි භුක්ති විඳිනවා. යම් නිෂ්පාදනයක නෙස්ලේ සන්නාමය තිබීමෙන්ම එහි ගුණාත්මකභාවය පිළිබඳ අවබෝධයක් අපට ලබාදෙනවා.

ඊට බලපාන ප්‍රධාන හේතුව තමයි, එදා පටන්ම අපගේ කිරි නිෂ්පාදනවල උසස්බව සහතික කර තිබීම. අපි කිරි ගොවි මහතුන්වත් උසස් කිරි නිෂ්පාදනය කිරීමට පුහුණු කර තිබෙනවා. ඒ වගේම කිරි එකතු කිරීමේ ක්‍රියාවලියේත් සෑම පියවරකදීම උසස් ප්‍රමිතිය ආරක්ෂා කෙරෙනවා. ඒ නිසාම පාරිභෝගිකයා අතට පත්වන්නේ හොඳම නිෂ්පාදනයක් වීමට අපි සෑම විටම වගබලාගෙන තිබෙනවා.

මේ වන විටත් අපගේ පාරිභෝගිකයන් නෙස්ලේ හරහා ජාත්‍යන්තර මට්ටමේ කිරි ආහාර රසවිඳිනවා. දේශීය කිරිවලින් නිමැවූ අන්තර්ජාතික තලයේ නිෂ්පාදනයක් ලෙස මේ නවතම නිෂ්පාදනයත් අපි අභිමානයෙන් යුතුව පාරිභෝගිකයන්ට පිළිගන්වනවා”.

Comments