තරු පිරි­ව­රා­ගත් හෙළ සින­මාවේ මහා මංග­ල්‍යය | සිළුමිණ

තරු පිරි­ව­රා­ගත් හෙළ සින­මාවේ මහා මංග­ල්‍යය

 ලාංකීය සිනමා වංශ කතාවේ ඓතිහාසික අභිනන්දනීය සරසවිය සම්මාන උළෙල 34වැනි වරටත් පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.මෙවර සරසවිය සම්මාන උළෙල ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමාකරුවාට උපහාරයක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්විනි.

එහිදී 2016 හා 2017වර්ෂයන්හි එළි දැක්වු සිනමා නිර්මාණ ඇගයීමට ලක්විය.2016 වසරේ හොඳම නිළියට හිමි සරසවිය සම්මානය සරිගම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ පූජා උමාශංකර්ට හිමි වු අතර ප්‍රේමය නම් චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදුණු සමනලී ෆොන්සේකා 2017වසරේ හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් අභිෂේක ලැබුවාය.

2016 වසරේ විශිෂ්ටම රංගධරයා ලෙස සරසවිය සම්මානයට ලක්වන්නේ මෝටර් බයිසිකලය චිත්‍රපටයේ ප්‍රශස්ත රංගනයක යෙදුණු දසුන් පතිරණය. නිම්නයක හුදකලාව චිත්‍රපටයට කළ අද්විතීය රංගනය වෙනුවෙන් 2017 වසරේ හොඳම නළුවා ලෙස සෞම්‍ය ලියනගේ සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය.

2016 වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් අශෝක හඳගමටත්,2017 වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සරසවිය සම්මානය 28 චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩිට හිමිවු අතර 2016 වසරේ හොඳම චිත්‍රපටය ලෙස මෝටර් බයිසිකලයටත්,2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස 28 චිත්‍රපටයත් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ, කාර්ගීල්ස් උප සභාපති රංජිත් පේජ්, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මහත්වරු ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියෝ රැසක් එම අවස්ථාවට සහභාගි වුහ. 

 හොඳම අධ්‍යක්ෂ (2016) අශෝක හඳගම

හොඳම නිළිය (2016) පූජා උමාශංකර්

ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් සරසවිය සිනමාලංකරණ සම්මානය සුමිත්‍රා පීරිස්ට

හොඳම අධ්‍යක්ෂණය(2017) ප්‍රසන්න ජයකොඩි

විනිශ්චය මණ්ඩලයේ විශේෂ සම්මානය ප්‍රසන්න විතානගේ

රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය මහාචාර්ය ඩයස් ගුණරත්න

හොඳම නළුවා (2016) දසුන් පතිරණ

ලෙස්ටර් ජේමිස් පීරිස් සම්මානය (2016)මලිත් හෑගොඩ

හොඳම ගායිකාව (ආදරණීය කතාවක්) කුෂාණි සඳරේඛා

රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය ලක්ෂ්මන් වික්‍රමසිංහ

රණ තිසර සම්මානය දිනූ ශ්‍රියානි අමරසේන

රණතිසර සම්මානය සුවිනීතා වීරසිංහ

රණ තිසර සම්මානය ධර්මසිරි බණ්ඩාරනායක

සිනමාකර්ෂණීය නිර්මාණය පියන්ත කොළඹගේ

ජූරියේ ඇගැයුම (2016) රිතිකා කොඩිතුවක්කු

සහේලි සතරසිංහ (බන්ධනය)

රණ තිසර සම්මානය රොබින් ප්‍රනාන්දු

කේශාලි චාමලිකා හිමයන්ති රාජපක්ෂ (ඒ ලෙවල් රංගනය)

 

අදහස්