සරසවි සම්මාන උළෙල 2018 | සිළුමිණ

සරසවි සම්මාන උළෙල 2018

ලාංකේය සිනමා වංශකතාව ඓතිහාසික අභිනන්දනයට ලක් කළ සරසවි සම්මාන උළෙල 34 වැනි වරටත් පසුගිය 03 දා සිකුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ෂයෙන් යුතුව පැවැත්විණි. මෙවර සම්මාන උලෙළේ දී වර්ෂ 2016 හා වර්ෂ 2017 හි එළි දැක්වූ ප්‍රශස්ත සිනමා නිර්මාණ ඇගයීමට ලක් විය. වර්ෂ 2016 සඳහා හොඳම නිළියට හිමි සරසවි සම්මානය සරිගම චිත්‍රපටයේ ප්‍රධාන රංගන භූමිකාව සැරසූ පූජා උමාශංකර්ට හිමි විය. ප්‍රේමය නම් චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදුණු සමනලී ෆොන්සේකා වර්ෂ 2017 හොඳම නිළිය ලෙස සරසවි සම්මානයෙන් අභිෂේක ලැබුවාය. වර්ෂ 2016 විශිෂ්ටම රංගධරයා ලෙස සරසවි සම්මානයට ලක්වන්නේ මෝටර් බයිසිකල් චිත්‍රපයේ ප්‍රශස්ත රංගනයක යෙදුණ දසුන් පතිරණය. නිම්නයක හුදකලාව චිත්‍රපටයේ දී ප්‍රකට කළ රංග ප්‍රතිභාව වෙනුවෙන් වර්ෂ 2017 හොඳම නළුවා ලෙස සෞම්‍ය ලියනගේ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

වර්ෂ 2016 හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සරසවි සම්මානය ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් අශෝක හඳගමටත්, වර්ෂ 2017 හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සරසවි සම්මානය 28 චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩිටත් හිමි විය. වර්ෂ 2016 හොඳම චිත්‍රපටය ලෙස මෝටර් බයිසිකල් චිත්‍රපටයත්, වර්ෂ 2017 හොඳම චිත්‍රපටය ලෙස 28 චිත්‍රපටයත් සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය. මුදල් හා ජනමාධ්‍ය නිෙයා්ජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ෙල්ක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුෙර්, කාගිල්ස් උපසභාපති රංජිත් ෙප්ජ්, ෙල්ක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි ෙසනවිරත්න සහ සරසවිය කර්තෘ අරුණ ගුණරත්න යන මහත්වරුද මෙහි ෙවති.

ඡායාරූප- ලේක්හවුස් ඡායාරූප අංශය

අදහස්