උසස් පෙළ වංචා නවත්වන්න උත්තර පත්‍ර වෙනස් කෙරේ | සිළුමිණ

උසස් පෙළ වංචා නවත්වන්න උත්තර පත්‍ර වෙනස් කෙරේ

උත්තර ලියන්නත් සහන කාලයක්

හෙට ඇරඹෙන උසස් පෙළ විභාගයේදි විභාග අපේක්ෂකයන්ට සහන රැසක් සලසමින් විභාග වංචා අවම කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

මෙහිදී බහුවරණ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු කොපි කිරීමේ අවස්ථාව වළකාලමින් බහුවරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න පෙළගැස්ම වෙනස් කරමින් විවිධ ආකෘතිවලින් (versions) යුත් බහුවරණ ප්‍රශ්නපත්‍ර ලබා දීම කෙරෙහිද විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. මේ නව ක්‍රමවේදය මීට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් අත්හදාබලා ඇති අතර එය සාර්ථක වී තිබේ. එසේම නවීන අධි-තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදු කරන වැරදි ක්ෂණිකව හසු කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්ද මෙවර ක්‍රියාත්මක කිරීමට විභාග සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. මේ සඳහා යුද හමුදාව, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව කැමැත්ත පළ කර ඇත. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් මෙවර විභාග අපේක්ෂකයන්ට හිමි වෙයි. අපේක්ෂකයන්ට තම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය භාවිත කළ හැකි අතර, තම විභාග දිනය හා නිශ්චිත වේලාව කල් ඇතිව තහවුරු කරගනිමින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග මධ්‍යස්ථාන 2268කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් 321469ක පිරිසක් පෙනි සිටිති.

අදහස්