හොඳම පෙරළිකාරයා සම්මානය 'පික් මී' වෙත | සිළුමිණ

හොඳම පෙරළිකාරයා සම්මානය 'පික් මී' වෙත

කුලී රථ සේවයේ විශාල පෙරළියක් කළ පික් මී 2018 නව්‍යතා සමුළුවේ සම්මාන උලෙළේදී වසරේ වෙළෙඳපොළ පෙරළිකාරයාට හිමි සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM)මූලිකත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පික් මී වෙත මෙම සම්මානය පිරිනැමුණේ කුලී රථ රියැදුරන්ට සහ පාරිභෝගිකයන්ට ඉතා පහසු මෘදුකාංග හඳුන්වා දීම නිසාය. පික් මී කුලී රථ සේවය ආරඹා තෙවසරක් ඇතුළත මෙවැනි සම්මානයක් ලැබීම සුවිශේෂත්වයකි.

දේශීය වෙළෙඳපොළේ අභියෝග ජය ගැනීමට නව තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රයත්නයට ලැබුණු උපහාරයක් ලෙස මේ සම්මානය හැඳින්විය හැකියි. කුලී රථ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් විශාල පෙරළියක් කරන්නට හැකි වීම අපට සතුටක්. පික් මී ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි සඳහන් කළේය. ආරම්භයේදී කුලී රථ රියැදුරන්ගේ කාර්යය පහසු කරන මෘදුකාංගයක් හඳුන්වා දුන් පික් මී ඉන්පසු පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක මෘදුකාංගයක් හදුන්වා දෙමින් නව පරිවර්තනයක් ඇති කළේය. පික් මී මෘදුකාංගයෙන් කුලී රථ රියැදුරාත් මගියාත් සජීවීව සම්බන්ධ කර රියැදුරාටත් මගියාටත් එක සේ සාධාරණයක් ඉටු කිරීම සුවිශේෂත්වයකි.

අදහස්