වසන්ත රෝහ­ණ­යන් පරි­පුර්ණ නිවේ­ද­ක­යෙක් | සිළුමිණ

වසන්ත රෝහ­ණ­යන් පරි­පුර්ණ නිවේ­ද­ක­යෙක්

ඔවුහු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්හි අපූරු දක්ෂතා දක්වන නිවේදකයෝ වෙති. තම වපසරිය මැනැවින් අ‍‍ව‍බෝධකර ගනිමින්ද, මාධ්‍ය ආචාර ධර්ම රකිමින්ද ‍ශ්‍රාවක, ප්‍රේක්ෂක රසික රසිකාවියන්ට එකසේ, දැනුම සහ රසවින්දනය ලබාදෙති. ගුවන් විදුලි මහගෙදර ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණත්. රූපවාහිනී මහගෙදර නිවේදක චමින්ද ගුණරත්නත් මෙවර මුහුණට මුහුණින් හමුවන කලා ශිල්පී යුවළයි.

කොහොමද අලුත් තොරතුරු

මම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශ‍යේ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරනවා. දිනපතාම අලුත් ප්‍රවෘත්ති හා වැඩසටහන් සමඟ අවිවේකයි. ජාතික රූපවාහිනියේ විවිධ උත්සවවල නිවේදන කටයුතුවලට ලැබෙන ආරාධනා වලත් නිමක් නැහැ.

පවුලේ තොරතුරු ටිකක්.

බිරිය ඉනෝකා හර්ෂණී කුලතුංග රජයේ රස පරීක්ෂක දෙපාර්තමෙන්තුවේ සහකාර රස පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරනවා. දුව පමලි දහාරා කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනගන්නවා. පුතා තාම ළදරු පාසල් යනවා. රූපවාහිනියේ රාත්‍රී ප්‍රවෘත්ති වෙනුවෙන් වැඩකරන නිසා ගෙදර දරුවෝ සමඟ ගතකරන කාලය අඩුයි.

වසන්ත රෝහණ මුලින්ම හඳුනාගන්නේ කොහොමද ?...

ඔහුව මුහුණට මුහුණ හමුවන්න කලින් ගුවන් විදුලියෙන් හඬ අහලා තිබුණා. හරිම සැහැල්ලුවෙන් කතාකරන නිදහස් නිවේදකයකු ලෙස බස හසුරුවන, භාවිතා කරන වචන කීපය අතරේ වුණත් හිස්කමක් නැති පරිපුර්ණ බවින් යුත් නිවේදකයෙක් ලෙස මුල සිටම හඳුනාගත්තා.

ඔහුගේ හැකියාවන් හා නිවේදන කලා‍වේ ඔහුට හිමි තැන ....

හොඳ නිවේදකයකුගේ භාෂා භාවිතය සරල විය යුතුයි. නිවැරැදි සරල භාෂා භාවිතයෙන් යුතු හොඳ හැදෑරීමක් හා පුරුද්දක්, ඇසුපිරූ බවක් ඇති අයෙක් විය යුතුයි.වසන්ත රෝහණයන් පරිපුර්ණ නිවේදකයෙක්, තවත් කෙනෙකුට මඟ පෙන්විය හැකි පරිචයක් තියෙන කෙනෙක්.

වසන්ත රෝහණයන්ගේ ඔබ දකින යහපත් ගුණාංග.

දැක්ක දවසේ ඉඳලා අද දක්වාම එක වගේ හිත හොඳ කෙනෙක් මල්ලි කොහොමද කියලා කතාබහ කරන විරල ගති ගුණයෙන් යුතු, අගය කළ යුතු දෙය අගය කරන කෙනෙක්. ජ්‍යෙෂ්ඨයෙක් ලෙස, අපට යම් යම් දේ කියාදෙන අයෙක්. අපේ ක්ෂේත්‍රයේ අපේ කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා.

වසන්ත රෝහණයන් තුළ ඔබ දකින අඩුපාඩු

වසන්ත අයියා හොඳ මනුස්සයෙක් කියලා මා සමඟ සුහද වුණාට තවත් කෙනෙක් සමඟ ගනුදෙනු කරද්දී මෘදු නොවෙන්න පුළුවන්. ඔහුගේ මනා දේහධාරී ශරීරය, ගැඹුරු කටහඬ සමඟ අනිත් අයට එදිනෙදා ජීවිතයේදී සමීප මදිද කියා මට සිතෙනවා.

වසන්ත රෝහණ අයියට නිවේදකයකු වීමේ හොඳ වත්කමක් තියනවා. ඒ නිසා දේශපාලනය ගළපා ගනිද්දි මීට වඩා සැලකිලිමත් වුණානම් හොඳයි කියලා හිතෙනවා.

ඔහු සමඟ ඇසුරේදී සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙම...

වසන්ත අයියයි මමයි නිවේදන විනිශ්චය මණ්ඩලවල කටයුතු කරලා තියෙනවා. ඔහුගෙන් ඉගෙනගන්න දේවල් තියනවා. හොඳ නිවේදකයකුගේ කාර්යභාර්ය සහ වසන්ත රෝහණයන්.. මම හොඳ නිවේදකයෙක් ලෙස දකින්නේ අඩුවෙන් කතා කරන තවත් කෙනකුට, වඩා අර්ථාන්විතව කතා කළ හැකි අයෙක්.

කෙනෙක් වචන 10 න් කියන දේ නිවැරැදිව වචන 5න් කිව හැකිනම් ඔහු සාර්ථක නිවේදකයෙක්. හොඳ නිවේදකයා වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ කතා කළ යුතු දේට වඩා නොකළ යුතු දේ ගැනයි. මේ අතර වසන්ත රෝහණයන් ඉදිරියෙන් සිටින කෙනෙක්...

වර්තමාන නිවේදක පරපුර අතර ඔබ රෝහණයන් දකින්නේ...

බහුතරයක් වර්තමාන නිවේදක නිවේදිකාවන්, ඔහේ කියවගෙන යනවා. ආයාසයෙන් තොරව තොරතුරු ශ්‍රාවකයාට හෝ ප්‍රේක්ෂකයාට තේරුම් යන පරිදි නිවේදන කටයුතු කිරීම තමයි නියම ලෙස කළ යුත්තේ. ඒත් වත්මන් නි‍වේදක පරපුරේ එම ගුණාංග අඩුයි. ඒ අතර වසන්ත රෝහණයන් හොඳ රිද්මයක් තියෙන සාර්ථක නිවේදනයට අමුද්‍රව්‍ය හොඳින් ගොනුකරගත් අයෙක්.

සැබෑ වත්මන් න‍ිවේදකයාගේ කාර්යභාර්ය

සමාජයේ පෙරගමන්කරුවකු ලෙස කටයුතු කළ යුතුයි. හැකියාවන් නැති සමහර අය රැකියාවක් ලෙස නිවේදන කලාවට පැමිණිම අවාසනාවන්ත තත්ත්වයක්. වගකීමක් නැති අවර ගනයේ මාධ්‍ය භාවිතයක් තියෙන්නේ. සැබෑ නිවේදකයා සෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳවම පුළුල් දැනුමක් සපුරා ඇති අයෙක් විය යුතුයි. මා දකින වසන්ත රෝහණයන්, හරිම ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරන කළබලයක් නැති ‍හොඳින් ඇහුම්කන්දෙන තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැන නිතරම පෙර සූදානමකින් සිටින කෙනෙක්..

ගුවන් විදුලි නිවේදන කලාව හා රූපවාහිනී නිවේදන කලාව හා වසන්ත රෝහණයන්...

ගුවන් විදුලියේදී ශීල්පීන්ට ශීල්ප දක්වන්න වෙලා තියෙන්නේ වචන සමඟයි. රූපවාහිනියේ නම්, ආධාරකයක් ලෙස රූප භාවිතා කරනවා. එළිමහන් ප්‍රසංග වේදිකාවේදි රසවින්දනයක් ලබන්න කැමැති අය සාහිත්‍යමය විවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු යහපත් ලක්ෂණ වසන්ත රෝහණයන් තුළ තියෙනවා. ඔහු ඇත්තටම හොඳ නිවේදකයෙක්.

ඔහු සමඟ ඇසුරේදී සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙම...

වසන්ත අයියයි මමයි නිවේදන විනිශ්චය මණ්ඩලවල කටයුතු කරලා තියෙනවා. ඔහුගෙන් ඉගෙනගන්න දේවල් තියනවා. හොඳ නිවේදකයකුගේ කාර්යභාර්ය සහ වසන්ත රෝහණයන්.. මම හොඳ නිවේදකයෙක් ලෙස දකින්නේ අඩුවෙන් කතා කරන තවත් කෙනකුට, වඩා අර්ථාන්විතව කතා කළ හැකි අයෙක්.

කෙනෙක් වචන 10 න් කියන දේ නිවැරැදිව වචන 5න් කිව හැකිනම් ඔහු සාර්ථක නිවේදකයෙක්. හොඳ නිවේදකයා වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ කතා කළ යුතු දේට වඩා නොකළ යුතු දේ ගැනයි. මේ අතර වසන්ත රෝහණයන් ඉදිරියෙන් සිටින කෙනෙක්...

වර්තමාන නිවේදක පරපුර අතර ඔබ රෝහණයන් දකින්නේ...

බහුතරයක් වර්තමාන නිවේදක නිවේදිකාවන්, ඔහේ කියවගෙන යනවා. ආයාසයෙන් තොරව තොරතුරු ශ්‍රාවකයාට හෝ ප්‍රේක්ෂකයාට තේරුම් යන පරිදි නිවේදන කටයුතු කිරීම තමයි නියම ලෙස කළ යුත්තේ. ඒත් වත්මන් නි‍වේදක පරපුරේ එම ගුණාංග අඩුයි. ඒ අතර වසන්ත රෝහණයන් හොඳ රිද්මයක් තියෙන සාර්ථක නිවේදනයට අමුද්‍රව්‍ය හොඳින් ගොනුකරගත් අයෙක්.

සැබෑ වත්මන් න‍ිවේදකයාගේ කාර්යභාර්ය

සමාජයේ පෙරගමන්කරුවකු ලෙස කටයුතු කළ යුතුයි. හැකියාවන් නැති සමහර අය රැකියාවක් ලෙස නිවේදන කලාවට පැමිණිම අවාසනාවන්ත තත්ත්වයක්. වගකීමක් නැති අවර ගනයේ මාධ්‍ය භාවිතයක් තියෙන්නේ. සැබෑ නිවේදකයා සෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳවම පුළුල් දැනුමක් සපුරා ඇති අයෙක් විය යුතුයි. මා දකින වසන්ත රෝහණයන්, හරිම ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරන කලබලයක් නැති ‍හොඳින් ඇහුම්කන්දෙන තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැන නිතරම පෙර සූදානමකින් සිටින කෙනෙක්..

ගුවන් විදුලි නිවේදන කලාව හා රූපවාහිනී නිවේදන කලාව හා වසන්ත රෝහණයන්...

ගුවන් විදුලියේදී ශීල්පීන්ට ශීල්ප දක්වන්න වෙලා තියෙන්නේ වචන සමඟයි. රූපවාහිනියේ නම්, ආධාරකයක් ලෙස රූප භාවිතා කරනවා. එළිමහන් ප්‍රසංග වේදිකාවේදි රසවින්දනයක් ලබන්න කැමැති අය සාහිත්‍යමය විවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු යහපත් ලක්ෂණ වසන්ත රෝහණයන් තුළ තියෙනවා. ඔහු ඇත්තටම හොඳ නිවේදකයෙක්.


චමින්ද ප්‍රවීණයන්ට ගරුකරන ප්‍රබුද්ධ නිවේදකයෙක්...

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහණ

මේ දවස්වල මොනවද කරන්නේ...

මාව ගොඩනැගුවේ ගුවන්විදුලියයි. ගුවන්විදුලියේ හා රූපවාහිනියේ මාධ්‍ය ඉගැන්වීමේ කටයුතුවල නිරතවෙනවා. ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් සහභාගිවන උත්සව අවස්ථාවල නිවේදන කටයුතු කරනවා. ලංකාවේ ප්‍රසංග කටයුතු සංවිධානය කරනවා. දැනුත් මම ඉන්නේ මොරගහකන්ද ජලාශය ආශ්‍රිත රජයේ වැඩසටහනකයි.

පවුලේ විස්තර ටිකක්

බිරිය රූබී ජයසිංහ, වෛද්‍යවරියක් පිළියන්දල මහ රෝහලේ. දුව කාව්‍යා නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඇය ම‍ගේ වෘත්තියට ඇඟිලි ගහන්නේ නෑ වගේම මම ඇගේ වෘත්තියට ඇඟිලි ගහන්නේ නෑ. ඒත් හොඳ සහයෝගයක් තියෙනවා.

චමින්ද ගැන මුල්ම මතකය සිහිකළොත්

ප්‍රබුද්ධ නිවේදකයෙක් ලෙස මගේ අල්ලපු වැටේ රූපවාහිනියෙන් තමයි මුලින්ම හඳුනාගත්තේ

ඔහුගේ හැකියාවන්

චමින්ද ගුණරත්න ඉතාමත් දක්ෂයෙක්. ප්‍රවෘත්ති සම්පාදනය, සංස්කරණය, ප්‍රකාශනය, විශේෂ උත්සව අවස්ථාවලදී රූපවාහිනී වැඩසටහන් මෙහෙයවීම ආදී හැම එකක්ම අනවශ්‍ය වැල්වටාරම් හා වැඩි දිග්ගැසීම් නැතුව කරන කෙනෙක්.

නිවේදන කලාවේ ඔහුට හිමි තැන.

ඔහු රාජ්‍ය තාන්ත්‍රිකවත් වෘත්තීයමය වශයෙනුත්, ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයන් අතරේ ඉතා හොඳ නමක් දිනාගෙන සිටිනවා. සමහර නිවේදක නිවේදකයෝ නිවේදන කලාවට ආවාම දවසෙන් දෙකෙන් බැබළෙන්න යනවා. අතීතයේ ප්‍රවීණයෝ අමතක කරලා. අතීත මුලාශ්‍ර අමතක කරලා. අමුතු ආරූඩයක් ගන්නවා අපි වැඩ්ඩෝ කියලා. ඒ අතර චමින්ද ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින් නවකයන්ට අතදෙමින් නිවී සැනසිල්ලේ ගමනක් යන කෙනෙක්.

චමින්දගේ ඔබ දකින යහපත් ගතිගුණ..

වෘත්තියක් ලෙසට කාගෙවත් කිසිම දෙයක් හෑල්ලුවට ලක් කරන්නේ නෑ. අනුන්ගේ හැකියාවන්වලට පයින් ගහන්නේ නෑ. අනුන්ට වළ කපලා කාගෙවත් දෙයක් අත්පත් කරගන් නෑ.

ඔහුගේ අඩුපාඩු

ඔහුගේ අඩුනම් මා දකින්නේ නෑ. පාඩුනම් කරගන්නවා. ඔහුගේ හැකියාව තුළින් ඔයිටත් වඩා හරිහම්බ කරගන්න පුළුවන්. රූපයෙන් ප්‍රිය, හොඳ හඬක් ති‍යන, මාධ්‍ය උගන්වන, වෙළෙඳ දැන්වීම්වලට හඬ මුසුකරන ඔහුට නිවේදන කටයුතුවලින් සුපිරි ප්‍රතිලාභ ලැබිය හැකියි. ඒත් ඒ ගැන එතරම් දුවන්නේ නෑ.

නිවේදන කලාවේදී ඔහු සම්බන්ධ අමතක නොවන සුවිශේෂී සිද්ධිත් ඇතිනේ..

ජාතික රූපවාහිනිය මුලික වූ ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා වූ උත්සවයක ඔහුත් මාත් දෙන්නාම නිවේදන කටයුතුවලට එක්වෙලා හිටියා. ඔහු හිතුවා මා පටන්ගනීවී කියලා. මා සිතුවා ඔහු පටන්ගනීවී කියලා. අන්තිමට ටිකක් වෙලා ගිහින් ඒ ගැන ගැටලුවකුත් ඇතිවෙන්න ගිහින් චමින්ද උත්සවය පටන්ගත්තා ඒ තරමට ඔහු ප්‍රවීණයන්ට ගරු කරන කෙනෙක්.

හොඳ නිවේදකයකුගේ කාර්යභාරය

කටමැත දොඩවන්නේ නැති සමාජය විනිවිද දකින මිනිසුන්ගේ අධ්‍යාත්මයට කතාකරන ආත්මීය ප්‍රකාශකයෙක් තමන් සියල්ල දක්නවා කියන හැඟීම තියන උඩඟු කෙනෙක් නොවිය යුතුයි. දේශනාකාරයෙක්, පිටපත් කියවන්නෙක් නොවී ප්‍රේක්ෂකයන්ට කතාකරන ආත්මීය ප්‍රකාශකයකු විය යුතුයි.

ඔබ දෛවය විශ්වාස කරනවද? හොඳ බෞද්ධයෙක්ද චමින්ද කොහොමද?

මම දෛවය විශ්වාස කරනවා. මම ප්‍රිය කළේ ගුරු වෘත්තිය තුළින් ඉදිරියට යන්න. ඒත් නිවේදකයෙක් වුණේ අහම්බෙන්. මම හොඳ බෞද්ධයෙක් චමින්දත් හොඳ බෞද්ධයෙක් කියලා මට හිතෙනවා මොකද හොඳ බෞද්ධයෙක් නොවෙන කෙනකුට ඔහුට වගේ ගතිගුණ පිහිටන්නේ නෑ.

නිවේදන කලාවේ ඔබ ගරු කරන චරිත..

ජීවත්ව සිටින බොහෝ අය සිටිනවා. මියගිය අය අතරින් කේ.ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්තිද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, තිස්ස ජයවර්ධන, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ යන අය අගය කරන්න වටිනවා.

වර්තමානයේ ඇතැම් නිවේදක නිවේදිකාවන් එක රැයින් එක වැඩසටහනකින් ජනප්‍රිය වෙලා බැස යනවා. ඒ අතර චමින්ද තම ස්ථාවරත්වය රැකගෙන ඉදිරියට යන කෙනෙක් ඇත්තටම රටේ මොන ස්ථාවරය තිබුණත් දේශපාලනය යොදාගත යුතු නැහැ. නමුත් මම ඊට ප්‍රියයි.

නිවේදන කලාවේ හෙට දවස...

හොඳ මාධ්‍යවේදියෙක්, හොඳ සන්නිවේදකයෙක්, බිහිවනතුරු මේ රටේ පන්හිඳක්, මෛක්‍රෆෝනයක්, රූපවාහිනී කැමරාවක් බලාගෙන ඉන්නවා.

Comments