RDB බැංකුවේ පූජාපිටිය සහ හතරලියද්ද ශාඛා අලුත් වෙයි | සිළුමිණ

RDB බැංකුවේ පූජාපිටිය සහ හතරලියද්ද ශාඛා අලුත් වෙයි

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව සිය මධ්‍යම පළාතේ ගණුදෙනුකාර ප්‍රජාවට නවීන තාක්ෂණයෙන් සපිරි බැංකු පහසුකම් සැපයීමේ අරමුණින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පූජාපිටිය ශාඛාව 2018 ජුනි 28 දින පූජාපිටිය, නුවර පාරේ අංක 77 දරණ ස්ථානයෙදීත්, එහි හතරලියද්ද ශාඛාව, හතරලියද්ද, නුවර පාරේ , අංක 15 ඒ දරණ ස්ථානයේදීත් වඩාත් පහසුකම් සහිත නව නිවහන් වෙත ගෙවදුනි.

RDB බැංකුවේ මධ්‍යම පලාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඩී. එම්. සේනාරත්න බංඩාර මහතාගේ ආරාධනයෙන් එම බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ටි.ඒ. ආරියපාල, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ප්‍රියන්ත අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් බැංකුවේ සභාපති නීතීඥ කස්තුරි අනුරාධනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්වින.

අදහස්