GlaxoSmithKline සමාගමෙන් ශ්‍රී පාද බැතිමතුන්ට සුව සහනය | සිළුමිණ

GlaxoSmithKline සමාගමෙන් ශ්‍රී පාද බැතිමතුන්ට සුව සහනය

GlaxoSmithKline (GSK) සමාගම මෙවරත් සිය පැනඩෝල් (Panadol) සහ අයඩෙක්ස් (Iodex)සන්නාම යටතේ සිරි පා කරුණා කළ දහස් ගණනක් පිරිසට සහනය සැළසීමට කටයුතු කළේය.9 වැනි වසරටත් ක්‍රියාත්මක වූ ‘‘සුව සහන’’ වැඩසටහන සති 4 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එම කාලය තුළ 100,000 කට අධික පිරිසකට සහනය සැළසීමට සමාගමට හැකි විය. නල්ලතන්නිය සාම චෛත්යඅය අසළ පැවත්වුණු ‘‘සුව සහන’’ කඳවුර අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් සියල්ලගෙන් සමන්විත වූ අතර වන්දනාකරුවන්ට මුහුණ දීමට සිදු වන ආබාධයන් හා වේදනාවන්ගෙන් සහනය සැලසීමට ඔවුන් බොහෝ වෙහෙස විය. ප්‍රථමාධාර සේවය සැයීමට අමතරව Headfast විසින් නොමිලේ හිස සහ පාද සම්භාහනයන්ද ලබාදීමට කටයුතු කළ අතර ඖෂධවේදියකුගේ නිර්දේශ මත නොමිලේ පැනඩෝල් පෙති ලබාදීමටද කටයුතු යොදා තිබුණි.

අදහස්