උස්වත්ත බිස්කට් වෙ‍ෙළඳපළට පිවිසෙයි | සිළුමිණ

උස්වත්ත බිස්කට් වෙ‍ෙළඳපළට පිවිසෙයි

උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙ‍ෙළද පළට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්“ හඳුන්වා දුන්නේය. උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

උස්වත්ත සමාගමේ නිර්මාතෘ දිවංගත පී.ජේ.සී. (ක්‍රිස්ටි) පෙරේරා මහතා තුළ දිගුකාලීන සිහිනයක්ව තිබූ මෙම බිස්කට් නිෂ්පාදන කර්මාන්ත ශාලාව උස්වත්ත සමාගමේ වත්මන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන එස්. කුයින්ටස් පෙරේරා ගේ දූරදර්ශි නායකත්වය යටතේ සහ විධිමත් සැලසුම්කරණය යටතේ වසර ගණනාවකට පසු යථාර්ථයක් කරගැනීමට හැකිව තිබේ.

උස්වත්ත ගෝල්ඩන් බිස්කට් වර්ග 6 කින් සමන්විත වන අතර ඉන් ක්‍රීම් ක්‍රැකර්, මාරි, ලෙමන් පෆ් Hard Dough බිස්කට් වන අතර චොකලට් ක්‍රීම්, නයිස් සහ ෂෝටීස් බිස්කට් වර්ග ලෙස හැදින්වෙයි. උස්වත්ත බිස්කට්ස් සඳහා එක්සත් රාජධානියෙන් සහ නෙදර්ලන්තයෙන් ගෙන්වන උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරයි. උසස් තත්වයෙන් බිස්කට් නිෂ්පාදනය කිරීම සඳහා උස්වත්ත සමාගම විසින් දේශිය හා විදේශිය විශේෂඥයන්ගේ උපදෙස් මත ලෝකයේ උසස්තම යන්ත්‍රෝපකරණ මෙරටට ගෙන්වා තිබේ. මිල්ලනිය ප්‍රදේශයේ වර්ග අඩි 100000 ක බිම් ප්‍රදේශයක පිහිටුවා ඇති උස්වත්ත කර්මාන්ත ශාලාව පිහිටුවා ඇති අතර වෙළඳ පල ඉල්ලුම අනුව නිෂ්පාදන ධාරිතාව වැඩිකරගැනීම සඳහා අක්කර 15ක ඉඩමක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.

උස්වත්ත සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුයින්ටස් පෙරේරා මහතා සඳහන් කළේ උස්වත්ත බිස්කට්ස් යනු සිය පියාගේ දීර්ඝ කාලීන සිහිනයක් බවයි. සිහින සැබෑවීම උස්වත්ත පවුලේ සියලුම දෙනාට සුවිශේෂි වන බව සඳහන් කළ උස්වත්ත සභාපතිවරයා පෙන්වා දුන්නේ උස්වත්ත බිස්කට්ස් නව ගමනක ආරම්භයක් බවයි.

ඡායාරූපය - විමල් කරුණාතිලක

Comments