‘ආවා’ කල්ලිය සති දෙකෙන් යවන මෙහෙයුමක් | සිළුමිණ

‘ආවා’ කල්ලිය සති දෙකෙන් යවන මෙහෙයුමක්

ඉදිරි දෙසතිය ඇතුළත යාපනයේ ආවා කල්ලිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සිළුමිණට කීය.
උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබෙන පැමිණිලි මෙන්ම ජන ජීවිතයට සිදු වන තාඩන පීඩන වැඩිවීම හේතුවෙන් මේ කල්ලියට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කළ බවත් ඒ සඳහා පොලිසියේ 100කගෙන් යුක්ත විශේෂ කණ්ඩායමක් පසුගිය 5 වැනිදා බ්‍රහස්පතින්දා සිට යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇති බවද, යාපනය පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද රොෂාන් ප්‍රනාන්දු මහතා කීය. විශේෂයෙන්ම ආවා කල්ලිය සැරිසරන පොලිස් කොට්ඨාස 4ක් හඳුනාගෙන ඇතැයිද ඒ අනුව එම කොට්ටාස වන යාපනය, චුණ්ණාකම්, මනිපායි හා කෝපායි හි විශේෂ මෙහෙයුම් හා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයිද ඔහු පවසයි. විශේෂ පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව හා මෙහෙයුම් සිදු කරනු ලබන අතරතුර ආවා කල්ලියේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

 

අදහස්