විජයකලා ගැන පරීක්ෂණයට එජාපයෙන් කමිටුවක් | Page 2 | සිළුමිණ

විජයකලා ගැන පරීක්ෂණයට එජාපයෙන් කමිටුවක්

එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බව කියමින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අමාත්‍යවරුන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අැමැතිනි තලතා අතුකෝරාල මේ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත. මෙම කමිටුවෙන් ලැබෙන නිර්දේශ මත හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධව ඉදිරි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Comments