Huawei Y Series ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක් වාර්තා කරයි | සිළුමිණ

Huawei Y Series ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් පසුගියදා හඳුන්වා දුන් Huawei Y Series ස්මාර්ට්ෆෝන් පෙළ ඉහළ ඉල්ලුමක් වාර්තා කරමින් නව අලෙවි වාර්තා පිහිටුවයි. Huawei Y5 Prime, Y7 Pro සහ Y9 යන ස්මාර්ට්ෆෝන් පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වීම තුළින් මෙලෙස අලෙවි වාර්තා පිහිටුවා ඇති බව සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

ස්මාර්ට්ෆෝනයකින් අපේක්ෂා කරන සෑම පහසුකමකින්ම සමන්විත මෙම ස්මාර්ට්ෆෝන් පෙළ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිපදවා තිබේ. මෙම Huawei Y Series හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ඒ සඳහා වැඩි පාරිභෝගික අවධානයක් යොමුවී තිබේ. Y5 Prime, Y7 Pro සහ Y9 sport යන ස්මාර්ට්ෆෝන් Huawei හි නවතම 18:9 පුළුල් සම්පූර්ණ තිරයකින් යුක්තව හදුන්වා දී ඇති නිසා පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක් පුරා පැතිරුණු තිරයක අත්දැකීමක් මෙමඟින් තිළිණ කරයි. Y7 Pro සහ Y9 නවතම Android 8 Oreo මෙහෙයුම් පද්ධතියකින් සමන්විත අතර Y5 Prime ස්මාර්ට්ෆෝනය Android Oreo 8.1.0 මෙහෙයුම් පද්ධතියකින් සමන්විතය.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ මේ වසරේ දියත් කළ Huawei Y Series හි ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා වෙළඳ පල තුළ අතිශය සාර්ථකත්වයට පත්වීම පිළිබඳව සිය සතුට පළ කරන බවයි. මෙම Huawei Y Series හි ස්මාර්ට්ෆෝන් වල බැටරිය 3020mAh සහ 4000mAh ධාරිතාවකින් යුක්ත වීම නිසා සහ සිම්පත් දෙකක් භාවිත කිරීමේ හැකියාව මෙන්ම ඉදිරිපස හා පසුපස කැමරා සහ Power saving තාක්ෂණය යනාදිය තුළින් මෙම ස්මාර්ට්ෆෝනය මෙරට පාරිභෝගිකයාට ගැලපෙන ස්මාර්ට්ෆෝනයක් බවට පත්වීම පාරිභෝගිකයා අතර මෙය ජනප්‍රිය වීමට බලපා ඇති බව පීටර් ලියු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතරින් Y5 Prime නැමති මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනය කළු සහ රන්වන් පැහැයන්ගෙන් මිලට ගත හැකි අතර යොවුන් පාරිභෝගිකයින් අතර මෙම ස්මාර්ට්ෆෝනය මහත් ජනප්‍රියතාවක් උසුලයි. එම පාරසයේ අනිකුත් ස්මාර්ට්ෆෝනයක දක්නට නැති සුවිශේෂි ලක්ෂන රැසක් මෙහි අන්තර්ගත අතර ඒ අතරින් පුළුල් සම්පූර්ණ තිරය ප්‍රධාන තැනක් ගනියි. එමෙන්ම 13MP පසුපස කැමරාව සහ 5MP ඉදිරිපස කැමරාව මෙහි ඇති තවත් විශේෂත්වයක් වන අතර ෆ්ලෑෂ් පහසුකම නිසා සෙල්ෆි ඡායාරූප ගැනීම වඩා පහසු කරවයි. සිම් කාඩ්පත් දෙකක් සහ මයික්‍රො SD (256 GB දක්වා වර්දනය කළ හැකි) කාඩ්පත් ආදී කාඩ්පත් 3ක් එකවර භාවිත කළ හැකි මෙම ස්මාර්ට්ෆෝනය අතේ රැගෙන යාමේ පහසුව ඇතිව නිපදවා තිබේ.

 

අදහස්