මේ සතිය ඔබට කොහොමද? | සිළුමිණ

මේ සතිය ඔබට කොහොමද?

මේෂ

ආගමට ළැදිවේ

ලග්නාධිපති කුජ උච්චව දිග්බලයෙන් කර්මස්ථානයේය. කේතු සමගයි. ක්‍රියාශීලීය. වැඩකටයුතු සාර්ථක වේ. උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. ආගම ධර්මයට ලැදියාවක් දක්වයි. වෘත්තීය කටයුතු සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සැලකීමේදී යම් යම් ප්‍රමාදවීම්වලට ඉඩ පැවතිය ද ස්වකීය උත්සාහය තුළ අලූතින් සාර්ථක ආදායම් මාර්ග කිහිපයක්ම පාදා ගනී. ගෙදරදොර කටයුතු යහපත් වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. තම ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අඟහරුවාදා


වෘෂභ

මිශ්‍රඵලදායකයි

ලග්නාධිපති සිකුරු හතර වැන්නේ දිග්බලයෙන් සිටිය දී සතිය ආරම්භ වේ. යෝගකාරක සෙනසුරු වක්‍රව අටවැන්නේය. මෙම පිහිටීම තුළ ශුභා’ශුභ මිශ්‍රපලදායක තත්ත්වයක් උදා කරයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ඉස්මතු කළ හැක. ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ තම කටයුතු සාර්ථක කර ගත යුතුයි. ආර්ථික වශයෙන් අයහපත් නැත. නමුත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. උනන්දුව සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ලේ දූෂ්‍යාබා, උදරාශ්‍රිත රෝගාදියෙන් පරිස්සම් වන්න. ආගමික අංශයට නැඹුරුවීමෙන් සහනයක් ලැබිය හැක.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


මිථුන

කල්පනාකාරී විය යුතුයි

ලග්නාධිපති බුධ දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. රවි ලග්නයේ ද සෙනසුරු හත්වැන්නේ දිග්බලයෙන් ද සිටී. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු මධ්‍යස්ථ පලදායක වේ. ඉතාමත් උනන්දුවෙන් ද කැපවීමෙන් ද යුතුව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය හා රැකීරක්ෂා කටයුතුවල දී තරමක් ප්‍රවේශම් වන්න. ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතී. යුග දිවියේ සමගිය සාමය සුරක්ෂිත කරගත හැක. දරුවන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. අනතුරු පීඩා, තුවාල යනාදියෙන් ද පරිස්සම් විය යුතුයි. ආගමික අංශයන්ට නැඹුරුව ක්‍රියා කිරීමෙන් සාර්ථක පල ලබයි.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


කටක

ක්‍රියාශීලී වේ

චන්ද්‍රයා කර්මස්ථානගතව සිටිය දී සතිය ආරම්භ වේ. තම කටයුතු උදෙසා ක්ෂණිකව ක්‍රියාශීලී වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගැනීම අසීරු වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම ශුභදායක නොවන නමුත් අහිතකර ද නොවේ. තමාගේ වියදමට සරිලන ආදායමක් ලබනු ඇත. මුදල් ඉතිරිකර ගැනීම අසීරුයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම්ම බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පර්ස්සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා


සිංහ

යහපත් සතියකි

ලග්නාධිපති රවි අයස්ථානයේ සිටිමින් ලග්නය දකින අතර සිකුරු ලග්නයේය. සඳුට හතේ ගුරු සිටීම ගජකේශරී යෝගයයි. කරගෙන යන කටයුතුවලින් මෙන්ම අමුතු දේවලින් ද ලාභ ප්‍රයෝජන ලබා ගනී. මිල මුදල් ලැබිම අතින් ශුභයි. ආදායම් මාර්ග සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. රැකීරක්ෂා කටයුතුවල සාර්ථක භාවයක් ද ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවලදී කල්පනාකාරී වීම අවශ්‍යයි. බුද්ධිමත් විය යුතුයි. උෂ්ණාධික රෝග බලපානු ඇත.

ජය වර්ණය- රෝස, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා


කන්‍යා

මිශ්‍රඵල

ලග්නාධිපති බුධ රාහු සමඟ සිටීමෙන් ශුභපල වැඩියෙන් උදා කෙරේ. සිකුරු 12 ද ගුරු දෙවැන්නේ ද සිටීම තුළ මෙම සතිය තුළ මිශ්‍රපලදායක බවක් ඇති කරයි. කෙසේ වුවත් තමා සමඟ කටයුතු කරන අයගේ වැඩකටයුතු කෙරෙහි තරමක් කල්පනාකාරී වන්න. සිතට මෙන්ම කයට ද සැපවත් වේ. උත්සාහයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආදායම් මාර්ග විවර කළ හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරනු ඇත. ගෙදරදොර කටයුතු යහපත්ය.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


තුලා

බාධා මධ්‍යයේ දියුණුව

ලග්නාධිපති සිකුරු අයස්ථානයේය. ගුරු ලග්නයේ ද චන්ද්‍රයා හතේ ද සිටි. සෙනසුරු තුන්වැන්නේ ද වේ. කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. එම නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කරන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකය. ගෙදරදොර කටයුතු යහපත්ය. දියුණුවක්, අභිවෘද්ධියක් ගෙන දේ. ඉගෙනීමේ දී ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරයි. අලූත් විෂ්‍යයන් කෙරෙහි දක්වන සැලසුම් පුළුල් වේ. ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානයෙන් සිටීම අවශ්‍යයි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


වෘශ්චික

ඉවසීම අවශ්‍යයි

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව ද කේතු සමග සිටිය දී සතිය ආරම්භ වේ. සිකුරු කේන්ද්‍රගතව සිටී. සඳු 6 ද රවි 8 ද ගමන් කිරීම එතරම්ම ශුභදායක නොවේ. කේන්ති යන ස්වභාවයක් පවතී. එම නිසා හැකි හැම වේලාවේදීම ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බාධා අවහිරතා ඇති කළ හැකි නිසා තරමක් කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වනු ඇත. වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වනු ඇත.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අඟහරුවාදා


ධනු

බාධා මැද දියුණුව

ලග්නාධිපති ගුරු අයස්ථානයේ ය. වක්‍රව සිටිය දී සතිය ආරම්භ වේ. ශනි ලග්නයේය. රාශු බුධ අටේ ද රවි හතේ ද සිටී. මෙම කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද තම කටයුතු කරගත යුතුයි. අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ප්‍රවේශම් සහිත විය යුතුයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද කැපවීමෙන් ද ක්‍රියා කළ යුතුයි. දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුයි.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා


මකර

ආර්ථික වාසි

ලග්නාධිපති දොළහේය. ගරු දහයේය. සඳු දිග්බලයෙන් හතරේ ද සිටිමින් සතිය ආරම්භ වේ. මෙම කාල සීමාව තුළ පවතින ග්‍රහ ගෝචරයන් ද සැලකීමේ දී යම් යම් වාසිදායක තත්ත්වයක් උදා කරයි. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලින් සහනයක් ලබයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන්මුදල් ලාභ ලබනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අය වාසි ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. යුගදිවියේ දී සමගිය සාමය සුරක්ෂිත වේ. යමක් ඉක්මනට වටහා ගෙන කටයුතු කළ හැක. රුධිර පීඩනය, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග, අර්ශස් වැනි අසනීපාදියෙන් සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


කුම්භ

බාධා මැද අභිවෘද්ධිය

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. ගුරු වක්‍රව භාග්‍යස්ථානගතයි. මෙම පිහිටීම තුළ ඇඳුම් පැලඳුම් වස්ත්‍ර ලැබේ. ශරීර සනීපය ඉතා යහපත් වේ. වෙනදාට වඩා ආගම දහමට ලැදි වේ. දේව භක්තිය ඉස්මතු වේ. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. සුළු වශයෙන් හෝ බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ කර ගනී. බාධා මධ්‍යයේ වුව ද අභිවෘද්ධියක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලට තිබුණ බාධා අවහිරතා ගැටලූ ක්‍රමයෙන් පහවී යයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට අලූත් විෂයයන් හැදෑරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. තමාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- බදාදා


මීන

බාධා ඉස්මතු වේ

ලග්නාධිපති ගුරු අටවැන්නේ වක්‍රව සිටය දී සතිය ආරම්භ වේ. සිකරු හතේ සරල යෝගයයි. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්වයක් උදා කරයි. විශේෂයෙන්ම රෝගාබාධ වැලඳීමේ ඉඩක් පෙන්වන නිසා සැලකිලිමත් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් වැය වේ. වැඩකටයුතුවලට බාධා ගෙන දේ. දරුවන්ගේ රෝග පීඩාදිය නිසා සිත් තැවුලට පත් වේ. උෂ්ණාධික රෝග, වෛරස් රෝග, උණ ලවණ ගති, රුධිර පීඩන යනාදියෙන් පර්ස්සම් වන්න.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා

අදහස්