සිංගර් ශ්‍රී ලංකා Intel NUC විශාලම පරිගණක අලෙවිය සිදු කරයි | සිළුමිණ

සිංගර් ශ්‍රී ලංකා Intel NUC විශාලම පරිගණක අලෙවිය සිදු කරයි

සිංගර් ශ්‍රී ලංකා මෙතෙක් ශ්‍රී ලංකාවේ එකවර අලෙවි කළ විශාලතම Intel NUC (Next Unit of Computing) ඒකක තොගය වශයෙන් පරිගණක 500ක් ORELIT සඳහා අලෙවි කරයි.

තත්වයෙන් උසස් Intel NUC ඒකක තොගය මිලදී ගෙන ඇත්තේ ORELIT විසින් වන අතර එහි නවතම ශාඛාව වන ගාල්ල ශාඛාව සඳහා මෙම ඒකක තොගය මිලට ගෙන ඇති බව වාර්තා වෙයි. Intel හි නවතම NUC ඒකක මේ යටතේ අලෙවි කර ඇති අතර ඒවා 6th generation Intel Core ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර මහා පරිමාණ කාර්යාල, නිවාස ආශ්‍රිත කාර්යාල, ඩිජිටල් ආරක්ෂක පද්ධති, ගෘහාශ්‍රිත පරිහරණය, පරිගණක ක්‍රිඩා, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සමුළු පැවැත්වීම, සඳහා ඉතා සුදුසු ආකාරයට නිපදවා තිබේ. Intel වෙතින් ලබාදෙන වසර 3ක වගකීමක් සහ සිංගර් ශ්‍රී ලංකා හි විශිෂ්ට පාරිභෝගික සේවා පහසුකම් වලින් යුක්තව මෙම NUC ඒකක අලෙවි කෙරයි.

මෙම වාර්තාගත අලෙවිය පිළිබඳව සිය අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ මෙම අවස්ථාව සමාගම් දෙකට මෙන්ම සිංගර් හි සමූහ අලෙවි අංශයට ඉතා වැදගත් අවස්ථාවක් වන බවයි.ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම Intel NUC ඒකක තොගය අලෙවි කිරීමට අවස්ථාව හිමිවීම සිය සමාගම ලත් සුවිශේෂි අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය. ලොව ප්‍රමුඛතම සන්නාම රැසකින් යුතු විශිෂ්ටතම භාණ්ඩ මෙරට ආයතන රැසකටම සැපයීම සහ ඒ පිළිබඳව අලෙවියෙන් පසු දක්වන විශිෂ්ට සේවාව යනාදී කරුණු මඟින් සිංගර් හි සමූහ අලෙවි අංශය හිමිකරගෙන ඇති විශ්වාසය මෙම ගණුදෙනුව සඳහා විශේෂයෙන් බලපා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම තත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් තවදුරටත් ලොව හොදම සන්නාම රැසක් ඉදිරියේදී ද විවිධ ආයතනවල අවශ්‍යතාව පරිදි සපයා දීමට අපේක්ෂා කරන බවත්,එමඟින් එම ආයතනවල ඵලදායිතාව ඉහළ නංවා ගත හැකි බව ද සඳහන් කළේය.

 වමේ සිට ORELIT තොරතුරු තාක්ෂණ ප්‍රධානි චරිත් ජයනෙත්ති සහ උප සභාපති උපෙන්ද්‍ර පීරිස් සහ සිංගර් ශ්‍රී ලංකා මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ සහ සමූහ අලෙවි කළමනාකරු වරුණ වික්‍රමසිංහ යන මහත්වරු

අදහස්