අපේ ව්‍යාපාරවලට ලෝක වෙළෙඳපොළක් හදන welenda.com | සිළුමිණ

අපේ ව්‍යාපාරවලට ලෝක වෙළෙඳපොළක් හදන welenda.com

ජන­තාව තම රැකි­යා­වන් හා අනෙ­කුත් දෛනික අව­ශ්‍ය­තා­ව­යන් ට වෙහෙ­සීම හේතු­වෙන් කාර්ය බහුල වී සිටිති .එම කාර්යය බහුල බව හේතු­වෙන්ම අන්ත­ර්ජා­ලය ලොව සාර්ථ­කම වෙළඳ මධ්‍ය­ස්ථා­නය බවට පත්ව තිබේ . කාලය කැප කර­මින් වෙළ­ඳ­සැල් පීර පීරා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා­ගැ­නී­මට කර­දර වීම amazon,ebay වැනි ජාත්‍ය­න්තර වෙබ් අඩවි වලට පින් සිදු වන්නට දැන් ජන­තා­වගේ දෛනික දින චර්යා­වෙන් ඈත් වෙමින් තිබේ.

ශ්‍රී ලාංකික ජන­තාව ද මෑත කාලී­නව ඇති වූ මෙම නව ප්‍රව­ණ­තා­වයේ කොට­ස්ක­රුවෝ වී සිටිති. එහෙ­යින්ම අන්ත­ර්ජා­ලය මගින් වෙළෙඳ ගනු­දෙනු සිදු කිරී­මට පෙළඹී සිටින ශ්‍රී ලාංකික පාරි­භෝ­ගික ජන­තාව වෙනු­වෙන් ද නව වෙබ් අඩවි රැසක් දැන­ට­මත් ආරම්භ වී තිබේ . මෙම සියලු වෙබ් අඩවි අතර ඉතාම මෑත­කදී ආරම්භ වුණු welenda වෙබ් අඩ­වි­යට සුවි­ශේ­ෂ­තම තැනක් හිමිව වේ. ශ්‍රී ලාංකි­ක­යන්ට පහ­සු­වෙන් හා සුර­ක්ෂි­තව භාණ්ඩ හා සේවා ලබා­දීම පම­ණක් නොව මෙරට නිෂ්පා­දන වලට අන්ත­ර්ජා­තික වෙළ­ඳ­පො­ලට පහ­සු­වෙන් හා වේග­යෙන් ඇතුල් වීමේ අව­ස්ථාව උදා­කර දීමේ අර­මු­ණින් welenda මෙම නව වෙබ් අඩ­විය හඳුන්වා හඳුන්වා දී තිබේ .

ශ්‍රී ලාංකේය ජන­තාව ඉලක්ක කර ගනි­මින් ආරම්භ කළ මෙම welenda වෙබ් අඩ­වියේ තවත් සුවි­ශේ­ෂ­ත්ව­යක් ඇත .එනම් මෙම වෙබ් අඩ­විය ක්‍රියා­ත්මක වන්නේ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ සිට වීමයි .ඇම­රි­කාවේ වාසය කරන වෘත්ති­ක­යෙකු වන චමිල් තෙන්න­කෝන් මහතා හා ඔහු ගේ බිරිඳ ඔමලි තෙන්න­කෝන් මහ­ත්මි­යත් උපාලි තෙන්න­කෝන් මහ­තාත් මෙම නව වෙබ් අඩ­වියේ නිර්මාතෲ වරුන් වන අතර එම දෙපළ මේ වන විටත් එහි අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස කට­යුතු කරති .

සිය වෙබ් අඩ­වියේ ඉදිරි මෙහෙ­යුම් පිළි­බඳ ව සිළු­මි­ණට කරුණු පැහැ­දිලි කළ චමිල් තෙන්න­කෝන් මහතා අව­ධා­ර­ණය කරන්නේ අන්ත­ර්ජා­ලය ඔස්සේ මිලදී ගැනීමේ පුරුද්ද ශ්‍රී ලාංකි­ක­යන් අතර වේග­යෙන් ව්‍යාප්ත වී ඇති බවත් මෙම ප්‍රව­ණ­තාව හරහා මෙරට ව්‍යාපාර වලට වාසි සැල­සීම අර­මුණු කර­ග­නි­මින් මෙම වෙබ් අඩ­විය ආරම්භ කිරී­මට මූලික වූ බවත් ය. මෙරට ව්‍යාපාර වලට ජාත්‍ය­න්තර වෙළෙ­ද­ප­ලද ජය ගත හැකි බවත් ඒ සඳහා මෙම වෙබ් අඩ­විය ඔස්සේ පහ­සු­කම් සැල­සී­මට තමන් තමන් සූදා­නම් බවත් ඔහු සඳ­හන් කළේය.

www.welenda.com වෙබ් අඩ­වියේ ලියා­ප­දිංචි වන ඕනෑම ව්‍යාපා­ර­ය­කට සිය භාණ්ඩ එම වෙබ් අඩ­විය ඔස්සේ අලෙවි කිරී­මට හැකි­යාව ලැබෙන අතර පාරි­භෝ­ගි­ක­යින්ට කිසිදු සැඟ­වුණු ගාස්තු­ව­කින් තොරව අඩුම මුද­ල­කට එම භාණ්ඩ මිලදී ගැනී­මට අව­ස්ථාව හිමිවේ. welenda වෙබ් අඩ­වියේ මිල ගණ­න්ව­ලට වඩා අඩු මුද­ල­කට වෙනත් වෙබ් අඩ­වි­ය­කින් යම් කිසි යම් භාණ්ඩ­යක් මිලදී ගැනී­මට හැකි වුව­හොත් පාරි­භෝ­ගි­ක­යාට එම භාණ්ඩයේ මුදල් නැවත ගෙවී­මට කට­යුතු කරන බවද සඳ­හන් කරන එහි අධ්‍යක්ෂ චමිල් තෙන්න­කෝන් මහතා තම වෙබ් අඩ­විය හරහා ඕනෑම කෙනෙක්ට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් භාවි­ත­යෙන් ගනු­දෙනු කළ හැකි බවත් එලෙස සිදු කරන සිය­ළුම කාඩ් ගනු­දෙ­නු­වල සුර­ක්ෂි­ත­භා­වය සහ­තික කිරීම සඳහා ඉහ­ළම තාක්ෂණ ආර­ක්ෂණ ක්‍රම­වේද භාවිතා කරන බවත් සඳ­හන් කළේය.

ඡායාරූපය - සමන් මෙන්ඩිස්

අදහස්