හස­රක් නොදැන ගම­නක යන ජවිපෙ | සිළුමිණ

හස­රක් නොදැන ගම­නක යන ජවිපෙ

ලාංකික සමා­ජය 1978දී ආර්ථික වශ­යෙන් ව්‍යූහා­ත්මක වෙන­ස­කට ලක් විය. එතෙක් ආර්ථි­කයේ ආංශික වර්ගී­ක­ර­ණය තුළ කෘෂි­කා­ර්මික හා කාර්මික අංශ­යන්ට තිබූ ප්‍රති­ශ­තා­ත්මක පංගුව වෙනස් වෙමින් සේවා අංශයේ ප්‍රති­ශ­තා­ත්මක පංගුව වැඩි විය. සේවා අංශය බොහෝ විට පව­තින්නේ කොමිස් හා ලාභාංශ මතිනි. එය වංචා හා දූෂ­ණ­යන්ට උල්ප­තකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ප්‍රති­ශ­තා­ත්ම­කව 60%ක තරම් මට්ට­ම­කට කළු ආර්ථික ක්‍රියා­කා­රි­ත්ව­ය­කින් යුක්තය.

මහා පරි­මා­ණ­යෙන් සිදු වන වංචා හා දූෂණ පව­තින දේශ­පා­ලන හා ආර්ථික ක්‍රම­යේම නෛස­ර්ගික ලක්ෂ­ණ­යකි. මහා පරි­මා­ණ­යෙන් සිදු වන වංචා හා දූෂ­ණ­යන්ට හැම ආණ්ඩු­ව­කම සම්බ­න්ධ­යක් පවතී. ආණ්ඩු බල­යෙන් තොරව එවැනි මහා පරි­මාණ වංචා හා දූෂණ සිදු විය නොහැ­කිය. වංචා හා දූෂණ මහ­ජන ධනය විනාශ කිරී­මක් මෙන්ම රටක සංව­ර්ධ­න­යට බර­ප­තළ ලෙස හානි කර­න්නකි. එහෙත් එම­ගින් සිදු වන විශා­ල­තම විනා­ශය වන්නේ වංචා හා දූෂ­ණ­යට ලක් වන මුදල් වෙළෙ­ද­පළ තුළ ආයෝ­ජ­න­යට ලක් නොවී­මයි. විශාල වංචා හා දූෂ­ණ­යන් සිදු කරන මහා පරි­මාණ හොරු එම මුදල් ආයෝ­ජ­නය නොකර සමු­ච්ඡ­ක­ර­ණ­යට (Capital Accumulation) ලක් කරයි. මූල්‍ය සමු­ච්ඡ­ක­ර­ණය ධනේ­ශ්වර ක්‍රමයේ විශා­ලම අග­ති­යයි.

සමා­ජ­යක් වංචා හා දූෂ­ණ­යට ලක් වූ පසු ඉහළ සිට පහ­ළ­ටත් පහළ සිට ඉහ­ළ­ටත් නීති විරෝධි මූල්‍ය ගනු­දෙ­නු­ව­ලට ගොදුරු වේ. රාජ්‍යයේ ඉහළ කොටස වංචා හා දූෂ­ණ­ව­ලට ලක් වූ පසු පහළ කොට­සද ඊට ගොදු­රු­වීම තාර්කික ය. ග්‍රාමීය සමා­ජ­යේද මේ අන්ද­මින්ම වංචා හා දූෂණ කිසිදු බාධා­ව­කින් තොරව සිදු වේ. සම­හර සමාජ කුල­ක­යන්හි මූල්‍ය ස්ථායි­තාව රදා පව­ති­න්නේම නීත්‍ය­නු­කූල මූල්‍ය ගල­නය නිසාම ය.

එහෙත් ඉහළ සමාජ ස්තරයේ හා පහළ සමාජ ස්තරයේ සිදු වන වංචා හා දූෂ­ණ­වල ස්වරූ­පය එකි­නෙ­කට වෙනස් වේ. ඉහළ සමා­ජයේ මෙන් පහළ සමා­ජයේ සිදු වන වංචා හා දූෂ­ණ­වල කළු සල්ලි මූල්‍ය සමු­ච්ඡ­ක­ර­ණ­යට ලක් නොවේ. එනම් ඒ මුදල් වෙළෙ­ඳ­පළ ක්‍රියා­කා­රි­ත්ව­යෙන් ඈත් කර නොත­බයි. ඔවුහු එම මුදල් ආයෝ­ජ­න­යට ලක් කරන අතර, එනිසා වෙළෙ­ඳ­පළ තුළ ක්‍රියා­කා­රි­ත්වය ඉහළ නගී. එය වෙළෙ­ඳ­පළ ශක්ති­මත් කිරී­ම­ටත් (stability of money market) මූල්‍ය­ග­ල­නය (Cash flow) පව­ත්වා­ගෙන යෑම­ටත් දායක වේ.

ධන­ප­ති­ය­න්ගේත් සුළු ධන­ප­ති­ය­න්ගේත් මූල්‍ය අක්‍ර­මි­කතා හා හොර­කම ගුණා­ත්ම­කව නොවෙ­නස් වුවද ඒවා වෙළෙ­ඳ­ප­ළට කරන බල­පෑම එකි­නෙ­කට වෙනස් වේ. මැද පාන්ති­ක­යන්ගේ අක්‍ර­මි­කතා හා හොර­කම ග්‍රාමීය සමා­ජය ප්‍රාග්ධ­නී­ක­ර­ණ­යට හේතු­වකි. ඒ අනුව ධන­ප­ති­යන්ගේ හොර­කම් තුළින් සමු­ච්ඡ­ක­ර­ණ­යට ලක් කරන ප්‍රාග්ධ­න­යට එරෙහි වන අන්ද­මින්ම, ගමේ සිදු වන හොර­ක­ම්ව­ල­ටද එරෙහි වීමට තරම් විමුක්ති ව්‍යාපා­ර­යක් ඉක්මන් විය යුතු නැත.

ජනතා විමුක්ති පෙර­මුණ මැති­ව­ර­ණ­ය­කදී දූෂණ හා වංචා විරෝ­ධය කර­පින්නා ගන්නේ අහඹු ලෙස නොවේ. ඊට මූලික හේතුව ඒ පක්ෂය අත­ර­මැදි පන්තිය මත පද­නම් වීමයි. මේ කාලයේ අත­ර­මැදි පන්තියේ දේශ­පා­ල­නය පද­නම් වන්නේ දූෂණ හා වංචා­වන්ට එරෙ­හි­වීම මතය. ජනතා විමුක්ති පෙර­මුණ වංචා හා දූෂණ විරෝ­ධය හරහා උත්සාහ ගත්තේ අත­ර­මැදි පන්තියේ ආක­ර්ෂ­ණය දිනා­ගැ­නී­ම­ටයි. එහෙත් ඒ අත­ර­මැදි පන්තියේ අවි­ඥා­නක ආශාව වූ මහින්ද රාජ­පක්ෂ පළාත් පාලන මැති­ව­ර­ණයේ වීරයා බවට පත් වන විට ජනතා විමුක්ති පෙර­මුණ අස­රණ විය.

එක්සත් ජාතික පක්ෂ­යත්, ශ්‍රී ලංකා පොදු­ජන පක්ෂ­යත් තම ඡන්ද පද­නම වර්ධ­නය කර­ගන්නේ අත­ර­මැදි පන්ති­යෙනි. ඒ සමාජ තීරුව තුළ තවත් දේශ­පා­ල­න­ය­කට අව­කා­ශ­යක් නැත. වරෙක රනිල් වික්‍ර­ම­සිං­හගේ ග්‍රහ­ණ­ය­ටද තවත් වරෙක මහින්ද රාජ­ප­ක්ෂගේ ග්‍රහ­ණ­ය­ටද ලක් වන අත­ර­මැදි පන්ති­යට අවශ්‍ය වන්නේ ආක­ර්ෂ­ණීය නාය­ක­යෙකි. අනුර කුමාර දිසා­නා­ය­කද ආක­ර්ෂ­ණීය වුවත් ප්‍රභූ පන්තියේ නාය­ක­ය­කු­ගෙන් ගැලවී අනුර කුමාර දිසා­නා­යක කරා එන්නට තරම් අත­ර­මැදි පන්තියේ ශක්තිය දුර්ව­ලය. ඔවුන් උත්සාහ ගන්නේ ශාරී­රික පීඩා­ව­කින් තොරව විනෝ­දය ලබ­න්න­ටය. ඒ විනෝ­දය ලබා දෙන්නේ මහින්ද රාජ­පක්ෂ හෝ රනිල් වික්‍ර­ම­සිංහ හෝ පමණි.

ඒ නිසා ජනතා විමුක්ති පෙර­මුණ අත­ර­මැදි පන්තියේ දේශ­පා­ල­නය අත්හළ යුතුය; එසේම තම පක්ෂය සටන් වදින්නේ හා අර­ගල කරන්නේ සමා­ජ­වා­දය වෙනු­වෙන්ද සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙ­න්දැයි පැහැ­දිලි නිග­ම­න­ය­කට ආ යුතුය. පක්ෂ නාය­කයෝ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මත පද­නම්ව අර­ගල හා භාවි­තය තීන්දු කරති. එහෙත් පක්ෂ සාමා­ජි­කයෝ ඒවා අර්ථ දක්වා ගන්නේ සමා­ජ­වාදි විප්ල­වය වෙනු­වෙන් තම පක්ෂය පෙනී සිටින බවට අව­බෝධ කර­ග­නි­මිනි. මේ පර­ස්ප­ර­වි­රෝ­ධය ජනතා විමුක්ති පෙර­මුණේ ඉදිරි ගම­නට යෝග්‍ය නොවේ.

වත්මන් දේශ­පා­ලන සන්ද­ර්භය තුළ පන්ති දේශ­පා­ල­නය අතා­ර්කි­කය. නිර්පන්ති දේශ­පා­ල­න­යක යෙදෙ­මින් දේශ­පා­ලන ආධි­ප­ත්‍ය­යක් සමා­ජය තුළ නිර්මා­ණය කර­ගැ­නීම අව­ශ්‍ය­යෙන්ම කළ යුත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ බර­ප­තළ දැනු­මකි; ඒ දැනුම තම පක්ෂ කාඩ­රය හා බෙදා­හ­දා­ගන්නා සැල­සු­මකි. එසේ නොව­න්නට ඉති­හා­සය පුරා සිදු වූ දේ අනා­ග­ත­ය­ටත් සිදු වීම වළ­ක්ව­න්නට කිසි­ව­කුට නොහැ­කිය.

අබ­රන්

[email protected]

අදහස්