උද­යංග කට ඇරි­යොත් මහි­න්දගේ වෙස් මුහුණ ගැල­වෙ­නවා | සිළුමිණ

උද­යංග කට ඇරි­යොත් මහි­න්දගේ වෙස් මුහුණ ගැල­වෙ­නවා

අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය තලතා අතු­කෝ­රල

 මෙරට සිදු වූ සහ සිදු වන අපා­රධ සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් ක්‍රියා කළ හැකි ආකා­රයේ විශේෂ අධි­ක­ර­ණ­යක් පිහි­ටු­වී­මට පිය­වර ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළා?

මේ කට­යුත්ත ආවට ගියාට කරන්න පුළු­වන් දෙයක් නෙමෙයි. එය බොහෝම වග­කීම් සහ­ගත හැම­දෙ­නා­ටම පිළි­ගත හැකි සැක සංකා ඇති නොවන ක්‍රියා­ව­ලි­යක් විය යුතුයි. එනිසා මේ සම්බ­න්ධ­යෙන් අදාළ නෛතික කට­යුතු පාර්ලි­මේ­න්තුව තුළ සම්මත විය යුතුව තිබුණා. ඒ අනුව විශේෂ අධි­ක­ර­ණ­යක් පිහිටු වීම සඳහා අධි­ක­රණ ප්‍රති­සං­වි­ධාන පනත සංශෝ­ධ­නය කරලා ඒ අවශ්‍ය ක්‍රියා­මාර්ග ගත යුතු වුණා. මේ වන විට ඒ කට­යුතු අව­සන් කර තිබෙ­නවා. ඒ සඳහා අධි­ක­රණ සේවා කොමි­සන් සභාවේ අනු­මැ­තිය හිමිව තිබෙ­නවා. දැන් තිබෙන්නේ අදාළ අධි­ක­රණ ව්‍යූහය සඳහා අවශ්‍ය පහ­සු­කම් සැල­සී­මයි. ඒ අනුව මේ කට­යුතු සඳහා අවශ්‍ය ශාලා පරි­ශ්‍රය ගොඩ­නැ­ගීම ආරම්භ කළා. ඒ කට­යුත් අව­සන් කිරී­මට තිබුණේ එළ­ඹෙන හතර වෙනි­දායි. මේ වන විට එම අධි­ක­රණ ශාලා ගොඩ­නැ­ගිල්ලේ ඉදි­කි­රී­ම්වල සිදුව තිබෙන ප්‍රමාද දෝෂ­යක් හේතු­වෙන් සම­හර විට ඒ දිනය කල් යෑමට ඉඩ තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් තීරණ ගන්නේ අග්‍ර­වි­නි­ශ්ච­ය­කා­ර­තු­මාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් අධි­ක­රණ සේවා කොමි­සන් සභා­වයි.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර සිටියා ආණ්ඩු­වට ඉන්ට­පෝල් පොලී­සිය දාල­වත් හොයා­ගන්න බැරි ඔහුගේ ළඟම ඥාතියකු වන උද­යංග වීර­තුං­ගව මෙර­ටට ගෙනැ­විත් දෙනවා කියලා. මෙය ඉතාම බර­ප­තළ ප්‍රකා­ශ­යක්?

උද­යංග වීර­තුංග කියන්නේ පසු­ගිය ආණ්ඩුව සමයේ රුසි­යාවේ තානා­පති වශ­යෙන් සිටි පුද්ග­ලයා.මොහු මත­භේ­ද­යට තුඩු දී තිබෙන 2007 මෙර­ටට ගෙන් වූ මිග්යානා සම්බ­න්ධ­යෙන් කෙරෙන පරී­ක්ෂණ කට­යුතු සඳහා අව­ශ්‍යව සිටින පුද්ග­ල­යෙක්. මොහු මේ සම්බ­න්ධ­යෙන් පම­ණක්, නෙමෙයි තවත් චෝදනා ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් අව­ශ්‍යව සිටින පුද්ග­ල­යෙක්. ඔහු මේ රටේ සම්පත් නීති­වි­රෝධී ආකා­ර­යට යොදා­ගත් බවට චොදනා ලබපු පුද්ග­ල­යෙක්. ඔහු සොයා­ගැ­නීම සඳහා රජය දියත් කළ මෙහෙ­යුමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඇම­රි­කාව බලා යෑමට සූදා­නම් වූ අව­ස්ථා­වේදී ඩුබායි රටේදී අත් අඩං­ගු­වට ගෙන තිබෙ­නවා. ඒ අනුව ඔහුව මෙර­ටට රැගෙන ඒමට කට­යුතු කර­මින් තිබෙ­නවා. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා දැන් කිය­නවා රජ­යට හොයා­ගන්න බැරි කෙනා ඔහු ගෙනත් දෙනවා කියලා. මොන විකාර කතා­වක්ද මේක ඔහුව ලංකා­වට බාර­දෙන්න සියලු කට­යුතු සූදා­නම් කරල තියෙද්දි ඔහු මෙවැනි ප්‍රකා­ශ­යක් කර­නවා.

මේ තුළ ඇත්තේ එක්තරා ආකා­ර­යක තැති ගැන්මක්. ඔහු කට ඇරි­යොත් තමාගේ වෙස් මුහුණ ගැල­වෙන බව රාජ­පක්ෂ මහ­ත්තය දන්නවා. ඒක තර­මක් සම­නය කර­ගන්න පුළු­වන් විදි­හක් තමයි මේ කල්පනා කර­නවා ඇතතේ. මොකද උද­යංග වීර­තුංග තීන්දු තීරණ ගත්තේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යගෙ උප­දෙස් මතයි කියන දේ මුළු රටම දන්නවා.

ආණ්ඩුව අධි­ක­ර­ණය මෙහෙ­ය­ව­මින් තරා­ති­රම අනුව වෙනස්ව සල­ක­නව කියල ඇතැ­මුන් චෝදනා කර­නවා.

2015 ජන­වාරි 08 වැනි­ද­යින් පස්සේ තරා­ති­රම බලල සල­කපු, තීන්දු තීරණ ගත්ත එක අව­ස්ථා­වක් මට පෙන්නලා දුන්නොත් මම ඒකට උත්තර දෙවා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම­නා­යක මහ­තාට සල­කන ආකා­ර­යට ඥාන­සාර හිමි­යන්ට සැල­කුවේ නැහැ කියල ඇතැ­මුන් චෝදනා කර­නවා.

අපි යන්නෙ නැහැ පහු­ගිය කාලේ වගේ අධි­ක­ර­ණයේ කට­යු­තු­ව­ලට ඇඟිලි ගහන්න. එහි ස්වාධී­න­ත්වය ආරක්ෂා කරන්න හැකි සෑම පිය­ව­රක්ම අපි අර­ගෙන තිබෙ­නවා. 2016 හෝම­ගම අධි­ක­රණ පරි­ශ්‍රයේ සිදු වූ සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් කරපු පැමි­ණි­ල්ලක් ගැන වසර දෙක­කට ආසන්න කාල­යක් විභාග කිරී­මෙන් අන­තු­රුව තමයි ඥාන­සාර හාමු­දු­රු­වන්ට අදාළ නඩු තින්දුව ලබා­දුන්නේ. නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ගැන කතාව ආරම්භ වන්නේ පසු ගිය වර්ෂයේ. තවම ඒ නඩුව උසා­වියේ විභාග වෙනවා. ඒ මහ­ත්තයා අධි­ක­ර­ණයේ පෙනී සිටි­මින් අධි­ක­ර­ණ­යට කරුණු ගොනු කර­නවා. ඒ අනුව ඉදි­රි­යේදී එතු­මට ඊට අදාළ තීන්දුව ලැබේවි. ඒ නිසා මේ චෝදනා මම ප්‍රති­ක්ෂේප කර­නවා.

තරා­ති­රම අනුව කට­යුතු කිරීම වැර­දියි කියන අයම අධි­ක­ර­ණය ඉදි­රියේ දඬු­ව­මට ලක්වුණු ඥාන­සාර හිමි­යන්ට සිර­ඇ­ඳුම ඇන්ඳ­වීම ප්‍රති­ක්ෂේප කර­නවා. ඇත්ත­ටම භික්ෂු­වක් වුණොත් විශේෂ සැල­කි­ල්ලක් දක්වන්න ඕනද?

අධි­ක­රණ භූමිය තුළ සිවු­රට නිගරු වන සේ හැසි­රිලා නීති­යෙන් දෙන දඬු­වම් නියම වුණොත් එය භාර­ගෙන සිර­ගෙට යා යුතුයි. ඒ යන විට තමන් සැබැ­වින්ම ආග­මට ගෞරව කරන කෙනෙක් නම් සිවුරු ගලවා අදාල ඇඳුම ඇඳිය යුතුයි. ඒක සදා­චා­ර­මය කොන්දේ­සි­යක්. විශේ­ෂ­යෙන්ම භික්ෂු­වක්. බුදු­න්ව­හන්සේ කියන්නේ විනය තමයි ශාස­නයේ ආර­ක්ෂ­කයා කියලා. එහෙ­ම­නම් ඒ විනය රැකිය යුතු වෙනවා. හැමෝම රාජ්‍ය නීති­යට යටත් විය යුතු බව බුදුන් වහ­න්සේද දේශනා කර තිබෙ­නවා.අධි­ක­ර­ණ­යේදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝ­ලික කියල වෙන­සක් නැහැ. කෙනෙක් නීතිය ඉදි­රියේ වරද කරු­වකු නම් ඔහු ඊට හිස නැමිය යුතු වෙනවා. මේ නීති සුද්දගෙ කාලෙ ඇති කලාද වෙනත් කාලෙ­කදි ඇති කලාද කියන දේ වැද­ගත් වෙන්නෙ නැහැ. අපි නෛතික රාමු­ව­කට යටත්.

මේ විදි­යට නීතිය විවේ­ච­නය කළොත් රටක තත්වය මොන වගේ වේවිද කිසි­කෙ­නෙක් ඒක පිළි­ගන්න එකක් නැහැ නේද?

ඒක සිහි බුද්ධි­යක් ඇති ඕනම කෙනෙ­කුට තේරෙ­නවා. නීති කියන දේ ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒවා ඇති වෙන්නෙ පොදු සම්මු­ති­යෙන්. අතී­තයේ සම්මු­ති­යෙන් ඇති කර ගත්ත නීති අද පාර්ලි­මේ­න්තුව හරහා ඇති වෙනවා. ඒ ජනතා කැමැ­ත්තෙන් බල­යට පත්වන නියෝ­ජි­ත­යන් මාර්ග­යෙන්. ඒ අනුව වක්‍ර­කා­ර­යෙන් මේ නියෝ­ජ­නය වන්නේ ජනතා පර­මා­ධි­ප­ත්‍යම තමයි. අධි­රා­ජ්‍ය­වාදී යුගයේ හා එහි අව­සාන කාලයේ පාර්ලි­මේන්තු ක්‍රමය ස්ථාපිත වීමත් එක්ක දැනට පව­තින නෛතික රාමුව සකස් වී තිබෙ­නවා. පසුව ඒවා වර්ධ­නය වී අද දක්වා පැමිණ තිබෙ­නවා. ඒ නිසා මෙම නෛතික රාමුව ප්‍රශ්න කිරී­මට යෑම බර­ප­තළ කාර­ණා­වක්. මෙම­ඟින් සමස්ත ජන සමා­ජ­යම අර්බු­ද­යට ලක්වෙන්න පුළු­වන්.

මේ වන විට චයිනා මර්ටන්ට් සහ චයිනා හාර්බර් අනු­බ­ද්ධිත ආය­ත­න­ව­ලින් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මුදල් ලබා­ගත් බවට විදේශ මාධ්‍ය­යක් මඟින් කරුණු අනා­ව­ර­ණය කර තිබෙ­නවා. මේවා ආණ්ඩුවේ සහය ඇතිව කරන මඩ ප්‍රචා­ර­යන් බව ඇතැ­මුන් පව­ස­නවා?

නිව්යෝර්ක් ටයිම්ස් කරුණු කාරණා බොරු නම් ඊට එරෙ­හිව හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට නෛතික ක්‍රියා­මාර්ග ගැනී­මට හැකි බව ඒ ලිපිය ලියන මාරියා අබී හබීබ් මාධ්‍ය­වේ­දි­නිය කියා තිබෙ­නවා. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම­නා­යක මහතා මේ සම්බ­න්ධ­යෙන් පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­ස­යට පැමි­ණි­ල්ලක් ගොනු කළා. එතු­මට විත­රක් නෙමෙයි රටේ ඕනම පුර­වැ­සි­ය­කුට පුළු­වන් පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­ස­යට පැමි­ණිලා මේ රටේ සුදු­වන මූල්‍ය අක්‍ර­මි­කතා පිළි­බව සොයා බලන ලෙස පැමි­ණිලි ගොනු කරන්න.

ඔබ­තු­මිය අධි­ක­රණ අමා­ත්‍ය­ව­රිය ලෙස අනිසි ලෙස බලය පාවිච්චි කර­නව කියල ඇත­අ­මුන් චෝදනා කර­නවා?

පුළු­වන් නම් මම ඒ විදි­යට බලය පාවිච්චි කළ එක අව­ස්ථා­වක් පෙන්වන්න. මම ඇමති වුණා කියල විනි­සු­රු­ව­රුන්ට ටෙලි­ෆෝන් කරලා කවු­රු­වත් හිරේ දාන්න ගිහින් නැහැ. අධි­ක­ර­ණය තුළදී ටෙලි­ෆෝ­නය නාද වුණොත්, කවුරු හරි අනිසි ලෙස හැසු­රු­ණත් ඔවුන්ට නීතිය මඟින් දඩ ගස­නවා. දේවා­ල­යට ඇත් පැට­වකු ලබා දෙන්නැයි බස්නා­යක නිල­මේ­තුමා මගෙන් ඉල්ලී­මක් කළා. එය ඉටු කරන්න වන­ජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා හරහා කට­යුතු කර­නවා. එසේ නොමැ­තිව කැලේ ඉන්න අලි පැටව් අල්ලලා ඉස්සර වගේ පන්ස­ල්ව­ලට දෙන්න අපි සූදා­නම් නැහැ. නීති­ග­රු­කව හැම දෙයක්ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව ඉටු කිරී­මයි මේ ආණ්ඩුවේ අර­මුණ.

සංවාදය - රසික කොටු­දු­රගේ

අදහස්