ඇමෙ­රි­කාව කියන දේ අප පිළි­ගන්නේ නෑ | සිළුමිණ

ඇමෙ­රි­කාව කියන දේ අප පිළි­ගන්නේ නෑ

කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී  ගාමිණි ලොකුගේ

 එක්තරා පුද්ග­ලික බැංකු­වක් සමඟ චයිනා හාබර් සමා­ගම පව­ත්වා­ගෙන ගිය ගිණු­ම­කින් ඩොලර් මිලි­යන7.6 ක මුද­ලක් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ කට­යුතු සදහා විය­දම් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුව­ත්පත් වාර්තා කර තිබෙ­නවා ?

ඇම­රි­කාව කියන දේවල් අපි පිළි­ග­න්න‍ ­අ­වශ්‍ය නැහැ. ඔප්පු කරන්න සාක්ෂි තියෙ­නවා නම් පෙන්නන්න කියන්න. නිව්යොර්ක් ටයිම්ස් පත්ත­ර­වල තියන දේවල් අපි පිළි­ගන්න ඕනද ? අපි ඇම­රි­කා­වට යට වෙච්ච රටක් නෙමෙ­යිනේ. මානව හිමි­කම් ගිවි­සු­මක් අපිත් එක්කම අත්සන් කරලා අන්ති­මට කිය­නවා ඒක හොර ගුහා­වක් කියලා. ඒ අය කියන කියන දේ අපි පිළි­ගන්නේ මොක­ටද?

අර්ජුන් මහේ­න්ද්‍රන් මහ බැංකු අධි­පති ධුර­යෙන් ඉවත් වූ පසු ඔහු සමඟ තමන් කිසිදු සම්බ­න්ධ­යක් පවත්වා නැති බව අග­මැ­ති­ව­රයා පවසා තිබුණා. ඒ නිසා ලංකා­වට ගෙන්වා ගෙන්වා ගැනී­මට හැකි­යා­වක් නැති බව සද­හන් කර­නවා.

ඒ අය පත් කර ගත්ත අයනේ.

එළැ­ඹෙන ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා දෙනවා නම් අනි­වා­ර්යෙන් ජය­ග්‍ර­හ­ණය කරලා පෙන්න­නවා කියලා සරත් ෆොන්සේකා මහතා සද­හන් කර­නවා.?

රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යා­ගෙන් අහන්න ඕන අපේ­ක්ෂ­ක­ත්වය දෙන­වද ? නැද්ද? කියලා. අපෙන් අහලා වැඩක් නැහැ අපිට නම් පොදු ආ‍පේක්ෂ­කයෝ අවශ්‍ය වෙන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ­යට අලු­තින් එකතු වූ කෙනෙක් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය සදහා ඉදි­රි­පත් වීමට අපේ­ක්ෂ­ක­ත්වය බලා­පො­රො­ත්තු­වෙන් ඉන්න බව කිය­නවා? ඒ අ‍පේක්ෂ­ක­ත්වය පොහො­ට්ටු­වට අභි­යෝ­ග­යක්ද?

කොහො­මද අපිට අභි­යෝ­ග­යක් වෙන්නේ අපිට කිසිදු අභි­යෝ­ගය ක් නොමැති බව පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී අපි පෙන්නුවා. අපිට කිසිදු ප්‍රශ්න­යක් නැහැ පොහො­ට්ටු­වෙන් මහින්ද රාජ­පක්ෂ මහ­ත්ම­යාගේ නාය­ක­ත්ව­යෙන් ආශි­ර්වා­ද­යෙන් ඉදි­රි­පත් කරන නාය­ක­ත්වය අපි පිළි­ග­න්නවා අපිට කිසිදු අභි­යෝ­ග­යක් හෝ කිසිදු ගැට­ලු­වක් නැහැ. ඒ ඉදි­රි­පත් කරන නාය­ක­ත්වය අනි­වා­ර්යෙන්ම ජය­ග්‍ර­හ­ණය කර­නවා. කිසිදු මත­භේද කිසි­වක් නැහැ අපේ පක්ෂය අභ්‍ය­න්ත­රයේ දැන් පරාද වෙන බව දන්නා බොහෝ දෙනෙක් මේ වන විට විවිධ ප්‍රචාර තියෙ­නවා. කවුද පොහො­ට්ටු­වෙන් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට තියන්නේ ඒ අපේ­ක්ෂ­ක­යාට අපි සහ­යෝ­ගය දෙනවා. අපිට කිසිම ප්‍රශ්න­යක් නැහැ හොද නාය­ක­ත්ව­යක් පක්ෂ­යෙන්ම ගොඩ නැඟෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය පොහො­ට්ටු­වට අභි­යෝ­ග­යක් නෙමෙයි කිය­ලද ඔබ කියන්නේ?

අභි­යෝ­ග­යක් කියලා කිසි­සේත් අපි කියන්නේ නැහැ. අභි­යෝ­ග­යක් නොවන බව අපි පෙන්නලා ඉව­රයි. පළාත් සභා ජන්දය කල් දාන්නේ නැතිව ඉක්ම­නින් පව­ත්වන්න.

පොහො­ට්ටුවේ ඇතැම් මන්ත්‍රී­ව­රුන් කිය­නවා ඉදිරි මාස 16 තුළ ඇතු­ළත මේ රජය පෙරළා නොදැ­ම්මොත් මේ රට තවත් විනාශ වෙනවා කිය­නවා. පොහො­ට්ටු­වට සිය­යට 52 බල­ය­ක්වත් නැතුව කොහො­මද ඒ වගේ දෙයක් කරන්නේ?

අපි ආණ්ඩු පෙර­ළන්න ‍ඕන නැහැ වැඩි දව­සක් ‍නොගිහින්ම ජන­තා­වම ආණ්ඩුව පෙර­ළන්න ඕන කියන ස්ථාව­ර­යට එයි. මේ වන විට පළාත් සභා තුනක කාලය අව­සන් වෙලා. ඡන්ද කල් දාන්න පන­තක් ගෙනල්ලා. ජන්දය තියන්නේ නැතුව ඉන්න කොට මිනිස්සු පාරට බහීවි.

මාස දහ­ස­ය­කට කලින් ආණ්ඩුව පෙර­ළු­වොත් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා බව ඇතැම් මන්ත්‍රී­ව­රුන් කිය­නවා. එතුමා අග­මැ­ති­ව­රයා කරන්න පොහො­ට්ටුව පක්ෂ­යට විත­රක් පුළු­වන් වෙයිද ?

පාර්ලි­මේ­න්තුව තුළ විප­ක්ෂය එකතු වුණොත් ආණ්ඩුව පෙර­ළන්න පුළු­වන් වෙයි. ‍ආණ්ඩුව පෙර­ළන්න අව­ස්ථා­වක් ආවොත් අපිත් උදව් කර­නවා. නමුත් අපිට ඕන මැති­ව­ර­ණ­ය­කට ගිහින් ආණ්ඩුව පෙර­ළන්න.

ඇව­න්ගාඩ් මුල්‍ය වංචාව කරන ලද පුද්ග­ල­යන් රටට හෙළි­ද­රව් කළ යුතුයි කියා ඇමැති පාඨලී චම්පික මහතා සද­හන් කර­නවා?

ඒ අයට කියන්න ඕනෑ ඇව­න්ගාඩ් රටට හෙළි­ද­රව් කරන්න කලින් ප්‍රසි­ද්ධියේ ප්‍රකා­ශ­යට පත් කරන ලද චෝදනා සම්බ­න්ධ­යෙන් නිර්දෝෂි භාවය රටට හෙළි­ද­රව් කරන්න කියලා. සුදු රෙද්දක් ඇඳන් හිටි­යට වැඩක් නැහැ රටේ ජන­තාව දන්නවා ඇත්ත.

ආණ්ඩු පක්ෂ­යෙන් නම් කියන්නේ දැන් රටේ තියන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නිසා ඕන කෙනෙ­කුට ඕන මත­යක් කියන්න පුළු­වන් කියලා.

ඒ ගැනත් මේ ර‍ටේ ජනතා ව හොදින් දන්නවා.

අදහස්