අපේ පොසොන් දන්සල | සිළුමිණ

අපේ පොසොන් දන්සල

වෙසක් මාසේ ඉවර වුණු දිනේ සිට පොසොන් දිනය උදා වනතෙක් අප ඇඟිලි ගනිමින් ඉන්නේ. අපේ පවුලේ සැවොම එකතු වෙලා එදින සවසට සුප් හා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දන්සලක් දෙනවා. අපේ නෑදෑ පවුල් පහළොවක විතර හැමෝම එදාට අපේ මහ ගෙදරට එකතු වෙනවා. කලින් ගෙන ආ එළවළු සුද්ද කරලා වතුර බේරෙන්න තියලා හැමෝම එකතු වෙලා එළවළු කපනවා. දවල් දොළහ එක වෙද්දි සුප් එක ළිපේ තියනවා. මේ හැම දේටම පුංචි අපත් එකතු වෙන්නේ හරිම කැමැත්තෙන්.

හවස් වෙද්දි මාතලේ අලුවිහාරේ පන්සල වන්දනා කරන බැතිමතුන් විශාල පිරිසක් අපේ මහ ගෙදර පිහිටා තියෙන පාර ඉදිරිපසින් යනවා. කවටයාමුණ පන්සල තියෙන්නෙත් ඒ අවටමයි. ඒ එන බැතිමතුන් අපේ මිදුලට කැන්දා වාඩි කරවා සුප් දෙනවා. මේ කටයුත්තට අප පවුලේ සැවොම එකතු වෙනවා. සුප් බීපු අය පින් දෙමින් යද්දී අපට දැනෙන්නේ හරිම සතුටක්.

 

බිනුලි ගිහන්සා අබේකෝන්
5 ශ්‍රේණිය ‘ඒ‘,
සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල,
මාතලේ

අනුබුදු උරුමය

බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයි. මෙය ලංකාවාසී සියලු දෙනාටම වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේ ද, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක ද සමඟ බුදුදහම ලංකාවට වැඩම කරවීම හේතුවෙනි. මෙය සිදුවූයේ ඉන්දියාවේ පැළලුප් නුවර අශෝකාරාමයේදී ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වූ තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ය. මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස අද අපේ රටේ ස්තූප හා විහාර රාශියක් වෙයි.

 

එම්.ජී.එන්. ලක්ෂාණි
07 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය,
බළංගොඩ, රත්නපුර.

පොසොන් අසි­රිය

තිස්ස නිරිඳු පිරි­වර හා එන්නේ
දඩ කෙළියේ යන්නට සැර­සෙන්නේ
දුනු ඊතල අත දරාන ඉන්නේ
මුවෙකු පස්සෙ­නුයි හඹාන යන්නේ

එල්ලය බල­මින් දුනු මානන්නේ
‘තිස්ස’ ‘තිස්ස’ හඬ ළඟින් ඇසෙන්නේ
කහ­වත දුටු විට දුණු බිම දමන්නේ
දොහොත් මුදුන් දී පාද වඳින්නේ

ඉත්තිය උත්තිය සම්බල සම­ඟින්නේ
භද්ද­සාල භණ්ඩුක යන අය ඉන්නේ
මිහිඳු සමිඳු මෙහි නායක වන්නේ
තිස්ස රජුට බුදු දහම දෙසන්නේ

මිහිඳු සමිදු රට වෙනස් කරන්නේ
මිහි­න්ත­ලා­වෙන් එය ඇර­ඹෙන්නේ
ගමයි පන්ස­ලයි වැවයි හැදෙන්නේ
සිරි­ලක සව්සි­රි­යෙන් එළි වන්නේ

ඉඳු­රංග ගණ­නාත් හල්කෙ­වි­දාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යා­පන ආය­ත­නය,
කිරි­බ­ත්ගොඩ.


පෝය­දාට පායන සඳ

පෝය­දාට පායන සඳ
කහ පාටට අහසේ මැද
නංගී එක්ක අත්වැල් බැඳ
බල­නවා අපි මිදුලේ ඉඳ

සීත සුළං හමනා විට
ගස් සෙව­ණැලි කළු පාටට
මවන රටා දකිනා විට
හිතට බයක් දැනේ අපට

ආර්.එම්. දිනිති හංසිකා රත්නා­යක
6 ශ්‍රේණිය,
සේනා­ප­තිය ම.වි., අයි­වෙල, බිබිල.


සාදු සාදු අපි පින් දෙන්නේ

තිස්ස රජු සමඟ ආ සෙබ­ළුන් පිරිස
මුවෙකු පසු­පස පැන්නුවේ දඩ­යම පිණිස
මිස්සක පර්ව­තය අස­ලින් දුවන විට
තිස්ස තිස්ස යන හඬ ඇසෙන්නේ රජුට

මිහිඳු හිමි වැඩි පොසොන් දිනේ
සැරසී සුදු වතින් පන්සල වෙත එන්නේ
බෝ රජු දුටු සිත පැහැදෙන්නේ
සාදු සාදු අපි පින්පෙත් දෙන්නේ

ගීත් විශ්වක විජේ­වීර
9 ශ්‍රේණිය, ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යා­ලය, බළ­න්ගොඩ.

අදහස්