පාසල් ජීවි­තය අව­සන් වෙද්දීම ප්‍රේම­යත් අව­සන් වුණා | සිළුමිණ

පාසල් ජීවි­තය අව­සන් වෙද්දීම ප්‍රේම­යත් අව­සන් වුණා

මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘මිතූ‘ ටෙලිනාට්‍ය යේ මියුරු ලෙස රංගනයට එක්වන පුංචි තිරයේ අලුත්ම පෙම්වතා ඔහුයි. නිරූපණ ශිල්පියකු ලෙස මුලින්ම ක්ෂේත්‍රයට පැමිණි ශානක ප්‍රබුද්ධ මිල්ලනියගේ ඉන්පසු ‘ඊනෝ‘ , 'පීසා හට්,' 'මොබිටෙල්', 'සම්පත් බැංකුව' ඇතුළු රූපවාහිනී දැන්වීම් ගණනාවක නිරූපණ ශිල්පියා වෙමින් ජනප්‍රියත්වයට පත්විය.

කොහොමද මියුරුට ලැබෙන ප්‍රතිචාර

මගේ යාළුවෝ ඇතුළු සමීපතමයන් නම් රංගනය හොඳයි කියනවා. ඒත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාලාවලින් සමහර අය මට බනිනවා.

ඇයි ඒ?

මම රංගනයට ආධුනික නිසා මගේ රංගනයේ අඩුපාඩු ඇති

මොකද ඒකට කරන්නේ

ශාන්ත සොයිසා මහතා මට ගුරුවරයෙක් වගේ. ඒ වගේම කැමරා ශිල්පී රොෂාන් අයියා. ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මහත්මිය, ශලනි තාරකා, තිලකරත්න ඩිල්ෂාන් අයියා මගේ අඩුපාඩු හදාගන්න හැම වෙලාවෙම උදව් කරනවා. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන හොඳ රංගන ශිල්පියෙක් වෙනවා.

කොහොමද මිතූ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ

නදීෂා ඉලංගකෝන් අක්කාගේ සැලෝන් එකේ කැෂුවල් වෙයා ෆොටෝ ෂූට් එකක් කළා. ඒ ෆොටෝ දැකලා තමයි ශාන්ත සොයිසා මහතා මට කතා කළේ.

ඔබේ පෞද්ගලික තොරතුරු කිව්වොත්

මගේ වයස අවුරුදු 26 යි. මගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළේ. මේ වනවිට අම්මාත් තාත්තාත් දෙදෙනාම ජීවතුන් අතර නැහැ. ආච්චි ළඟ ඉන්නෙ. මම පාසල් ගියේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයට. උසස්පෙළ ඉවර වෙලා මම ඕස්ට්‍රේලියාවේ Perth වල Edithcowan University එකට ගියා Busines Management Marketing උපාධිය හදාරන්න. දැන් එම උපාධියේ MB එක කරනවා.

ඔබ නිරූපණ ශිල්පියකු වුණේ

2004 වසරේ මම උපාධිය අවසන් කරලා ලංකාවට ආවට පස්සේ. 2013 වසරේ ඉන්දියාවේ පැවැත්වුණු සුපර් මොඩල් තරගයෙන් ජයග්‍රහණය කළා.

ඔබේ පළමු ප්‍රේමය ගැන කතා කරමු ද?

පෙම්වතියක් හිටියා. ඒත් දැන් නැහැ.

ඒ මොකද?

ඒක පාසල් කාලයේ ප්‍රේමයක්. මම වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියා ගියා. පාසල් ජීවිතය අවසන් වෙද්දීම ප්‍රේමයත් අවසන් වුණා.

දැන් ඔබට පෙම්වතියක් නැද්ද?

මට නිරූපණ ශිල්පියෙක් විදිහටත් රංගන ශිල්පියෙක් විදිහටත් ඉදිරියට යන්න ලොකු හීනයක් තිබෙනවා. ස්වාධීන කෙනෙක් විදිහට ඉන්න එක මගේ වැඩ වලට ලොකු පහසුවක්.

කවදාහෝ ඔබ විවාහ වන යුවතිය මොනවගේ විය යුතුද?

එයා මගේ ක්ෂේත්‍රය ගැන ලොකු අවබෝධයකින් ඉන්න ඕන. රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් විදිහට මාව තේරුම් අරගෙන මට විශ්වාසවන්තව ඉන්න ඕන. ඇගේ බාහිර රූපය මම සලකන්නෙ නැහැ. හැදියාව, වැදගත්කම වගේම උගත්කම පමණයි මම සලකන්නෙ.

වඩාත් කැමැති රංගනයටද? නිරූපණයටද?

රංගනයේ නියැලෙන ගමන් නිරුපණය කරන්න කැමැති නිසා මම දෙපැත්තෙන්ම ඉදිරියට යාවි.

 

 

Comments