ගසක් කතා කරයි | සිළුමිණ

ගසක් කතා කරයි

මම උසින් ද මහතින්ද වැඩි විසල් ගසක්මි. මා වටා සිටින මාගේ නෑ හිතමිතුරෝද මාගේ වර්ගයාද මුළු පරිසරයම අලංකාර කරති.

මම ඔබට සෙවණ ආහාරපාන හා ඉන්ධන ලබා දෙමි. අතීත මිනිස්සු මට වැඳුම් පිදුම් පවා කළහ. ඒත් අද ඇතැම් මිනිස්සු මාගේ අගය හරිහැටි වටහා නොගෙන මා කපා දමති.

මා විනාශ කරන මිනිසුනට මම වෛර නොකරමි.

එහෙත් මිහිපිට ජීවත් වන අපේ ශාක පරපුර රැක ගැනීම ඔබේද මතු පරපුර රැක ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස මිනිසුන් වන ඔබ තේරුම් ගත යුතුය.

ආර්. එම්. කවින්මා ඉමන්දි රාජපක්ෂ
4 ශ්‍රේණිය එස්, බී,බෞද්ධ කාන්තා විදුහල,
කොළඹ

Comments