Huawei Carrier Congress 2018 | සිළුමිණ

Huawei Carrier Congress 2018

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයීමේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන Huawei සමාගම , මෙරට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව පත්වන Huawei Carrier Congress 2018 අති සාර්ථක ලෙස මැයි මස 14 සහ 15 යන දිනවලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබීය. Huawei Carrier Congress 2018 හි මේ වසරේ තේමාව වූයේ “යහපත් හෙටක් සඳහා වන මාවත “ යන්නයි. විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම Huawei Carrier Congress 2018 සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙරට ප්‍රවීනයින් මෙන්ම ආයතන රැසක් ද එක්ව සිටියහ.ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනයට Huawei හි දායකත්වය මැනවින් ප්‍රදර්ශනය කරමින් මෙම Huawei Carrier Congress 2018 සංවිධානය කෙරිණ.

මෙම අවස්ථාවේදී 5G, All-Cloud network, video, සහ IoTආදී අංශවල තාක්ෂණය හා විසඳුම් පිලිබඳව Huawei විසින් ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදුකළ අතර විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සිය අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගැනීමටද එකඟත්වය පළ කෙරිණ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ඩොලර් ට්‍රිලියන 23ක වෙළඳ වටිනාකමක් අත්කරගෙන ඇති බවත්, සෑම පාර්ශවයක්ම පාහේ සිය ශක්‍යතා, සබඳතා, ව්‍යාපාර මාදිලි, අත්දැකීම්, සහ සහයෝගිතා ඒ තුළින් වර්ධනය කරගෙන ඇති බවද මෙහිදී අණාවරණය විය.

Huawei Carrier Congress 2018 අමතමින් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ වඩා යහපත් දේ මෙරටට තිළිණ කිරීමට ශ්‍රී ලංකාවේ දුරකථන සේවා සපයන්නන් වෙත අනාගත දිශාව පෙන්වා දීම සඳහා Huawei Carrier Congress 2018 අතිශය වැදගත් වන බවයි. අනාගතයේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සියලු දෙනා සිය තාක්ෂණය හුවමාරු කරගනිමින් කටයුතු කරනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එය මෙරට තාක්ෂණික වර්ධනයට මහත් පිටුබලයක් වනු ඇති බවයි. ස්ථාවර සහ ජංගම දුරකථන ජාලා ඔස්සේ අන්තර්ජාලයට පිවිසීම නුදුරේදීම මූලික අයිතියක් බවටද පත්වනු ඇතිබව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජංගම දුරකථන ග්‍රාහකත්වය 130% ක් වන බවයි. මෙය විදුලි සංදේශ සේවා වල නිරත සමාගම් වලට අතිශය වාසිදායක තත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පවතින ගණන් බැලීම් මත අනාගත විදුලි සංදේශ පාරිභෝගිකත්වය බිලියනය දක්වාපස් ගුණයකින් හෝ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි. එමෙන්ම 3G සහ 4G සේවාවන්හි යටිතල පහසුකම් හා සන්නිවේදන අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයේ පසුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරියේදී 5G තාක්ෂණය හඳුන්වා දීමෙන් පසු වඩා සවිමත් හා ස්ථාවර ලෙස සන්නිවේදන කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බව ද අමත්‍යවරයා පැවසීය .

මෙම අවස්ථාවට එක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා කියා සිටියේ Huawei Carrier Congress 2018 මඟින් මෙරටට අතිශය වැදගත් වන ක්ෂේත්‍රයක ප්‍රමුඛතා හඳුන්වා දීමට අපේක්ෂා කළ බවයි.


ලංකා හොස්පිට්ල්ස් ප්‍රථම Minimally Invasive Lumbar Fusion සැත්කම සාර්ථකයි

කශේරුකාවේ සිදුකරන විශේෂ සැත්කමක් වන Minimally Invasive Lumbar Fusion නම් සැත්කම Navigation Assistant තාක්ෂණය සමගින් සාර්ථක ලෙස සිදුකිරීමට ලංකා හොස්පිට්ල්ස් මෑතකදී සමත් විය. ජාත්‍යන්තර සම්මාන හා පිළිගැනීම් වලින් පිදුම් ලැබූ ප්‍රමුඛ පෙළේ රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස් ආරම්භයේ පටන්ම මෙරටට නවීනතම වෛද්‍ය තාක්ෂණයන් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර මෙම නව සැත්කම හඳුන්වා දීම එහි තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම නව තාක්ෂණයන් මගින්, සාමාන්‍යයෙන් දිගු කාලයක් ගතවන අවදානම්සහගත සැත්කම් වෙනුවට වඩාත් සාර්ථක සහ වියදම් අවම සැත්කම් හඳුන්වා දීමට හැකි වී ඇති අතර එමගින් රෝගින්ට සැත්කමෙන් පසු සුවය ලැබීමට ගතවන කාලය මෙන්ම එම කාලය තුළ ඖෂධ ලබාගැනීමේ අවශ්‍යතාවද අවම වෙයි.

ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන ආකාරයට අස්ථාවර කශේරුකා තත්ත්වයෙන් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා Minimally Invasive Lumbar Fusion සැත්කම භාවිතා කෙරේ. කශේරුකාව අවට පටක ඝන වීම නිසා ඇතිවන මෙම තත්ත්වය ඇතැම් රෝගීන්ට උපතේ සිටමද, ඇතැම් රෝගීන්ට වියපත් වීම නිසාද ඇති විය හැක. මෙමගින් කශේරුකාවේ ස්නායු වලට බලපෑම් ඇතිවී පාදවල පහළ කොටසේ වේදනාව හෝ හිරිවැටීම් ඇතිවීම මෙන්ම මලපහ කිරීමේදී සහ මූත්‍රා කිරීමේ ගැටලූද ඇතිවීමට ඉඩ තිබේ.

මෙම තත්ත්වය දිගු කාලයක් පැවතුණහොත් කශේරුකාව බිඳී යාමේ අවදානමක් මතුවන අතර එවිට කශේරුකාවට ඇණ යොදා සවිමත් කිරීමට සිදුවීමට ඉඩ ඇත. මෙම සැත්කම සඳහා සාමාන්‍යයෙන් දිගු කාලයක් ගතවන අතර ඒ සඳහා රෝගියාට දින 5 ක් හෝ 6 ක් රෝහලේ නැවතී සිටීමටද සිදුවේ. සැත්කමින් පසුව රෝගියාට එහා මෙහා යාම දුෂ්කර වන අතර සුවවීමට දිගු කාලයක් ගතවීමටද ඉඩ ඇත. තවද සැත්කමෙන් පසුව රෝගියාට වේදනාව සහ අපහසුතා මතුවීමට අමතරව නිතර ඖෂධ ගැනීමටද සිදුවේ. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ලොව ඉහළ පෙළේ කශේරුකා විශේෂඥ වෛද්‍යවරු Minimally Invasive Lumbar Fusion ක්‍රමවේදය භාවිතා කරති.


ඕස්ට්‍රේලියාවේ La Trobe ව්‍යාපාරික පාසලෙන් ශ්‍රී ලාංකික සිසුන්ට නව අවස්ථා

ශ්‍රී ලාංකික සිසුන්ට අගනා අවස්ථා රැසක් හිමිකරදෙමින් ඕස්ට්‍රේලියාවේ La Trobe විශ්ව විද්‍යාලයේ(LBU),La Trobe ව්‍යාපාරික පාසලේ ප්‍රධානී සහ පීඨාධිපති මහාචාර්ය ජේන් හැමිල්ටන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් පසුගියදා කොළඹට පැමිණියහ.ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවගේ ඉල්ලීම අනුව La Trobe ව්‍යාපාරික පාසල ඉකුත් ජනවාරියේදී නව පශ්චාත් උපාධි පාඨමාලා කිහිපයක් හඳුන්වාදුනි. ඒ එම පාඨමාලා වේගවත්ව සම්පූර්ණ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරුණේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය. ප්‍රථම උපාධි සහ පශ්චාත් පාඨමාලා සාර්ථකව හඳුන්වාදෙනු ලැබීමට අතිරේකව මෙම නොවැම්බර් බඳවාගැනීම සිදුකෙරෙනුයේ පෙබරවාරි සහ ජූලි මාසවල වාර සඳහා සිදුකෙරෙන බඳවාගැනීම්වලට අමතරවය.

La Trobe ව්‍යාපාරික පාසල මීට වසර කිහිපයකට පෙර තම පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදුන් අතර ශ්‍රී ලාංකික සිසුන් අතර මහත් ජනප්‍රියත්වයක් අත්කරගැනීමට එම පාඨමාලා සමත්විය. ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ අවශ්‍යතා සහ රැකියා වෙළෙඳපොළ නව ප්‍රවණතාවලට ගැළපෙන ලෙස නව විෂයන් හඳුන්වාදීමටද පියවර ගෙන තිබුණි.

නැවත වතාවක් ඕස්ට්‍රේලියාවේ La Trobe ව්‍යාපාරික පාසල වෙතින් 2018 වසරට අදාළව ජනප්‍රිය කාණ්ඩ යේ ප්‍රථම උපාධි මෙන්ම පශ්චාත් උපාධි සඳහා ගාස්තුවෙන් සියයට15,සියයට 20 හා සියයට 25 බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම කුසලතා පදනම් කරගනිමින් පිරිනැමෙන අතර එහිදී සිසුන්ගේ පූර්ව අධ්‍යයන කාර්ය සාධනය සලකා බැලේ. තව ද ලියාපදිංචි වන පිළිවෙළට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවේ.

නව විෂයන් රැකියා වෙළෙඳපොළේ වෙනස්වීම් මෙන්ම උපාධිධාරීන් දැන සිටිය යුතු ව්‍යාපාරික ප්‍රවණතා අනුව යමින් නව විෂයන් හඳුන්වාදීමට ද La Trobe ව්‍යාපාරික පාසල කටයුතු කර තිබේ.

අදහස්