ඉන්ෆ්ලුවෙන්සාව පිට පළාත්වලටත් පැතිරීමේ අවදානමක් | Page 2 | සිළුමිණ

ඉන්ෆ්ලුවෙන්සාව පිට පළාත්වලටත් පැතිරීමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය අනෙකුත් ප්‍රදේශවලද වේගයෙන් පැතිර යෑමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු හඟවයි. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ පරිදි ගාල්ල මාතර යන ප්‍රදේශවල මේ වන විට උණ රෝගීන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණද අනෙකුත් පළාත්වලින් රෝගීන්ගේ වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ මෙම ඉන්ෆ්ලුවෙන්සා A රෝගය ඉතා පහසුවෙන් එක් අයකුගෙන් තවත් අයකුට බෝ වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණද ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්ත්වය නිසා විය හැකි බැවින් මේ රෝග ලක්ෂණ ඇත් නම් වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බවයි.

ගර්භිණී කාන්තාවන්, අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ඇදුම වැනි ස්වසන රෝග හෝ දියවැඩියාව වැනි කල් පවතින රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් මෙන්ම ප්‍රතිශක්තිය හීන වූ අයටද ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳීමේ හා උත්සන්න වීමේ වැඩි අවදානමක් පවතියි.

 

Comments