මෙවර මෑන් බුකර් සම්මා­නය ඔල්ගා ටොකා­ෂුක්ට | Page 2 | සිළුමිණ

මෙවර මෑන් බුකර් සම්මා­නය ඔල්ගා ටොකා­ෂුක්ට

මෙවර මෑන් බුකර් සම්මානය හිමි වී ඇත්තේ පෝලන්ත ජාතික ඔල්ගා ටොකාෂුක් වෙතයි. ඇයට ඒ සම්මානය පිරිනැමුණේ ඇගේ flights නවකතාව වෙනුවෙනි. මේ නවකතාව පළමුවෙන් මුද්‍රණය වූයේ පෝලන්ත බසිනි. 17 වැනි සියවස හා 21 වැනි සියවස අතර මතකාවර්ජනයක් ලෙස දිග හැරෙන මෙහි සැබෑ සංසිද්ධි කිහිපයක් ද ඇතුළත් ය. මේ නවකතාව තවත් හේතු කිහිපයක් නිසා විශේෂ වෙයි. එය කොටස් 16කට බෙදී ඇති අතර ඉන් සමහර කොටසක දිග එක් වාක්‍යයක් පමණී. තවකක් පිටු 50ක් පමණ දුරට විහිදී තිබේ. Bieguni නමින් 2007 දී ලියැවුණු මේ නවකතාව ඉංග්‍රීසියට නඟන ලද්දේ ඇමරිකානු ජාතික පරිවර්තිකාවක වන ‍ජෙනිෆර් ක්‍රෝ‍ෆ්ට් විසිනි.

Comments