තරු නැ‍ඟෙන බැසෙන යාමයේ බලාපොරොත්තු පොදිබඳින්නෝ | සිළුමිණ

තරු නැ‍ඟෙන බැසෙන යාමයේ බලාපොරොත්තු පොදිබඳින්නෝ

සම හැකියාවන් තිබෙන ඒ ආකාරයටම සම ජනප්‍රියතාවයකුත් තිබෙන සුපිරිතම පාපන්දු තරු ත්‍රිත්වයක් එකම යුගයක දී ක්‍රීඩා කිරීම දුලබය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක දී ඔවුන් ක්‍රීඩා කිරීම ඉතා දුලබය. එසේ වුවත් වත්මන් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට එම දුලබ අවස්ථාවන් පිට පිට ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදීම දැක ගැනීමේ වාසනාව උදා වී තිබේ.

ඒ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ බ්‍රසීලයේ නේමාර් නිසාවෙනි. 2014 දී මෙන්ම මෙවරත් එනම් 2018 දීත් ඔවුහු ලෝක කුසලාන තරගාවලියන්ට ක්‍රීඩා කරති. වත්මන් පාපන්දු ක්‍රීඩා ලොව සුපිරිතම තරු ත්‍රිත්වය ඔවුහු වෙති.

ඔවුන් මෙවරත් සිය උපරිම දස්කම් දැක්වීමට සූදානමින් සිටින්නේ සුවිශේෂී වූ සිහිනයන් සැබෑකර ගැනිම වෙනුවෙනි. එනම් ‍ලෝක කුසලානය හිමිකර ගැනීමටයි. මෙම තරු ත්‍රිත්වයම ක්‍රීඩා කරන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් වශයෙනි.

Comments