අමු­ත්තෙක් ඇවිත් | සිළුමිණ

අමු­ත්තෙක් ඇවිත්

එදා නිවාඩු දවසක්. ගේ ළඟ මල් පඳුරේ පුංචි කුරුල්ලෙක් කෑ ගහනවා.

“කිචීක් ! කිචීක්! කිචීක්! ” මෙතෙක් අසා නොතිබුණු හඬක්. මේ අමුතු හඬින් කෑ ගහන කුරුල්ලා කවුදැයි බලා ගන්න මට හිතුණා. සද්ද නොකර ගිහින් ජනේලෙන් එබී බැලුවා.

“මෙයාද මේ. ඇඟේ තරමට නෙමෙයිනේ සද්දේ.” පුංචි දුඹරු පාට අමුතු කුරුල්ලෙක්. පැණි කුරුල්ලෙකුට වඩා ටිකක් ලොකුයි. කොණ්ඩ කුරුල්ලෙකුත් නොවෙයි. මං මීට පෙර දැකලා නැහැ. හරිම හුරුබුහුටුයි. මල් පඳුරේ පහතට එල්ලුණු අත්තක එල්ලිලා පැද්දෙමින් කෑ ගහන්නේ හරිම සතුටින්. එයා ඉන්න තැනට උඩින් පුංචි කුරුලු කූඩුවක්. මෙයා මෙච්චර සතුටින් කෑගහන්නේ ඒකයි. නැති වෙලාවක ගිහින් බලන්න ඕනෑ. මං හිතා ගත්තා.

ඒ කුරුලු කූඩුවේ තිබුණේ එකම එක බිත්තරයයි. ළා නිල් පාටයි. හැබැයි ටිකක් ලොකුයි. කුරුල්ලාගේ තරමට නම් බිත්තරය ලොකුයි කියලයි මට හිතුණේ.

එදා පටන් මං මෙයා ගැන විපරමෙනුයි හිටියේ. මීළඟ සති අන්තේ කුරුල්ලාගේ සද්දෙ ඇහුණේ නෑ. කූඩුවනම් තියෙනවා. මං ගිහින් බැලුවා.

“අනේ ! බිත්තරේ නෑ. පැටියෙක් එළියට ඇවිත් ඉගිළ යන්න කාලයකුත් නැහැ. බිත්තරේට මොකද වුණේ?” මගේ හිතේ ඇති වුණේ දුකක්.

නවීෂා කුලරත්න

8 ශ්‍රේණිය ‘ඩී’,

අනුලා විද්‍යාලය,

කොළඹ

අදහස්