විශ්‍රාමික ඔබට ප්‍රශංසා පැකේජය | සිළුමිණ

විශ්‍රාමික ඔබට ප්‍රශංසා පැකේජය

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසියාටා සමාගම, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් රාජ්‍ය සේවය උදෙසා අපරිමිත මෙහෙයක් කළ, අපේ දෙගුරුන් සඳහාම වෙන්වූ ජංගම දුරකථන පැකේජය වන Dialog ප්‍රශංසා පැකේජය හඳුන්වාදී ඇත. අප රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටදඩිජිටල් සේවාවන් හි ප්‍රතිලාභ හිමිකරදීම මෙන්ම, සහනදායි ගාස්තුවකට ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් තාක්ෂණයේ පහසුව අත්විදීමේ අවස්ථාව හිමිකර දීම Dialog ප්‍රශංසා පැකේජය හඳුන්වාදීමේ අරමුණයි.

රු.398/- ක් තරම් සුළු ගාස්තුවකට ලබාගත හැකි මෙම පැකේජයත් සමග නවතම 4G ස්මාර්ට්ෆෝන් එකක්ද හිමි වේ. එම පැකේජයෙන් Dialog සම්බන්ධතා අතර නොමිලේ විනාඩි 200ක කතා කාලයක්ද SMS 300ක් ද හිමන අතර රෝමිං, IDD සහ VAS සඳහා විශේෂ වාසි ලබාගත හැක. තවද ප්‍රශංසා පැකේජයෙන් ආසිරි රෝහලේ සෞඛ්‍ය සේවා රැසක් සඳහා ද, සරසවි පොත් හල් සහ Doc990 සේවාවෙන්ද විශේෂ දීමනා හිමිවනු ඇත. මෙම පැකේජය ලබාගන්නා ඔබට මූලික ගෙවීමක් නොමැතිව 4G සහ VoLTE පහසුකම සහිත නවතම ස්මාට්ෆෝන් එකක් ලබාගත හැකි අතර, මාදිලි රැසක් අතරින් තමන් කැමති මාදිලියක ස්මාර්ට්ෆෝන් එකක් තෝරාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත ලබාදී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා සමාගමේ ජංගම විදුලි සංදේශන අංශයේ ව්‍යාපාර ප්‍රධානී, අසංග ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය Dialog ප්‍රශංසා ජංගම දුරකථන පැකේජය, රාජ්‍ය සේවය උදෙසා කැප වූ අපේ දෙගුරුන් වසර ගණනක් පුරා අපගේ රට වෙනුවෙන් කරන ලද සේවය අගයමින්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්ව හඳුන්වාදෙන ලද අසමසම සේවාවක්. මෙම පැකේජය මගින් පිරිනැමෙන පහසුකම් මගින් ඔවුන්ට ඩිජිටල් ක්‍රමවේදයන්ගෙන් මෙන්ම සම්ප්‍රදායික ක්‍රම මගින්ද වඩාත් පහසුවෙන් තම ආදරණීයයන් සමග සම්බන්ධවීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.

Dialog ප්‍රශංසා පැකේජය සඳහා ලියාපදිංචි වීමට විශ්‍රාමිකයන් කළ යුත්තේ ඔබේ ජාතික හැඳුනුම්පත, පදිංචිය තහවුරු කිරීම සඳහා බිල්පතක් සහ විශ්‍රාමික හැඳුනුම්පත සමග ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිස, ඊට අදාළ අයදුම්පත සම්පූර්ණ කිරීම පමණි.

අදහස්