ජර්මානු ජනරජ සම්මානය ඩීමෝ සභාපතිවරයාට | සිළුමිණ

ජර්මානු ජනරජ සම්මානය ඩීමෝ සභාපතිවරයාට

ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේදී මෙම සම්මානය පිරිනැමීම සිදුකෙරින.

මෙම ගෞරව සම්මාන පිරිනැමීම වර්ෂ 1951 වසරේ එවක ජර්මානු ජනාධිපති තියඩෝර් හෙයුස් විසින් ආරම්භ කළ අතර සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ ඒ අංශවලින් දක්ෂතා දැක්වූ සුවිශේෂි පුද්ගලයින් වෙත පමණක් මෙම ගෞරව සම්මානය පිරිනමනු ලබයි. ජර්මානු නායකයා විසින් පිරිනමන මෙම ගෞරව සම්මානය මඟින් අපේක්ෂා කරන්නේ සමාජයේ ප්‍රගමනය සඳහා මෙහෙවරක් ඉටු කළ පුද්ගලයින් වෙත සමස්ථ සමාජයේ අවධානය යෙමු කරවීමයි. මෙම ගෞරව සම්මානය දේශපාලන, ආර්ථික, සමාජයීය වෘත්තීය යන ක්ෂේත්‍ර වල සහ සමාජ සේවා, පුණ්‍යාධාර පරාර්ථකාමී මෙහෙවර කෙරෙහි කැපවූ ජර්මානු ජාතිකයින් වෙත සහ විදේශිකයින් වෙත පිරිනැමීම එහි සම්ප්‍රදායයි.

Comments