අක්මාවේ විෂහරණයට ස්වභාවික ආරක්ෂකයක් | සිළුමිණ

අක්මාවේ විෂහරණයට ස්වභාවික ආරක්ෂකයක්

සිරුරේ දෙවැනි විශාලතම ඉන්ද්‍රිය අක්මාවයි. රුධිරයේ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගෙන කාබොහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන් ජීර්ණය, රුධිරය කැටි ගැසීම නියාමනය හා ඖෂධ, හෝර්මෝන, ක්ෂුද්‍රජීවීන් හා ඇල්කොහොල් ආදිය පෙරා රුධිරය පිරිසිදු කිරීමද අක්මාවේ කාර්යයන් අතර වෙයි. මුඛයෙන් ශරීරගත වන සියලු දෑ ජීර්ණය කිරීමේ වැදගත් මෙහෙයක් ඉටු කරන අවයවයක් වශයෙන් අක්මාව හානියට පත්වීමේ අවදානම අධිකය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2014දී ශ්‍රී ලංකාවේ අක්මා රෝග හේතුවෙන් මියගිය ගණන 3349කි. මෙරට නාගරික ජනගහනයෙන් 35%ක් අක්මා රෝගවලින් පෙළෙයි. දිගු කාලීන ඖෂධ භාවිතය, අධිකව මත්පැන් භාවිතය, අයහපත් ආහාර පුරුදු, පරිසරයේ විෂ රසායනිකයන්ට නිරාවරණය වීම, ආතතිය හා අධික වෙහෙසීම හේතුවෙන් අක්මාවට හානි සිදු විය හැකිය.

1956 සිට ක්‍රියාත්මක දිවයිනේ විශාලම ඖෂධ නිෂ්පාදනාගාරය වන ඇස්ට්‍රෝන් සමාගම වෙළෙඳ පොළට නිකුත් කරන හීලින් හර්බ්ස් ලිවොක්ස් අක්මාවේ ආරක්ෂාවට සහ විෂහරණයට ලොව පිළිගත් ශාඛ සාර සංයුතියකින් යුත් ශ්‍රී ලංකාවේ එකම කැප්සියුලයයි. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරන ස්භාවික මිල්ක් තිසල්ස් ආටිචෝක් සහ කහ ශාඛ සාර අඩංගු හීලින් හර්බ්ස් ලිවොක්ස් නිර්මාංශිකයන් සඳහා ද සුදුසුය. දින 90ක් පුරා හීලින් හර්බ්ස් ලිවොක්ස් භාවිතයෙන් අක්මාවේ සෞඛ්‍ය වර්ධනය වී අක්මාවේ ක්‍රියාකාරීත්වය අලුත් කරයි. එමෙන්ම මේද අවශෝෂණය හා ජීර්ණය ද, අක්මාව මෙන්ම පිත්තාශය පිරිසිදු කිරීමද සිදු වේ. බඩ පිපුම නවතන අතර සිරුරේ බරද අඩු කරයි. අක්මා දුර්වලතා, අක්මාවේ මේද තැන්පත් වීම, නිතර මත්පැන් භාවිතය ආදියෙන් සිදුවන හානිවලට ද මනා සුව දෙන ඔසුවකි. හීලින් හර්බ්ස් ලිවොක්ස් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඔසුවකි. එය නිපදවන්නේ ISO 22000 සහ WHO-GMP, HACCP යන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවය.

අදහස්