උද­ය­කාන්ත ගේ ග්‍රන්ථ ද්වයක් 25 වැනිදා එළි­දකී | සිළුමිණ

උද­ය­කාන්ත ගේ ග්‍රන්ථ ද්වයක් 25 වැනිදා එළි­දකී

 ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය විසින් රචිත ‘වස්සානයේ සඳ‘ නවකතාව සහ වස්සානයේ සඳ සිනමා නිර්මාණයේ තිර රචනය ලබන 25 වැනි දින පස්වරුවේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. උදයකාන්ත වර්ණසූරිය මහතා විසින්ම අධ්‍යක්ෂණය කළ වස්සානයේ සඳ සිනමා නිර්මාණයේ කතා සංකල්පය පාදක කරගනිමින් රචනා කර ඇති වස්සානයේ සඳ නවකතාව ඔහු මුද්‍රණයෙන් එළි දක්වන දෙවැනි නවකතාව වන අතර මීට ප්‍රථම ඔහු යකඩ පිහාටු නමින්ද නවකතාවක් ද ‘පායා එන්න හිරු සේ ‘ සිනමා නිර්මාණයේ තිර රචනයද ග්‍රන්ථ ලෙසින් එළිදක්වා ඇත.

සිනමා නිර්මාණ 21 ක් අධ්‍යක්ෂණය කර ඇති උදයකාන්ත වර්ණසූරිය මහතාගේ 22 වැනි සිනමා අධ්‍යක්ෂණය ‘වස්සානයේ සඳ‘ සිනමා නිර්මාණයේ මංගල දර්ශනයද මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උළෙලට සමගාමීව ලබන 25 වැනි දින කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ. වස්සානයේ සඳ නව කතාව සහ වස්සානයේ සඳ තිර රචනය ග්‍රන්ථ ද්විත්වයම සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ ප්‍රකාශනයකි.

Comments