මිහිර ගෙනෙන පැඟිරි කුලයේ ජමනාරං | සිළුමිණ

මිහිර ගෙනෙන පැඟිරි කුලයේ ජමනාරං

පැඟිරි කුලයේ ශාකයක් වන ජමනාරං ගෙවතු වගාවකට එක් කර ගත හැකි රසවත් පලතුරු බෝගයකි. දේශීය වෙළෙඳපොළ තුළ පවතින ජමනාරං ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට තවමත් දේශීය වගා කරුවන් සමත් වී නැත. එහෙයින්ම ජමනාරං ආනයනය කරනුයේ විශාල වශයෙනි. ජමනාරංවලින් පිළියෙල කර ගන්නා ලද පානයක් පිපාසය සංසිඳුවීමට හැකි රසවත් හා පෝෂණීය පානයකි. ජමනාරං සඳහා වඩාත් හිතකර තෙත් කලාපයේ දේශගුණයයි. එහෙත් අන් ප්‍රදේශයන්වලද සාර්ථකව ගෙවතු බෝගයක් ලෙස ජමනාරන් වගා කළ හැකිය. ජලය හොඳින් බැස යන කාබනික පසක් වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. බොහෝ ගෙවතු වගාවල ජමනාරන්වලින් හොඳ අස්වැන්නක් නොලැබීමට එක් හේතුවක් නම් මැනවින් සූර්‍යාලෝකය බෝගය සඳහා නොලැබීමයි. මල් හට ගැනීමට දෙමසක පමණ කෙටි වියළි කාල පැවතීමද අවශ්‍ය වේ. තවද අස්වැන්නේ ගුණාත්මක බව කෙරෙහි අස්වැන්න නෙළන අවධියද බලපායි. නිසි කළ අස්වැන්න නෙළන්නේ නම් ඵලවල යුෂ අඩු වේ.
 

Comments