තේ කොප්පයේ වේග කුණාටුවෙන් වැඩි ගෞරව ජපානයට | සිළුමිණ

තේ කොප්පයේ වේග කුණාටුවෙන් වැඩි ගෞරව ජපානයට

 ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ ස්පෝර්ට් රයිසිං සමාගම එක්ව සංවිධානය කරනු ලැබූ ‘ටී කප්’ පාපැදි සවාරියේ වැඩි ගෞරව ජපන් ධාවකයන් විසින් දිනාගනු ලැබුණේය. අදියර තුනක් යටතේ පැවැති මෙම තරගාවලියේ අදියර තුනේම වැඩි ගෞරව දිනාගැනීමට ජපාන ක්‍රීඩකයන් සමත්වූහ. කිලෝ මීටර් 350.9ක දුරකින් යුතුව පැවැති මෙම තරගාවලියේ මුල් ස්ථානය දිනාගනු ලැබුවේ පැය 7 විනාඩි 45යි තත්පර 4කින් තරගය නිමකළ කිනැන්ග් පාපැදි සමාජය නියෝජනය කළ නකජිමා යසුභාරු ප්‍රථම ස්ථානය දිනාගත්තේය.

පැය 7 විනාඩි 45 තත්පර 4කදී තරගය නිමකළ කසකස්ථානයේ විනෝ ඇන්ටනා පාපැදි ක්‍රීඩා සමාජයේ ඇස්ටෆ්යෙව් ස්ටෙෆාන් දෙවැනි ස්ථානයත් පැය 7 විනාඩි 45 තත්පර 19 කදී තරගය නිමකළ ජපානයේ ටීම් යුක්යෝව් ක්‍රීඩා සමාජයේ හිරට්සුකා සොෂිමිට්සු තෙවැනි ස්ථානයත් දිනාගත්හ.

තරගය අවසන් කළ පළමු දස දෙනා අතර ජපානයට හා කසකස්ථානයට ස්ථාන තුන බැගින් හිමිව තිබිණි. මෙම තරගයේ පළමු අදියර කිලෝ මීටර් 132ක දුරක් සහිතව පාසිකුඩා සිට මහියංගනය දක්වා පැවැත්විණි.

එහිදී නකජිමා යසුබාර, ඇන්ටෆ්යෙව් ස්ටෙෆාන් හිරට්සුකා යොෂිම්ට්සු පිළිවෙලින් පළමු, දෙවැනි හා තෙවැනි දිනාගත්හ.

මහියංගණයේ සිට මහනුවර දක්වා වූ කිලෝ මීටර් 90.9ක දුර ගෙවා එහි ජයග්‍රහණය කසකස්තානයේ විනෝ ඇස්ටානා ක්‍රීඩා සමාජයේ තෙපොම්යාඩ්සි සෙව්ගිනි දිනාගත් අතර දෙවැනි ස්ථානයද එම ක්‍රීඩා සමාජයේ කැම් ෂේව් අමාන්ටද තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඔලිටර්ස් රයල් ෆුඩ්ස් ක්‍රීඩා සමාජයේ වයිට් නිකලස්ටද හිමිව තිබිණි.

මහනුවර සිට මීගමුව දක්වා කිලෝ මීටර් 128ක දුරක් සහිතව පවත්වන ලද තෙවැනි අදියර ප්‍රංශයේ ටීම් ෆ්‍රාන්ස් ඩිපෙන්ඩ් කණ්ඩායමේ සාලේ මොහොමඩ් හරීෆ් දිනාගත් අතර දෙවැනි ස්ථානය කසකස්ථානයේ විනෝ ඇස්ටනා ක්‍රීඩා සමාජයේ ඇන්ටෆ්යේව් ස්ටෙෆාන්ට හිමිවිණි. එහි තෙවැනි ස්ථානය හිමිවූයේ සමස්ත ශූරතාව දිනාගත් ජපානයේ කිනැන්ග් කණ්ඩායමේ නකජිමා යසුහාරුට හිමිවිණි.

පැය 8 විනාඩි 2 තත්පර 17 කාලයක් වැය කොට තරගයේ 30 වැනි ස්ථානය දිනාගත් රමේෂ් විරාත් අප්පුහාමි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඉහළම දක්ෂතාව දැක්වූ ක්‍රීඩකයා විය.

 

අදහස්